කුමන්ත්‍රණය සිරිසේනගේ – රවි කියයි

සිරිසේන එජාපයේ බලය බලය ඇලීම සදහා බැඳුම්කරය කෙමනක් ලෙස යොදා ගත් බව රවි පැවසුවේය. මිට ඉහතද තමා බිත්තියට හේත්තු කිරීමට සිරිසේන උත්සාහ කල බව රවි කීවේය

මැතිවරණය කැඳවීමත් සමගම තමන් අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයාට නියෝග ලබාදීම පැහැදිලිවම දේශපාලන කුමන්ත්‍රණයක් යැයි ද ඔහු පැවසීය.

රවි මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය කළේ පර්ලීමේන්තු වරප්‍රසාද වලට මුවා වී නොව පාර්ලීමේන්තුව විසිරුවා තිබියදී ඉන් පිටත සිට වීම විශේෂයකි.

තමන් මුදල් ඇමැති ධුරය දැරූ සමයේ කිසිදු බැංකුවක් තමන් යටතේ නොතිබූ බවද පවසන ඔහු එනිසා බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව කියා සිටියේය.

සිරිසේන යනු එක් පයක් ගෝඨාගේ කඳවුරේත් අනෙක සජිත්ගේ කඳවුරේත් තබාගෙන සිටින නරියෙකි.

සිරිසේන තමා පත්කළ නීතිපති දප්පුල හරහා රවි හිර කරන්නේ හේතු 2ක් මතය

  1. සජිත් ප්‍රේමදාසට එජාපයේ බලය ඇල්ලීම පහසු කිරීම සදහා – සජිත් සමග ඩීල් එක
  2. එජාපය දුර්වල කොට ගෝඨාභයට 2/3 බලයක් ලබා ගැනීම සදහා – ගෝඨා සමග ඩීල් එක

සජිත් – චමිපික එජාපය දිය කර හැරීමේ වැඩ පිළිවෙලක නිරතව සිටින අවස්ථාවක එහි උපනායකයා අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයේ ගෙල සිඳීමකි