බැඳුම්කර බෑනාගෙන් සුපිරි නිවාස සහ වාහන, හර්ෂ නීලකාස හොරෙක්

හර්ෂගේ පුත්‍රයා සේවය කළේ බැඳුම්කර විකුනන සමාගමක් වූ  කැපිටල් එලායන්ස් ආයතනයේය . ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධනගේ පුත්‍රයා සේවය කළේ එම සමාගමේය.   

එජාප ආන්ඩුවේ බැඳුම්කර විකුනුම් කොන්ත්‍රාත්තුව  ලැබුනේ අර්ජුන් මහේද්‍රන්ට අයත් පර්පචුවෙල් ට්‍රේෂරීස් සමාගමටය. කොන්ත්‍රාත්තුව පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට ලැබුනු විට හර්ෂගේ පුත්‍රයා සහ විණිසුරු ප්‍රසන්නගේ පුත්‍රයා වැඩ කළ කැපිටල් එලායන් ආයතනය බංකොලොත් ගැට්ටට වැ‍ටුනි.

එම අවස්ථාවෙදී හර්ෂ බැදුම් කර ගණුදෙනුවට අදාල රහස්‍ය තොරතුරු කිලි මහරාජාට දුන්නේය. පක්ෂයේ අභ්‍යන්තර රහස්  කිලීගේ අතට දුන්නේය. හර්ෂ හීන්සීරුවේ ප්‍රසන්න ජයවර්ධනත් කීලී ලගට ‍රැගෙන ගියේය. කිලී අතට රහස්‍ය තොරතුරු පත්වීමත් සමග එදා මෙදා තුර ඉතිහාසයේ බිහිසුනුම බල කුමන්ත්‍රණය දියත් විය.

කිලී, සිරිසේන බලල් අතත් ලෙස යොදා ගනිමින් කුමන්ත්‍රණය දියත් කළේය . බැදුම්කරය ගැන සෙවීමට ජනපති කොමිසමක් පත්කලේය. එහි සභාපති ලෙස ප්‍රසන්න ජයවර්ධන පත්කලේය. රනිල්ට ශොට් එක දීම ඔහුට බාර කළේය. රනිල්ගේ පු‍ටුව  සජිත්ට දීමට  නියමිත විය .  අර්ජුන් මහේන්ද්‍රන් හිරේ දමා  මහ බැංකු අධිපති ධූරය හර්ෂට දීමට සැලසුම් කළේය. ප්‍රසන්න ජයවර්ධනට අගවිණිසුරු ධූරය දීමට එකග විය

නමුත් කිසිවෙකු නොසිතූ පරිදි රනිල් බැදුම්කර කොමිසම හමුවට පැමිණ සිය නිර්දොෂී භාවයට කරුණු ඉදිරිපත් කළේය. කිලීගේ සැලසුම අසාර්ථක විය. ඒ සමගම උන්හිටි තැන් අහිමි වූ හර්ෂ සහ පුත්‍රයා බැදුම් කර බෑනා සමග ඩීල් එකකට ගියේය. ඇලෝසියස්ගෙන් මොනැක් සුපිරි නිවාස සංකීර්ණයේ නිවාසයක් සහ නවීන රේන්ජ් රෝවර් ජීප් රථය ලබා ගත්තේය.

රටම උඩු යටිකුරු කරන මෙම තොරතුරු සාක්ෂි සහිතව හෙලිදරව් කිරීමට ආන්ඩුව සූදානමින් සිටියි.