නාමල්ගේ ජීවිතය අනතුරේ – ඉන්සයිඩ් ස්ටෝරි ඔෆ්ද මැදමුලන හවුස්

පාලකයෙකුගේ අනාගතය  තීන්දු කරන්නේ  පළමු දින 100 යයි පිළිගැනීමක් ඇත.ට්‍රම්ප්ගේ පළමු දින 100 අසාර්ථක එකක් විය  . ගෝඨාගේ පළමු දින 100 අසාර්ථක බව පසුගියදා  ඔහු  විසින්ම පිලිගත්තේය.  ඇමරිකානු මාධ්‍යවේදියෙකු ට්‍රම්ප්ගේ පළමු දින 100 ගැන ‘ගින්දර සහ වියරුව’නොහොත් ‘ෆයර් ඇන්ඩ් ෆියුරි – ඉන්සයිඩ් ද ට්‍රම්ප් වයිට් හවුස්‘ නමින් පොතක් ලියුවේය.එහි අන්තර්ගතය වහා ගිණි ගන්න සුළු විය. ට්‍රම්ප් නීතිමය ක්‍රියා මාර්ග ගනිමින්  පොත තොටිල්ලේදීම මරා දැමීමට උත්සාහ කළද එය අසාර්ථක විය.

ට්‍රම්ප්  මෝඩයෙකු  බව පසක් කළ පලමු දින 100

ට්‍රම්ප් සම්බන්ධයෙන් සතුටු වීමට හැකි යම් දෙයක් තිබුනේ නම්, එයද දවා හළු කිරීමට පොත සමත් විය. ට්‍රම්ප්ගේ ප්‍රතිරූපය යලි පිළි සකර නොකළ හැකි සේ බිඳ වැ‍ටුනි. ශ්‍රේෂ්ඨ අමෙරිකාවක් තැනීමට පැමිනි ට්‍රම්ප් විකාරරූපී මෝඩයෙකු බවට පත් විය. ගූගල් සෙවුම් යන්ත්‍රයට “මෝඩයා” ediot යන වචනය ඇතුළු කළ විට ට්‍රම්ප්ගේ  ඡායා රූප දිස් වන තරමට තත්වය බරපතල විය. ගූගල් සමාගම දේශපාලන කුමන්ත්‍රණයක් සිදු කරන්නේ යයි කියා ට්‍රම්ප් නඩු මගට බැසීම දක්වා තත්වය දුර ගියේය.

අඳුරු අනාගතය

පලමු දින 100යේ  අසාර්ථකත්වය  ට්‍රම්ප්ගේ  මුළු  අනාගතය අඳුරු කළේය. ට්‍රම්ප් දෝෂාභියෝගයට ලක් වූ බව ප්‍රකට කරුනකි. ඊට වඩා අපවාදයක් පසුගියදා වාර්තා විය. ට්‍රම්ප්ගේ තුන්වැනි ප්‍රතිපත්ති ප්‍රකාශ දේශනය පෙබ 3 පැවැත් විය. දේශනයට පෙර එහි මුද්‍රිත පිටපත් සියල්ලන්ට ලබා දී තිබුනි .දේශනය අවසන්  වන අවස්ථාවේ කතානායිකා නැන්සි පෙලෝසි මුද්‍රිත පිටපත දෙකට ඉරා දැමුවාය. වචන විරහිත ඇයගේ ප්‍රතිචාරය ලෝකය උඩු යටිකුරු කිරීමට සමත් විය. ඇමෙරිකන් ජනාධිපති වරයෙක්  මෙවැනි අපවාදයකට ලක් වූ ප්‍රථම අවස්ථාව එය විය.

යහපාලන රජයේ සහ ගෝඨාගේ අසාර්ථකත්වයට බලපෑ ප්‍රධාන සාධක

ගෝඨා ජනාධිපති ධුරයට පත් කළ පසු ලස්සන දේශයක් බිහිවනු ඇතැයි බොහෝ දෙනෙකුගේ කල්පනාව විය. ජනයා 2015 දී  යහපාලනය  ගැන  සිතුවේද  එලෙසිනි. ජනතා අපේක්ෂා  බොද වීමට බලපෑ ප්‍රධාන හේතු 2කි.

