පාස්කු ප්‍රහාරයේ තිත්ත ඇත්ත

පාස්කු ප්‍රහාරය ගැන හෝඩුවාව දුන් පලමු පුද්හලයා මොහොමඩ් තස්ලිම්ය. ඔහු කබීර් හෂීම්ගේ සම්බන්ධීකරණ ලේකම් කෙනෙකු විය.  සහරාන් පිළිබදව  දැන ගත් තොරතුරු මුලින්ම කීවේ  කබීර් හෂීම්ටය  ” ඉතින් ඇයි මට කියන්නේ”   කබීර්ගෙන් ලැබුනේ එවන්  පිළිතුරකි.

තස්ලීම් බුදු පිළිම හානි කිරීම ,වනාතවිල්ලුවේ පුහුණු කඳවුර ගැන තොරතුරු දැන සිටියේය . සිදුවීමට යන ව්‍යවසනය වටහා ගත් ගමේ වැඩිහිටියන් පෙබරවාරි 21 දින සහ්රාන්ගේ කල්ලිය ගැන පොලීසියට ඔත්තුව දුන්නේය. ඒ සමග පොලිස් පරීක්ෂක මාරසිංහ යටතේ විශේෂ කන්ඩායමක් මාවනැල්ලට ආවේය .

බුදු පිලිම කැඩූ සහරාන්ගේ කල්ලිය  අත් අඩංගුවට ගත්තේය.පුත්තලමේ ත්‍රස්ත කදවුර පෙන්වූයේ මොවුන්ය. දින 2 කට පසු සහරාන්ගේ කල්ලිය තස්ලීම්ට වෙඩි තැබුවේය.

‘’ඔය මිනිහට මම කීව ඔව පොලිසි ගානෙ කියන්ඩ යන්ඩ එපා කියලා’’ , තස්ලීම් වෙඩි කෑ පුවත සැලවු කබීර් කීවේය.

මාවනැල්ලෙන් සහ පුත්තලමෙන් අල්ලා ගත් සැකකරුවන්ට ඉතා කෙටි කාලයක් තුල ඇප ලැබුනි. ඔවුන්ට ඇප ලැබුනේ කබීර් හෂීම් සහ රිෂාඩ් බදුර්දීන් පොලීසියට කල බලපෑම් නිසා බව දැන් හෙලි වීඇත . පුත්තලම රිෂාඩ්ගේය , මාවනැල්ල කබීර්ගේය

මන්නාරම මුහුදු කොටි නායකයෙකු වූ තම්බි අන්නා රිෂාඩ්ගේ මිතුරෙකි . රිෂාඩ්ගේ දුව අධ්‍යාපනය ලබන්නේ බැංගලෝර් විශ්ව විද්‍යාලයකය. රිෂාඩ් නිතර එහි යන අතර ඒ සෑම අවස්ථාවකම තම්බි අන්නා හමු වී ඇත. සහ්රාන් ඉන්දියාවේ සිටි කාලය තුල ඔහුට නවාතැන් සපයා ඇත්තේ තම්බි අන්නා විසිනි.

මිෆ්ලාල් මව්ලවි ගෝඨාගේ ගජයෙකි. රිෂාඩ්ගේද ගජයෙකි . අත්අඩංගුවට පත්වූ මුස්ලිම් තරුණයන් ඉන්ටවිවි කොට  ඔවුන්ට වද හිංසා කල බවට වීඩියෝ පට නිර්මානය කළේ මිෆ්ලාල් මව්ලවීය. මුස්ලිම් ජනයා  එජාපයෙන් වෙන් කිරීම එහි අරමුන විය.Full stop to 70 years deception තේමාව යටතේ මුස්ලිම් චන්ද වර්ජනය කරන කැම්පේන් එක මෙහෙය වූයේ  මිෆ්ලාල් මව්ල්වීය , ඊට ගෙවීම් කළේ රිෂාඩ්ය . වරෙක රවුෆ් හකිම් මැරීමට කන්ජිපානි ඉම්රාන්ට කොන්ත්‍රාත්තුවක් දුන්නේ මිෆ්ලාල් මව්ලවීය.

ජනාධිපතිවරණයට පෙර කබීර් හෂීම් කිහිප වරක් ගෝඨා හමු වි තිබුනි. සජිත්ගේ සියලු රහස් ගෝඨාට දුන්නේ කබීර්ය. ගෝඨාගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවණය අභිමුවේ ගෑස් හිගයක් ඇති කළේ රිෂාඩ්ය . කබීර් සහ රිෂාඩ්  යනු ගෝඨාගේ ගෝලයන් දෙදෙනෙකි.එය අද ඊයේ ඇති වූවක් නොවේ

පසුගිය දා පාස්කු ප්‍රහාර  විමර්ෂණ කමි‍ටුව හමුවේ කෙස් කෙලින් කරන තොරතුරු රාශියක් හෙළිදරව් විය. කොතරම් වැදගත් තොරතුරු හෙලිදරව් වුවද පාස්කු ප්‍රහාරයේ ඇත්ත  යට යනවා මිස උඩ එන්නේ නැත. මක්නිසාදයත් එහි මහ මොළකරුවා නන්දසේනය