තමුසෙගේ මොලේ හොද නැද්ද ? කිලී සජිත්ගෙන් විමසයි

බොහෝ දෙනෙකු සජිත් ‍රැල්ලට බියවී ඇති බවත් , තමා කිසි විටෙක සීත කාමරවල සිට දේශපාලනය නොකරන බව ඊයේ පැවැති ‍රැළියකදී සජිත් කීවේය. තමා වටා එක් වෙන  ජනපවුර කොරෝනා පිට දමා වැලැක්වීමට  කුමන්ත්‍රණයක් දියත්ව ඇතැයිද කීවේය .

සජිත් ඊයේ කී කථාව අංශක 180 කින් කරකවා අද වෙනත් කථාවක් කීවේය . ”නරකද මැතිවරණයක් වෙනුවෙන් වැය කරන මුදල්  කොරෝනා මර්දනයට යොදවන එක”, අද කීවේය. සජිත් කනපිට ගැසූ හේතුව සොයා ගැනීමට අපට හැකි විය .

සජිත්ගේ පක්ෂය අනීතික එකකි .ඊට එරෙහිව නඩු දැමීමට පර්ශව ගනනාවක් සූදානමින් සිටියි.දුරකථනයෙන් නාම යෝජනා දීමට සජිත්ගේ පෙරමුණේ බොහෝ දෙනෙකු අකමැති වී ඇත. ” හාරත ලකුණ වගේ වෙයිද කියමින් ” ඔවුන් උසුළු විසුලු කරමින් සිටියි .

පසුගිය දශකය පුරා සජිත් නැමති බැලුම් බෝලයට හුලං ගැසුවේ කිලීගේ සිරස ටී වී එකය. නමුත් හදිසියේ ආ කොරෝනා වසංගතය නිසා සිරස සජිත්ට හුලං ගැසීම නතර කොට ඇත. මේ අතර ලබාදුන් මාධ්‍ය ආවරණය  දිගටම ලබා දෙන ලෙස සජිත්  ශෙවාන්ට  සහ කිලීට ඇවිටිලි  කොට ඇත .   ඊට ප්‍රතිචාර ලෙස ” තමුසෙගේ මොලේ හොද නෑ” කියා ජාත්‍යන්තර භාෂාවෙන් කිලී ප්‍රතිචාර දක්වා ඇත .

සජිත් ජනපතිවරනයේ ගණන් ඉලක්කම් දෙස බලා  සිංහළ බෞද්ධ හිවල් හම පොරවා ගත්තේය.නමුත් කොරෝනා වසංගතය එම ඉල්ලුම බිංදුවට ඇද දැමුවේය.

2019 සැප් මාසයේදී ව්‍යාප්ත වීමට පටන් ගත් කොරෝනාව මැඩලීමට ආන්ඩුවට සැලසුමක් තිබුනෙ නැත . විපක්ෂ නායක ලෙස සජිත්ට සැලසුමක් තිබුනේද නැත. චම්පික සහ සජිත් එජාපය සමග රන්ඩු වූවා මිස ලග එන ව්‍යවසනය ගැන බැලුවේ නැත

අද වැඩ බැරි ආන්ඩුව තමන්ගේ වැරදි වහගන්ඩ ගෝනි සෙල්ලම් පාමින් සිටියි . අද  ලංකාවේ  තානාපති කාර්යාල අගුළු දමා ඇත , ලංකාවේ මිහිහෙක් ඇතුලට ගන්නෙ නැත . විදේශ ශ්‍රමිකයන් රණ විරුවන්ට බනිනව කියලා ආන්ඩුව අනුකම්පාව හිඟා කෑමේ යෙදී සිටියි.මේවා ගැන සජිත් මීක් නැත . සජිත් මැතිවරණය කල් දමනු කියන්නේ තමන්ට කෙලවී ඇති නිසාය

‘ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ’ කියා කථාවක් ඇත , සජිත්ගේ වැඩත් එලෙසය.කොරෝනා ගැන වැරදි මත පතුරුවූ සජිත්ගේ ආධාර කරුවන් දෙදෙනෙකු මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

අද සජිත්ට විතරක් නෙවෙ, දේශප්‍රේමය විකුනං කෑ රාජපක්ෂලාටත් කෙලවී ඇත . ජීවිතය වූ කලි සර්වත්‍ර කුලකයයි,  දේශප්‍රේමය අනු කුලකයකි. රනිල්ලා , රවිලා  සර්වත්‍ර කුලකය නියෝජනය කරන මිනිසුන්ය. අද සර්වත්‍ර කුලකය තර්ජනයකට ලක්ව ඇත. රටට රනිල්ලා රවීලා අවශය වන්නේ දැන්ය . ඔවුන් අළුගසා නැගිටින්නේ දෑන්ය