1. නිසි වැඩ පිළිවෙලක් නොමැති වීම.

2. ජනපති සහ අගමැති අතර වූ බල අරගලය

මුල කුණුවූ පරිපාලනය

රටක  ප්‍රගමණය රදා පවතින්නේ රාජ්‍ය යාන්ත්‍රණය මතය.  ගෝඨා  රාජ්‍ය යාත්‍රණයට පුද්ගලයන් පත් කළේ අවිචාරවත් ලෙසිනි. මින් අදහස් කළේ පත්කළ නිළධාරීන්ගේ පැටිකිරිය ගැටළු සහිත බව නොවේ , නමුත් පත් කළ නිලධාරීන් ගෙන් වැඩ ගැනීමට ගෝඨාට  දැක්මක් නොතිබීමය  . හුදෙක් පත්වීමේ ලිපි ලබා දුන්නා මිස  පත්වීම ලබන්නා  සාක්ෂාත් කළ යුතු ඉලක්ක දුන්නේ නැත.  ඉලක්ක හඹා යන ක්‍රියාකාරී සැලසුම්  ඉල්ලුවේ නැත. අධීක්ෂණය කරන ක්‍රම වේදයක් ( Key performance indicator ) සැකසුවේ නැත. චිචීගේ නැන්දම්මා පත් කළේ මම නොවේ යයි කීම හරසුන් කථාවකි. වරද ඇය පත් කිරීම නොව ඇයගෙන් වැඩක් ගැනීමට ගෝඨාට දැක්මක් නොමැති වීමය. 

අයාලේ යන රාජ්‍ය යාත්‍රණය

කමල් ගුණේ ආරක්ෂක ලේකම් ලෙස පත් පත් කළේ ගෝඨාය. ඕනෑම රටක ජාතික ආරක්ෂාවේ සහ සංවර්ධනයේ බලගතුම අවිය  ජනවර්ග අතර සංහිදියාවයි. පුදුමයි නමුත් ඇත්තය.  ලංකාවේ සංවර්ධනයට ඇති ලොකුම බාදාව ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිදියාව යයි කමල් ගුණේ කීවේය. The biggest obstacle to the development of this country is democracy and reconciliation . මූල්‍ය ආයතනයක් ලාභ ලබන්නේ පොලී ආදායමෙනි . එහෙයින් එහි  ප්‍රධානියා කිසි දිනක ණය දීම හෙලාදකින්නේ නැත. එසේ වුව හොත්  ඔහුට තම ඉලක්ක කරා යා නොහැක . ඔහුට ‍රැකියාවද අහිමිවනු ඇත. නමුත් ගොං කථා කී කමල් ගුණේට ගැටලුවක් නැත . ඉන් පැහැදිලි වන්නේ කමල් ගුණේ ආරක්ෂක ලේකම් ලෙස පත් කලා මිස ඉලක්ක ලබාදී නැත , ඉලක්ක වෙත ලගාවන ක්‍රියාකාරී සැලසුම් ඉදිරිපත් කිරීමට ඔහු බැදී නැත, අධීක්ෂණ ක්‍රමවේද නැත . ගෝඨාගේ පරිපාලනය අකාර්යක්ෂම බවට මෙය හොද උදාහරණයකි

උකුසු ගැහිල්ලේ හොදම එක

රාජපක්ෂලා සිය සමගිය ගැන ලස්සන චිත්‍රයක් පෙන්වුවද ඇත්ත කථාව ඊට වෙනස්ය. ලොකුඅප්පච්චිගේ දේශපාලන බලය කොල්ල කෑමට ගොස් මහින්ද හිරේ විලංගුවේ වැ‍ටුන බව , බැසිල්ගේ ප්‍රජාඅයිතිය අහෝසි වූ බව ඉතිහාසයෙන් වසන් කළ නොහැක. මෑතකදී සිරිසේන ”උකුසු ගැහිල්ලක්” ගැන කථාවක් කීවේය . උකුසු ගැහිල්ලේ හොදම එක දැකිය හැක්කේ පැජට් පාරේ නොව මැද මුලනය. උකුසු ගැහිල්ලේ හොදම එක ගැහුවේ සිරිසේන නොව ගෝඨාය. ඔහුගේ උකුසු ගැහිල්ලෙන් මැදමුලන  පමනක් නොව රටටම හොල්මන් විය.

