පුදුමයි ! ඒත් ඇත්තයි , ඊයේ කිසිදු චීන ජාතිකයෙකුට කොරෝනා වැළදී නෑ

ඊයේ එනම් මාර්තු මස 30 දින චීනය තුල COVID-19 ආසාදනය වූ කිසිඳු ස්වදේශිකයෙකු වාර්තා නොවූ බව චීන ජාතික සෞඛ්‍ය කොමිසම අද (31) පැවසීය.ඊයේ දිනයේ නව COVID-19 සිද්ධීන් 48ක් වාර්තා වී ඇති අතර ඒ සියළු දෙනා විදේශයන්හි සිට ආසාදිතව පැමිණි අය බව චීන ජාතික සෞඛ්‍ය කොමිසම කියා සිටී.


සඳුදා දිනයේදී නව කොරොනා වෛරසයෙන් සුවය ලබා චීනයේ රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 282 ක් බව කොමිසම පවසයි. ඊයේ (30) දිනය වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 76,052 ක් බව ජාතික සෞඛ්‍ය කොමිසම අද (31) නිකුත් කළ දෛනික වාර්තාවේ දැක්වේ.

චීන ජනපතිවරයා කිසිදු මුඛ ආවරණයක් නොමැතිව ජනයා හමුවට විත් පොදු උත්සව වලට සහභාගි වන අයුරු ඊයේද දැක ගත හැකි විය.කොරොනා වසංගතය හේතුවෙන් දිගු කාලයක් තුළ වුහාන් නගරයේ දුම්රිය සේවා නතර කර තිබිණ. පසුගිය 29 වනදා සිට වුහාන් නගරයට පැමිණෙන දුම්රිය සේවා යළි ආරම්භ විය. වූහාන් නගරය දැන් මුළුමනින්ම පාහේ යථා තත්වයට පත්ව ඇත

ඩොනල්ඩ් ට්‍රම්ප් යනු රාජපක්ෂලා මෙන් උපරිම ලෙස ජාතිවාදය අවුළුවා බලයට් පැමිණි නායකයෙකි. චීනයේ ඇති ඇමෙරිකානු සමාගම් මව් බිමට ‍රැගෙන විත් අමෙරිකානුවන්ට රැකියා දීම ට්‍රම්ප්ගේ එක් පොරොන්දුවක් විය.ඇමසන් වැනි සමාගම් චීන නිෂ්පාදන අලෙවි කිරීම මුළුමනින්ම නැවැත්වීමට සෑලසුම් කලේය. ට්‍රම්ප් චීන නිෂ්පාදන මත බදු පැන වූයේය

කොරෝනා වසංගතය හමුවේ ලෝකයේ බොහෝ පාලකයන් සහ මාධ්‍ය චීනය ලෝකයෙන් කොන් කල යුතුය යන මතයේ සිටියේය. චීනය කොරෝනා උවදුර සාර්ථකව මැඩලීමත් සමග , කොරෝනා වෛරසය චීනය නිපදවූයේ යයිද, මුළු ලෝකයම චීනයට එරෙහි විය යුතුය යන මතය පැල කරමින් සිටියි .

මූලාශ්‍රය – චීන රජය විසින් පවත්වාගෙන යන චීන සිංහළ හඬ වෙබ්පි‍ටුව