බැසිල් නීරෝධායනයට පත් කරයි , ශිරන්තිගේ තත්වය කුමක්ද ?

බැසිල් රාජපක්ෂ සිය නිවෙසේ ස්වයං නිරෝධායනයකට පත් වී සිටින බව ඔහු විසින් පවත්වාගෙන යන ලංකා සී නිවුස් වෙබ් අඩවිය වාර්තා කර සිටියි . තම නිවසට යන එන පිරිස් සම්පුර්ණයෙන්ම නවත්වා දමා ඇති අතර නියමිත දින ගණන ඔහු මෙසේ ගත කරනු ඇති බව වෙබ් අඩවිය වාර්තා කර ඇත.

බැසිල් පමනක් නොව ශිරන්තීද කොරෝනා අවධානමට ලක්වී ඇති පුවතක් අප වෙත වාර්තා විය. කොරෝනා වැලදුන බව තහවුරු වූ ශ්‍රී ලංකන් එයා ගුවන් නියමුවා ශිරන්තී හමුවී ඇති බව නම හෙලිකිරීමට අකමැති වූ වෛද්‍යවරයෙකු අපට කියා සිටියේය. කොරෝනා තර්ජනය බැසිල් විසින් තහවුරු කළද ශිරන්තිගේ තත්වය මේ දක්වා තහවුරු කර නැත.

බැසිල්  නීරෝධායනය කිරීමට හේතුව   කොරෝනා තහවුරු වූ වරකාපොල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රසන්න ධම්මික නෙළුම් මාවතේ සැරිසැරීමය. කොරෝනා රෝගියා නෙළුම් මාවතට පැමිනියේ දැදිගම පොහොට්‍ටු සංවිධායක උදයකාන්ත සමගය. බැසිල් කරට අත දමාගෙන ඔහු සමග ඡායා රූප වලට පවා පෙනී සිට ඇත.

බැසිල්ගේ වයස 68, ගෝඨාගේ වයස 70, මහින්දගේ 74 කි . ශිරතිගේ වර්තමානයේ භාවිතා කරන හැදුනුම් පත අනුව ඇගේ වයස 67 කි . නමුත් එය නියම හැදුම්පත දැයි අප නොදනිමු.

උදය කාන්ත ලගින් ඇසුරු කළ ප්‍රදේශීය සභා මන්ත්‍රීට කොරෝනා තහවුරු වුවද තමාට කොරෝනා නැතැයි කියා ඔහු පොකැට් මීටින් වලට සහභාගි විය .කට කථා වලට නො‍රැවටෙන්න යයි කියා මුහුණු පොතේ සටහනක් දමා තිබුනි.ජනයාට කොළේ වහමින් ඔහු සිය මැතිවරණ ව්‍යාපාරය කරගෙන ගියේය

උදයකාන්ත මුළු වරකාපොළටම කොරෝනා බෝ කරන බව මුලින්ම හෙළිදරව් කළේ ලංකා නිවුස් ඇප් සහ ලංකා ඊ නිවුස් වෙබ් අඩවි දෙකය .එම හෙළිදරව්වෙන් පසුව ඔහු අඩි කිහිපයක් පස්සට ගත් අතර දේශපාලන ‍රැස්වීම් නවතා දැමීමට තීරණය කළේය .නීතිය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ නම් උදයකාන්ත අත්අඩගුවට ගත යුතුය