කොරෝනා වෛරසයේ සැගවුන කථාව

ඊයේ දිනයට ( 29 )ඉතාලියේ තහවුරු වූ කොරෝනා රෝගීන් ගනන – 98700, මුළු මරණ ගනන – 10950 , මරණ ප්‍රතිශතය – 11%

ඉතාලියේ මරණ ප්‍රතිශතය මෙතරම් වැඩි ඇයි?  රටේ වයස් ගත් වූවන් වැඩි නිසාද ? ඉතාලි ජාතිකයන්ගේ ප්‍රතිශක්තීකරණයේ දුර්වලතාවයක් නිසාද ? සෞඛ්‍ය සේවයේ අවුලක් නිසාද? විනෝදකාමී ජීවන රටාව නිසාද? ඉතාලියේ මරණ ප්‍රතිශතය වැඩි වූයේ ඒ කිසිවක් නිසා නොවේ. ඇත්ත කථාව වෙනත් එකකකි. ඉතාලියේ කොරෝනා වැළදුන රෝගීන් ගනන ලක්ෂයක් ලෙස දැක්වුවද එය මුළුමනිනම වැරදිය . ඉතාලියේ කොරෝනා වැළදුන ගනන මිලියනයකට වැඩිය . එනම්  රෝගීන් මිලියනයකගෙන් දසදහසක් මිය ගොස් ඇත. එවිට මරණ ප්‍රතිශතය 1%.මෙම තත්වය ලංකාවටද පොදුය

මේ වන විට ලංකාවේ වාර්තා වී ඇති කොරෝනා  ගනන 117 . වෛද්‍යවරු පවසන ආකාරයට එක් රෝගියෙකු තවත් පන්සිය දෙනෙකුට පමන රෝගය  බෝ  කරයි . ඒ අනුව ලංකාවේ කොරෝනා රෝගීන් ගනන 117x 500 = 58500  (වෛද්‍ය මූලධර්ම අනුව උපකල්පනය). ඉතාලියේ සත්‍ය වශයෙන්ම කොරෝනා වැළඳුන ප්‍රමානය මිලියනයකට වැඩිය, එමෙන්ම 990,000 රෝගය සුව වී ඇත .රෝහල්  වලට දැරිය හැකි වන පරිදි රෝගීන් ගනන පාලනය කිරීම,  කොරෝනාවට එරෙහි සටනේ වැදගත්ම කරුන වෙයි.

මේ වන විට ශ්‍රී ලංකාවෙ විශාල පිරිසකට කොරෝනා වැලදී ඇති අතර  විශාල පිරිසකට එය සුව වෙමින් පවතියි , එමන්ම ඉතා සීග්‍රයෙන් රෝගය පැතිර යමින් පවතියි. අප දැන් මේ අද්දකින්නේ රෝගය බෑරෑරුම් වන රෝගීන්, රෝගල් කරා පැමිනීම දක්වා වූ කාල පමාවයි. රෝහල් පද්දතියට දැරිය හැකි වන පරිදි එය පාලනය කිරීම සියලු පුරවැසියන්ගේ යුතුකම වෙයි.රෝගය නිසා අසරණ වන පුද්ගලයන් ගැන වග බලා ගැනීම රජයේ වගකීම වෙයි . ලංකාවේ විදේශ ශ්‍රමිකයන් ලක්ෂ 6 පමන වෙයි. එනම් විශාල පිරිසකගේ මව හෝ පියා ලංකාවේ නැත . එවැනි පවුල් වලට කොරෝනා උවදුරක් ඇතිවූ විට   දරුවන් බලා කියා ගැනීමට ක්‍රමවේදයක් සැකසිය යුතුය