
යහපාලන ආණ්ඩුව හාස්‍යජනක විගඩමක් බවට පත් කිරීමට හේතුවූ එක නායකයකු වෙනුවට නායකයන් දෙදෙනකු සිටීමේ අවලස්සන සාධකය වර්තමාන ආණ්ඩුවටත් අදාළය. බැසිල්, නාමල් , මහින්ද එක බලකේන්ද්රයකි. ගෝඨා සහ ජාතික බලවේග තවත් බලකේන්ද්රයකි.
අද දේශපාලන වේදිකාවේ අප දකින බොහෝ ජවනිකා වල පසු බිම කථාව මෙකී බල අරගලය වටා ගෙතී ඇත. රනිල්, සිරිසේන , චම්පික , සජිත් රාජපක්ෂ බල ක්‍රීඩාවේ ඉත්තන්ය . සුදර්මන් , කපිල චන්ද්‍රසේන , රවි කරුනායක එහි වින්දියන්ය . රාජපක්ෂලා කරන්නේ ඉත්තන් අදිමින් ජනයා ගොනාට ඇන්ද වීමය
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කළ පමණින් රටේ සිදුවන සියලු වැරදි අවසන් වී ලංකාව ලස්සන සිංහල බෞද්ධ දේශයක් බවට පත්වනු ඇතැයි ඒ බොහෝ දෙනකු කල්පනා කළේය
ජාතික බලවේග එක හඬින් ගෝඨාබයට සහයෝගය දැක්වූයේය. බෞද්ධ භික්ෂූන් ගෝඨා වෙනුවෙන් පෙනී සිටියේය . ෆෙස්බ් බුක් , ටුවිටර් , ඉන්ස්ටග්‍රෑම් ගිණුම් හිමි තරුණ තරුණියන් ගෝඨා වෙනුවෙන් කැම්පේන් කළේය .
මිනිසුන්ට සත්‍ය වැටහෙන්නේ දැන්ය ගෝඨා වෙනුවෙන් කැම්පේන් කළ සමාජ ජාලා ක්‍රියාකාරිණිය දැමූ සටහන පහතින් කියවන්න