දප්පුල ඇදගෙන නෑමට යයි !

2015 මහින්ද පරාජය වීමත් සමග ඔහුට වැඩියෙන්ම අවලාද නැහුවේ එතෙක් ඔහුට පුද සත්කාර කළ වන්දිබට්ටයන්මය. නමුත් මහපොලොවේ  සම්මත නියාම කියා දෙයක් ඇත. එය යටපත් කිරීම   දිය යට ආයාසයෙන් රදවාගෙන සිටින රබර් බෝලයක් බදුය. කොතෙක් යටපත් කළද සම්මත නියාමය  මතුවීම මිස  ගිලීම නොවේ.

ලංකා නිවුස් ඇප් මෙරට දේශපාලනයේ විවේචනය නොකල දේශපාලනඥයෙකු නොමැති තරම්ය. මේ වන විට බැඳුම්කර සිද්ධිය දේශපාලන කරලිය උණුසුම් කොට ඇත , අධිකරණය වරෙන්තු නිකුත් කොට ඇත . රනිල් රවි සහ බැඳුම්කරය ගැන නොලියන්නේ මන්ද යන්න බොහෝ දෙනෙකු විමසා සිටින පැණයකි.

එවක අගමැති රනිල් ත්‍රී පුද්ගල විණිසුරු මඩුල්ල හමුවට කැදවීම  සහ රවි මුදල් ඇමති ධූරයෙන් ඉල්ලා අස්වීම බැඳුමකර සිද්ධියේ උච්චතම අවස්ථාව විය. එම අවස්ථාවෙදී ලියුම්කරු බැඳුම්කරය ගැන රවීගෙන විමසා සිටියේය. රවි ඊට දුන්නේ මෙවන් පිළිතුරකි.

බැඳුම්කර ගනුදෙණුව මම කළා නම් රටේ  ආර්ථිකයත් ගොඩ, පක්ෂයත් ගොඩ, අතර මැදි කම්පැනිත් ගොඩ කියා ඔහු පිළිතුරු දුනි. ( එනම් ..,බැඳුම්කර විකිනීම තමා කලේනම් මේ ආකාරයෙන් හත්පොලේ ගාගන්නේ නැති බවයි .)

රනිල් -සිරිසේන ආරෝව සමස්ථ පරිපාලනය අච්චාරුවක් කළේය. රවි මුදල් ඇමති වුවද වාණිජ බැංකු කබීර් යටතේ විය. මහ බැංකුව තිබුනේ මලික් සහ රනිල් යටතේය. බැඳුම්කර ගණුදෙනුව සිදු වූයේ එවැනි පසු බිමකය .

මුදල් ඇමති ධූරයට පත් එකම  වරලත් ගණකාධිකාරවරයා රවීය. චූදිත පර්පෙචුවල් ට්‍රෙෂරීස්  ආයතනයේ බිලියන 12 අත්හි‍ටුවා එය මහජනයා සතු කලේ විමර්ශන කොමිසම හමුවේ රවි කළ විශ්ලේෂණය අනුවය. බැඳුම්කරය දඩමීමා කර ගනිමින්  රවි ගස් යැවීමට  දත කෑම සිරිසේන සහ දප්පුල ඇදගෙන නෑමකි.

සජිත් , රවි , චම්පික සහ සිරිසේන 94 බල පෙරළියත් සමග කරළියට පැමිණි පිරිසකි. සිරිසේන සහ චම්පික 20 වසරකටත් වඩා මෙරට  ප්‍රභල ඇමති ධූර දරා ඇත. නමුත් කළ දෙයක් නැත. චම්පික නැනෝ තාක්ෂණය , කෘතීම බුද්ධිය , 5G  ගැන කළ කතා මිස වැඩ නැත. ගාමිනි හැදූ මහවැලිය කෑවේ සිරිසේනය . ලංකාවේ ලොකුම අල්ලස ගත්තේය . මොරගහකන්ද ගොඩ බිම් සුනාමිය හැදුවේය. සිරිසේන යනු ඉතිහාසය පුරා කේලාම් කියමින් , කොටවමින් ගේම් ගැසූ කුප්පයෙකි . හැට දෙලක්ෂයක හදවත් පැලූ අමනයෙකි. රවි  මුදල් ඇමති ලෙස සිටි කෙටි කාලය තුල රාජ්‍ය  සේවක වැ‍ටුප  රු 10000කින් වැඩි කළේය. තව බොහෝ වැඩ කළේය.

රාජපක්ෂවාදී සමාජ ජාලා රවිගේ සිද්ධියෙන් ආනන්දයට පත් වූයේ නැත. රවි අත් අඩංගුවට ගැනීම ගැන උද්දාමයට පත් වූයේ සජිත්වාදීන් සහ චම්පිකගේ කුලී ලියන්නන් පමනි. කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විට කියා කථාවක් ඇත.  දප්පුලගේ බැදුම්කර චෝදනාව රවි සෙලවීමට තියා අලගු තැබීමට වත් ප්‍රමාණවත් නැත. රවීට වැරදුනේ නැත. වැරදුනේ රවි මග හැර ගිය පාක්ෂිකයන්ටය, පාපී මිතුරන්ටය . රවිගේ මයිල් ගසකටවත් හානියක් නැත.

දප්පුල තව නොබෝ දිනකින් විශ්‍රාම යනු ඇත. කුප්ප සිරිසේනට ඉතිවන්නේ ඇඳි වත පමනි .චම්පික සජිත් සෙනෙහස කල් පවතින්නේ නැත. සජිත් නංනත්තාර වන්නේ චම්පික අතිනි . නමුත් මුදල් ඇමති ලෙස  පත්වන ඊලග වරලත් ගණකාධිකාරීවරයාද  රවීමය . දෛවය සරදම් කාරයෙකි.  විභූතිය වරෙන්තුවක් ලෙසද පැමිණිය හැක