කොරෝනා ආක්‍රමණයට බුද්ධි අංශ වගකිව යුතුයි

  ලෝකයේ  විශාලතම බුද්ධි අංශ  පරාජය කොරෝනා ආක්‍රමණය යයි ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කරයි. ලංකා නිවුස් ඇප් මේ බව කීවේ මාර්තු 23 දිනය . ලෝක මාධය ඒ බව කියන්නේ දැන්ය . ලෝකයේ සෑම රටක්ම පාහේ ආරක්ෂක අංශ වල සුජාතභාවය ප්‍රශ්න කරමින් සිටියි. නමුත් ලංකාවේ දැකිය හැක්කේ එහි කන පිටය. කොරෝනා රටට ඇතුල් වීමට පෙර ආරක්ෂක අංශ කළේ කුමක්ද යන්න ප්‍රශ්න කිරීම වෙනුවට  ඔවුන් වීරත්වයට ඔසවන වේදිකාවක් ලංකාවේ දැකිය හැක

අපේ රටේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, වොයිස් කට් සීතා  සහ හමුදාපති කැප්පෙටිපොළ මහ නිලෙමෙතුමාටත් වඩා වීරත්වයට ඔසවා ඇත. වෛරසය රට තුලට ඇතුළු වීමට පෙර එය වැලැක් වීමේ වගකීම පැවැරුනේ මොවුන්ටය .අශ්වයා පැන යන තුර බලා සිට දොර වැසීමට දරන ප්‍රයාත්නයක නියලී සිටින මොවුන් වීරත්වයට එසවීමෙහි යුක්ත යුක්ත භාවය ජනයා විමසා බැලිය යුතුය .

එපමනක් නොව මොවුන් යම් ආකාරයක අකටයුත්තක නියලී සිටියි . කොරෝනා සමග මුහුනට මුහුනලා සටන් කරන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයවළුන්ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, වොයිස් කට් සීතා  සහ හමුදාපති සෞඛ්‍ය සේවකයන් දෙසට ගලා යා යුතු ප්‍රණාමය මිලිටරිය දෙසට හරවමින් සිටියි. මේ වන විට සෞඛ්‍ය අංශය සහ ගෝඨාගේ මිලිටරිය අතර සීතල යුද්ධයක් දක්වා තත්වය වර්ධනය වී ඇත.

කොරෝනා මාරයා ගෙයි එළිපත්තටම පැමිණ සිටියදීත් ගෝඨා හැසිරුන හැටි අමතක නැත. ”කොරෝනා රෝගීන් 28 හිටියා කියලා මට පුළුවන්ද රට ශට් ඩවුන් කරන්ඩ” ගෝඨා කිවේ එවැන්නකි. රටම මලගමක් වන විට ඉන් ගැලවී යාමට ගෝඨාට නොහැක. වොයිස් කට් වීරයන් දැකීමද ජනයාට අප්‍රසන්න වනු ඇත , ඔවුන් නුඳුරේම  ජනතා අධිකරණය හමුවේ  චූදිතයන් වනු ඇත.  සෞඛ්‍ය සේවකයන් මිහිපිට දෙවිවරු වනු ඇත.

කොරෝනා ඉදිරියේ බුද්ධි අංශය චූදිතයන් බව මුළු ලෝකයටම කලින් හෙලිදරව් කලේ අපය , මේ එම පුවතයි