ගෝඨාගේ දේශපාලන ආගමනය වියත් මග නොවේ

යුද්ධය අවසන් වී ටික කාලයක් ගත වෙත්ම ගෝඨා සිය දේශපාලන ආගමනයට  පසුබිම හැදුවේය. ගෝඨා දේශපාලනය පටන් ගත්තේ මිලිටරිය තුලිනි. හමුදා අනදෙණ රේඛාව ඉදිරි වර්ෂ 10 පුරා තමාට නතු වන සැලසුමක් ගෝඨා දියත් කළේය. එල්.ටී.ටී.ඊ සැකකරුවන් බුද්ධි අංශයට බදවා ගත්තේය. ගෝඨාගේ දේශපාලනයේ  යටිබිම්ගත කොටස ක්‍රියත්මක කළේ මොවුන්ය. ගෝඨාගේ දේශපාලන සම්ප්‍රාප්තිය  සනි‍ටුහන් කරමින් 2012 දී ”යුව රජා ඔබ  ” ගීතය නිර්මාණ විය. නාමල්ගේ කෝපය  නිසා  ගීතය යට ගියද ගෝඨා සිය දේශපාලන ව්‍යාපෘතිය හකුලා ගත්තේ නැත. ගොදුර ඩැහැ ගැනීමට කල වේලාව එන තෙක් බලා සිටියේය.

2015 න් පසු රාජපක්ෂ දේශපාලනය

රාජ්‍ය නායකයෙකුට මැතිවරණ පරාජයක් යනු ලෝක අපවාදයකි. එවැනි පරාජයක් හමුවේ නොසැලී සිටිය හැක්කේ විශිෂ්ඨයන්ට පමනි. පරාජය වී ඊලග පැයේදී මහින්ද දේශපාලන  සටන පටන් ගත්තේය. මහින්ද මැදමුලන ජනේලයේ එල්ලී පටන් ගත් සටනට විමල් වීරවංශ නව ජවයක් එක් කළේය . ” මහින්ද සුළග ” ලෙසින් ඔහු එය රට වටා ගෙන ගියේය. 2015 පරාජයත් සමග රාජපක්ෂ දේශපාලනය ප්‍රධාන දේශපාලන පෙරෙමුණු 3 ක් යටතේ ප්‍රතිසංවිධානය විය.

1.මහින්ද සුළග 2.බැසිල්ගේ පොහොට්‍ටුව 3. ගෝඨාගේ වියත්මග

මහින්ද සුළග හයි ජැක් කළ බැසිල්

මහින්ද සුළග  රට වටා යනවා දු‍ටු  බැසිල් ලංකාවට ආවේය . බැසිල් ,  මහින්දට  වඩා දුරවබෝධ විය. බැසිල් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පිහි‍ටු වමින් මහින්ද සුලග හයි ජැක් කළේය. 2018 වසරේ පැවැත්වූ පලාත් පාලන මැතිවරණයේදී විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට බැසිල්ගේ පක්ෂය සමත් විය. නමුත් එම ජයග්‍රහණයේ රහස විමල් වීරවංශ කරළියට ගෙන ආ මහින්ද සුළග විය. පලාත් පාලන මැතිවරණයෙන් ලද ජයග්‍රහණයත් සමග  වීරයා කිරුළ බැසිල්ට මාරු විය. නමුත් එය රදවා ගැනීමට බැසිල්ට නොහැකි විය.  බැසිල් උකුසු ප්‍රහාරයකට ලක් විය

