
සිරිසේන පසුගියදා පොලොන්නරුවේදී කී උකුසු කථාව කාගේත් අවධානයට ලක්විය. එම කථාවෙන් පසු සිරිසේන සජිත්ගේ සංධානයට එක් විය හැකි යයි බොහෝ දෙනා සිතූහ. සජිත්ගේ නව සංධානය කල එළි බසිත්ම එජාප උපනායක රවි කරුණානයක අත්අඩංගුවට ගැනීමේ සූදානමක් වාර්තා විය. රවි අත් අඩංගුවට ගැනීම දක්වා නීතිපති මෙහෙය වූයේ සිරිසේන යයි කථාවක් විය. රවිගේ කේස් එක ගැන ගැන ගෝඨා සිටින්නේද කිසිවක් නොදන්නා පරිදිය.
මහින්ද සහ ගෝඨා අතර බල අරගලය දිනෙන් දින උග්‍ර වෙමින් ඇත . 2/3 ලබාගෙන 19 අහෝසි කිරීම ගෝඨාගේ ඉලක්කය වෙයි.නමුත් එම සිහිනය සැබෑ කර ගැනිමට බැසිල්ගේ මහින්දගේ නාමල්ගේ තල්ලුවක් නොලැබෙයි. ගමට යන දේශපාලනඥයන්ගෙන් ලැබෙනේද සෘනාත්මක ප්රතිචාරයකි. මූලික පොරොන්දු ඉටු නොකිරීම ජනයාගේ කෝපයට හේතු වී ඇත . පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට දඩුවම් කිරීම, විදේශයන්ට විකුනූ දේපල යලි අත්පත් කර ගැනීම , මහ බැංකු හොරුන් අත් අඩංගුවට ගැනීම ප්‍රධාන පොරොන්දු විය.
මැතිවරණයට පෙර පන්සල් ගානේ යමින් ඉහත සදහන් ආකාරයේ පොරොදුන්දු දුන්නේ ගෝඨා සහ ඔහුගේ ගෝලයින්ය. ඒවා ඉටු නොකර ජනයා හමුවට යා නොහැක. පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් කිසිවෙකු අත් අඩංගුවට ගත නොහැක . සිරිසේන ඉන්නේ ගෝඨා සමගය, රිෂාඩ් ඉන්නේ ගෝඨා සමගය. තවද පාස්කු ප්‍රහාරයේ මහ මොළ කරු ගෝඨාය . කරුණු එසේ හෙයින් පාස්කු ප්‍රහාරය යටගහනවා මිස උඩට ගත නොහැක . විදේශ රට වලට විකුණු කිසිවක් යලි අත්පත් කර ගත නොහැක. කළ හැකි එකම දේ මහ බැංකු බැඳුමකරය තොරොම්බල් කිරීම පමනි.
හීන් නූලෙන් ගේම් දීම කළාවක් නම් ගෝඨා එහි පිකාසෝය. රවී අත් අඩංගුවට ගැනීමේ මහ මොළ කරු ගෝඨාය. ගෝඨා හීන් නූලෙන් එකී මෙහෙයුම සිරිසේනට භාර කළේය.සිරිසේන දප්පුල හරහා වැඩේ ගානට සෙට් කළේය. පෙරලන බාල්දිය ගැන සජිත් සහ කිලී මහරාජාද දැනුවත් කළේය . අනතුරුව පොළොන්නරුවට ගොස් මං පොර වීමට උකුසු කථාවක්ද කීවේය. සිරිසේනගේ වහසි බස් වලට රැවටුන සජිත් අලියා එපා කියා නව සංධානය ජනගත කළේය
ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ නොහැකි වුව හොත් ඉතිහාසයේ කුණුබක්කිය උරුම වන බව ගෝඨා දනී . එජාපය දෙකඩ කොට 2/3 සැබෑ කර ගැනීම ගෝඨාගේ ඉලක්කය වී ඇත.
දැන් සිරිසේන ගෙවන්නේ එදා වේල ජීවිතයකි. ඔහු එක කකුලක් ගෝඨාගේ පිලේත් අනෙක් කකුල සජිත්ගේ පිලේත් තබා ගෙන සිටියි. සිරිසේන ගෝඨාට පූට්ටු කරන්නේ නලීන්ද සිල්වා කල්ලිය විසිනි . 19 අහෝසි කිරීම ඔවුන් සියල්ලගේ අරමුන වී ඇත. සිරිසේන උකුසු කථා කියන්නේ ගෝඨාගේ පුර්ණ අනුදැනුම මතය . මැතිවරණය පෙර සිරිසේන සජිත්ගේ පිළ සමග එක් වන්නේ නැත. සිරිසේන කරන්නේ එජාපය දුර්වල කිරීමේ කොන්ත්‍රාත්තුවය. මේ සියල්ල මෙහෙය වන්නේ ගෝඨා විසිනි
සජිත් ඉටු කරන්නේ සිරිසේනගේ කොන්ත්‍රාත්තුවක් යයි කියනවාට වඩා , සජිත් ගෝඨාගේ ඉත්තෙකු වී ඇතැයි තේරුම් ගැනීම යෙහෙකි