හේමා පොළොවේ හැපෙමින් සජිත්ට බැන වදී

සමඟි ජන බලවේගයේ  මූලස්ථානය  අද දින එනම් (9) උත්සවා කාරයෙන් විවෘත්ත විය. උත්සවය සදහා පළමු ආරධනාව ලැබී ඇත්තේ හේමා ප්‍රේමදාසටය. සජිත් සිය මෑනියන් වෙනුවෙන් විශේෂ ආරාධනා පත්‍රයක් පිළියෙල කළේය. මෑනියන්ට ආරාධනා පත්‍රය බාර දීමත් සමග නොසිතූ විරූ කලබගෑනියක් සිදුව ඇත.සජිත්ගේ තීන්දුව ගැන හේමා මහතේ සේ කැළඹීමට පත් වූවාය.පුපුවට ගසා ගනිමින් හඬා වැ‍ටුනාය.

‘‘උඹ දැන ගනින් මම හේමා ප්‍රේමදාස. උඹගෙ අළුත් පක්සෙට ගෙනියන්ඩ වෙන්නෙ හේමා ප්‍රේමදාස නෙවෙයි , හේමගෙ මිනිය,  උඹෙ තාත්තා මේ පක්ෂය හදන්ඩ කරපු කැප කිරීම උඹ දන්නෙ නැති වුනාට මම දන්නව. තාත්තා මේ පක්ෂය හැදුවෙ ලෙයින් , දහඩියෙන් කඳුලින්. අවසානයේ මහපාරේ මැරිලා ගියේ පක්ෂය වෙනුවෙන්. අර මිනිහා ( කිලී මහරාජා ) උඹව විනාශ කළා. උගේ බිස්නස් උස්සගන්ඩ ඌ උඹව බිල්ලට දුන්නා, දැන්වත් තේරුම් ගනින්, ඔය මිනිහයි අර ගැනියි (ජලනි ) නිසා තමා උඹ විනාශ වෙන්නේ.”හේමා සිය වේදනාව පහව යන තෙක් සජිත්ට බැන වැදී ඇත

සජිත් එජාපයෙන් ඉවත් කරවීම සඳහා කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බවත් සමීපයේම සිටින පුද්ගලයින් ඊට හවුල් බව හේමා  පසු ගිය කාලයේ නිතර කීවාය . සජිත් බේරා ගැනීමට මැදිහත් වන ලෙස ඇය එජාපයේ ජේෂ්ඨයන් කිහිප දෙනෙකුගෙන් ඉල්ලා තිබුණි.

තවද, අළුත් පක්ෂය  පිහි‍ටුවීම ගැන හේමා,සජිත්ට වඩා ජලනී කෙරේ කෝපයෙන් පසුවෙයි. හේමා ප්‍රේමදාස මැතිවරණයට පෙර  ඉන්දියාවේ ප්‍රකට ජොතීර්වෙදියෙකුගෙන් සජිත්ගේ හදහන බැලුවාය . සජිත්ට ජාති භෂ්ඨ යෝගයක් උදාවී ඇති බව කියා තිබුණි. එමනිසා ජන්ම රාජ යෝගය බල හීන වී ඇති බව ඔහු පෙන්වා දී  තිබුණි. ජාති භෂ්ඨ යෝගයක් යනු කර්මානු රූපීව සසර ගනුදෙනු පියවන සහකාරියගේ හෝ සහකරුගේ අගතිගාමී කලකිරියාව නිසා අනෙකා  විනාශ වීමය. සජිත් විනාශ වන්නේ ජලනී නිසා  යයි හේමා කියන කථාව ප්‍රසිද්ධ රහසකි.

සජිත් මීට වසර කිහිපයකට පෙර එජාපයේ බලය ඇල්ලිම සදහා පිරිසක් සමග සිරිකොතට ගල් ගැසුවේය . ගල් ගැසීම නිසා වෙහෙසට  පත් වන්නන්ට බත් පැකට් සහ සිසිල් පැන් බෙදීමට දුලංජලී පැමිණියාය . නමුත් සමඟි ජන බලවේගයේ  මූලස්ථානය  විවෘත්ත කිරීමේ උත්සවයට දුලංජලී පැමින සිටි බවක් දකින්නට ලැබුනේ නැත. ( අප වාර්තාකරු සෙනග පීරමින් ඇය සෙවූවද සොයාගත නොහැකි විය)