ගෝනි සෙල්ලම් කලාවක් නම් ගෝඨා පිකාසෝය

ගෝනි සෙල්ලම් කලාවක් නම් ගෝඨා පිකාසෝය . ගෝඨා වියත් මග හැදුවේය.  වියත්මගට එජාප ආන්ඩුවෙන් කිසිදු ප්‍රතිරෝදයක් නොවීය. වියත් මගට බාල්දි පෙරලුවේ මහින්ද ,නාමල් සහ බැසිල්ය. ගෝඨා ජනාධිපති අපේක්ෂකයා කිරීමේ බලාපොරොත්තුවක් බැසිල්ගේ හෝ මහින්දගේ තුන් හිතකවත් නොවිනි.ගෝඨා ජනාධිපති අපේක්ෂකයා කියන අයට අවඥාවෙන් සිනාසුනේය. වියත් මග රට වටා ගියද  මහින්ද සුළග සහ බැසිල්ගේ පෙරමුණ අභිබවා ඒමට නොහැකි විය. නමුත්  පාස්කු ප්‍රහාරය පැවති තත්වය  ගෝඨාට වාසි වන අයුරින් වෙනස් කළේය . මහින්ද  සහ බැසිල් හැදූ දේශපාලන ‍රැල්ල ගෝඨා එක ‍රැයකින් තමන් වෙත හරවා ගත්තේය.

ව්‍යවස්ථාව  උල්ලංඝණය කිරීම

ගෝඨා 69 ලක්ෂයක ජනවරමක් ලද බව සත්‍යකි . නමුත් ව්‍යවස්ථාව නීතියේ මුදුන්මල්කඩ වෙයි . හැට නම ලක්ෂයක නොව දෙකෝටියක ජන වරමක් ලැබුවද ව්‍යස්ථාවට ඉහලින් යා නොහැක.19 වැනි සංශෝධනය අනුව රාජ්‍ය පාලනයේ සුක්කානම මහින්ද සතුය. කැමති වුවද අකමැති වුවද ගෝඨා යනු මහින්ද  යටතේ වැඩ කළ යුතු පියන් කෙනෙකි. නමුත් එකී යතාර්ථය තේරුම් ගැනීමට සංහිදියාවක් ගෝඨා තුල නොවුනි. එපමනක් නොව ගෝඨා තමන් වෙත නැති බලයක් ආරූඩ කර ගනිමින්  අගමැති මහින්ද ගත යුතු තීන්දු ක්‍රියාත්මක කළේය. ගෝඨාගේ ව්‍යව්ස්ථා විරෝධී ක්‍රියා මහින්ද ඉවසා සිටියද නාමල් එසේ නොවුනි. ගෝඨා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බව නාමල් කෙලින්ම කීවේය.

මීලග උකුසු ප්‍රහාරය එල්ල වන්නේ නාමල්ටද ? මහින්දටද?

නාමල් සාධකය නිසා මහින්ද ගෝඨා අතර මත ගැ‍ටුම තීරනාත්මක සංධිස්ථානයකට පැමිණියේය. 19  අහෝසි කළ හොත් අයියා පියන් වෙයි. එසේ නොවුන හොත් මල්ලී පියන්ය. 19 අහෝසි කිරීමට නම් පාර්ලීමේන්තුවේ 2/3 අවශ්‍යය. එය දුෂ්කර වන හෙයින් මල්ලී පියන් වීමට වැඩි ඉඩක් ඇත. ඊලග පාර්ලීමේන්තුවේ නාමල්ට හිමිවිය යුතු ස්ථානය පිළිබදව මහින්ද ඉදිරිපත් කරන කොන්දේසි වලට ගෝඨා එකග නැත. මීට දින කිහිපයකට පෙර කාල්ටන් නිවසේදී  මහින්ද සහ ගෝඨා හමුවක් විය. එම සාකච්ඡාවේ අවසන් කොටස කොතරම් උණුසුම් වීදයත් මහින්ද තමන් වාඩිවී සිටි පු‍ටුව පොළවේ ගසන තැන දක්වා දිව ගියේය. රාජපක්ෂ නිවස යලිත්  උකුසු ප්‍රහාරයක් අභිමුවට පැමිණ ඇත. එය ලේ වැගිරීමක් වුවද විය හැක.

උපුටා ගැනීම ලංකා ඊ නිවුස්