සජිත් නව සංධානය ජනගත කළේ සිරිසේනගේ උල්පන්දම් නිසා

2019 ඔක් මස 10 වන දින පොහොට්‍ටුව සහ නිදහස් පක්ෂය ගිවිසුමක් මාර්ගයෙන් සංධාන ගත විය . ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය නිල වශයෙන් ජනපති අපේක්ෂක ගෝඨාභයට ලබා දීමට නියමිත විය. නිදහස් පක්ෂයට ලක්ෂ 15 ක ඡන්ද ප්‍රමාණයක් ඇතැයිද එය ගෝඨා වෙනු වෙන් ලබාදෙන බවට පාරම් බෑහ. ගිවිසුම අනුව මහින්ද සහ සිරිසේන සම තත්වයේ තැබූහ , පක්ෂයේ නිල තල වලින්  30% නිදහස් පක්ෂයට දිය යුතු විය. පොහොට්‍ටුව සහ නිදහස් පක්ෂය එක්ව නව සංධානයක් බිහි කිරීමට නියමිත විය. ගිවිසුම අත්සන් කළේ බැසිල් රාජපක්ෂ ඉදිරියේය.

බැසිල් රාජපක්ෂ යනු ගණන් ඉලක්කම් ගැන තිතට දන්නා දේශපාලකයෙකි. බැසිල් ගණන් හදා   සිරිසේනගේ නිදහස් පක්ෂයට චන්ද ලක්ෂයක් නැති බව කීවේය. එසේ නම් ඡන්ද ලක්ෂයක් නැති සිරිසේනගේ පක්ෂය සමග ගිවිසුම් ගත වූයේ ඇයි ?

බැසිල්ට අවශ්‍ය වූයේ  විධායක ජනපති සිරිසේන  සජිත් සමග එකතු වීම වැලක් වීමය. අවසන් මොහොත  තෙක් විධායක ජනපති ධූරය දරන සිරිසේන කොන්ට්‍රෝල් කර ගැනීම බැසිල්ගේ එකම ඉලක්කය විය . බැසිල් නිදහස් පක්ෂය සමග ගිවිසුම් ගත වූයේ ඒ වෙනුවෙනි .

බැසිල්ගේ උපක්‍රමය ගැන සිරිසේනටද ඉව වැටී නොතිබුනා නොවේ. සජිත්ගේ පොලොන්නරුවේ පැවති ‍රැස්වීමේදී කථා කිරීමට අදාල කථාවද සිරිසේන ලියාගෙන තිබුනි. නමුත් ගෝඨා ගේ ජයග්‍රහනය  බැලූ බැල්මටම පැහැදිලි වූ නිසා  සහ පවුලේ උදවිය සිරිසේන වැලක්වූ නිසා ඔහු සජිත්ගේ වේදිකාවට ගොඩ නොවුනි.

පොහොට්‍ටුවේ ජයග්‍රහනයෙන් පසු සිරිසේන බලු නොවටින තැනට වැ‍ටුනි. පොහොට්‍ටුව සහ නිදහස් පක්ෂය එක්ව  බිහි කිරීමට යෝජිත නව සංධානය කුණු කූඩයට දැමුවේය. රජ්‍ය ආයතන වල සිටි සිරිසේනගේ ගෝලයන් එලවා දැමුවේය. රාජ්‍ය උත්සව වලට ආ සිරිසේන වාහනයෙන් බස්සවා පයින් යැව්වේය . සිරිසේන හිත් වේදනාවට නිදහස් සැමරුම පවා වර්ජනය කළේය.

සිරිසේන මේ වන විට සජිත්ගේ නව සංධානයට උල්පන්දම් දෙමින් සිටියි . සජිත් නව සංධානයක් ජනගත කළේ සිරාගෙන් හයියක් ලැබෙන බවට කිලී දුන් සහතිකය නිසාය . සජිත්ගේ පුංචි මොළයටද එසේ දැනීමෙහි අරුමයක් නැත . මේ සිරිසේනගේ වැඩ කිඩ වලින් දශමයක් !

1. ජන 8 ඡන්දය දුන් හැට දෙලක්ෂයක ජන හදවත් පලා ලුනු දැමීම

2. එදා මෙදා තුර ඉතිහාසයේ ලොකුම අල්ලස ගැනීම

3. ජල කාන්දුවක් සහිතව මොරගහ තැන්න ඉඳි කොට, ගොඩබිම් විශාලතම සුනාමිය සදහා මග පෑදීම .සිරිසේන මෙම ජලාශය ඉඳිකළේ  භූ විද්‍යාඥයන්ගේ අවවාද නොසලකමිනි.

4. පාස්කු ප්‍රහාරයට රට බිලි දී විශාල ජීවිත  ගනනක් අහිමි කිරීම, පන ගසා නැගිට ආ ආර්ථිකය නට්ටං  කිරීම

5. මරා සමග එක්ව රටේ මුදුන්මල්කඩ වන් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් අගමැති ධූරය මංකොල්ල කෑම

One thought on “සජිත් නව සංධානය ජනගත කළේ සිරිසේනගේ උල්පන්දම් නිසා

  1. Kanthi udawatte

    - Edit

    If the voters r sensible emough they ll not send him to the parliament to represent Polonnaruwa people.

Comments are closed.