අප්‍රියෙල් 21 ට පෙර සිරිසේන අත්අඩංගුවට

පාස්කු බෝම්බය පිළිබද මේ දක්වා ඉහල මට්ට්මේ  විමර්ශන 2ක් සිදු කොට ඇත . පසුගිය  රජය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා එක් විමර්ශනයක්  කළේය. ගෝඨාභය ජනපති වූ පසු පාස්කු ප්‍රහාරය විමර්ශනය කිරීමට  විශේෂ ජනාධිපති කොමිසමක් පත් කළේය.

ෆොන්සේකා , රවි, හකීම්, ජවිපෙ නලින්ද ඇතුලු පිරිසක් පාර්ලීමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයන් විය. සිරිසේන පාස්කු ප්‍රහාරයට වගකිව යුතු බව එම වාර්තාවේ  පැහැදිලිවම දක්වා තිබුනි.

ගෝඨා පත් කළ විශේෂ  ජනාධිපති විමර්ශනය හමුවේද සිරිසේනට එරෙහිව බරපතල සාක්ෂි ලැබුනි. විශේෂයෙන් හේමසිරි ප්‍රනාන්දු, පූජිත් ජයසුන්දර සහ හිටපු බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන ලබා දුන්නේ  සිරිසේනගේ බෙල්ල යන සාක්ෂිය. එම වාර්තාව අනුවද සිරිසේන වරදකරුවෙකු වනු ඇත . ඒ අනුව ඉහලම මට්ටමේ විමර්ෂණ 2කින් සිරිසේන වරදකරු කොට ඇත.

විශේෂ  ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව තව නොබෝ දිනකින් ගෝඨා අතට පත් වීමට නියමිතය. එමෙන්ම තව දින කිහිපයකින් පාස්කු ප්‍රහාරයට වසරක් පිරීමට නියමිතය. පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් තරාතිරම නොබලා අත් අඩංගුවට ගන්නා බව මැතිවරණයට පෙර ගෝඨා  කීවේය. තමා පත් කළ කොමිසමේ වාර්තාව ලැබුනු පසු සහ එහි සිරිසේන වරදකරු කර තිබියදී ගෝඨාට නිහඬ ප්‍රේක්ෂකයෙකු ලෙස සිටිය නොහැක.

ගෝඨා, සිරිසේන අත් අඩගුවට ගැනීමට මහ ලොකු දෙයක් කළ යුතු නැත . ” Proceed to legal action ” ලෙසින් මිනිට් එකක් දැමීම ප්‍රමානවත්ය . ඉන් අනතුරුව ඉදිරි වැඩ දප්පුලට බාර වන්නේය . රවි අත් අඩංගුවට ගැනීමට දත කෑ  දප්පුල තම ගෝඩ්ෆාදර් වූ අත් අඩගුවට ගැනීමට වරෙන්තු ඉල්ලා සිටිය යුතුය.

පාස්කු ප්‍රහාරයට වසරක් ගත වන දිනය ඉතා ආසන්නය , කිසිවක් නොකර සිටීම එලඹෙන මැතිවරණයේදී අවාසිදායකය. තවද සිරිසේන අත්අඩංගුවට ගැනීම ජනයා පිනා යන ජවනිකාවකි. අප්‍රියෙල් 21 ට පෙර සිරිසේන අත් අඩංගුවට ගැනීමට කටයුතු සිදුවෙමින් පවතින බව  රාජපක්ෂ පවුලට සමීප ආරංචි මාර්ග දක්වා සිටියි