ලංකාවේ කොරෝනා උවදුර – ඇත්ත සහ නැත්ත

මේවන විට කොරියාව, ජපානය සහ චීනය   වෛරසය සාර්ථකව මැඩ පවත්වා ඇත. සෞඛ්‍ය සහ ආර්ථිකය  සමබරව පවත්වාගෙන යාම ඔවුන්ගේ  උපක්‍රමය විය. දුවන ආර්ථිකය , සෞඛ්‍ය පහසුකම් සහ පහල මරණ අනුපාතයක් පවත්වාගෙන යාම ඔවුගේ ක්‍රමයේ මූලික ලක්ෂණ විය. නමුත් ලංකාවේ අප අනුගමනය කරන්නේ එකී ක්‍රමවේදයද යන්න විමසා බැලිය යුතුව ඇත

ලංකාවේ කොරෝනා මැඩලීමේ මෙහෙයුම විවිධ රටවල් සමග  සංසන්දනය කරන අන්දම දැකිය හැකිය. හිරු ,දෙරණ, හමුදාපති, පොලිස් මාධ්‍ය ප්‍රකාෂක දිවා රෑ වෙහෙසෙමින්  ගෝඨාගේ කොරෝනා මෙහෙයුම අතිශයොක්තියට නඟමින් සිටියි. විටෙක ඉතාලිය සමග සංසන්දය කොට ගෝඨා උත්කර්ශයට නගයි, තවත් විටෙක ඇමෙරිකාව සමග සංසන්දය කරයි.

ලංකාවේ මරණ අනුපාතය අමෙරිකාවේ මරන අනුපාතයට වඩා ඉහලය. ඇමෙරිකාවේ  2.9 %, ලංකාවේ 3.3. % කි ( As of 7th April ). තවද ලංකාවේ ආර්ථිකය මුළුමනින්ම පාහේ ඇණ හිට ඇත. යම් හෙයකින් ඇඳිරි  නීතිය ලිහිල් කොට ආර්ථික කටයුතු ආරම්භ කළ හොත් වෛරසය සීග්‍රයෙන් පැතිර යනු ඇත. නමුත්  මේ ආකාරයෙන් රට ලොක් ඩවුන් කරගෙන වැඩි කාලයක් සිටිය නොහැක.

මෙහිදී තේරුම් ගත යුතු වැදගත් සිද්ධාන්තයක් ඇත . රට ලොක් ඩවුන්  කිරීමෙන්  කොරෝනා වෛරසය පැතිරීමේ වේගය අඩු කල හැක ,  නමුත් කොරෝනා උවදුරට මැඩලීමට එය පිළියමක් නොවේ. මුළුමනින්ම පාහේ රට ලොක් ඩවුන් කර ඇති මේ දිනවල පවා රෝගීන් වාර්තා  වීමෙන් එම කරුණ පැහැදිලි වෙයි.

සැලකිල්ලට ගත යුතු තවත් කරුනක් ඇත. මත්තේගොඩ නිවාස සංකීර්ණයේ ජීවත් වූ 67 හැවිරිදි පුද්ගලයෙකු අප්‍රියෙල් 2 පස්වරුවේ සැක සහිත ලෙස නිවසේදීම මියගොස් තිබිණි. පුද්ගලයා මාලදිවයිනේ සිට පැමිණි අයෙක් විය. අප්‍රියෙල් 1 නිව්මෝනියා රෝග ලක්ෂණ සහිතව මහියංගනය රෝහලේදී කාන්තාවකගේ මිය ගියාය .අප්‍රියෙල් 5 අරණායක දෙබත්ගම ප්‍රදේශයේ පුද්ගලයෙකු කොරෝනා රෝග ලක්ෂණ සහිතව මිය ගියේය.  අප්‍රියෙල් 6 මාතලේ නාවුල ප්‍රදේශයේ කාන්තාවක් රෝහල කරා ‍රැගන යමින් සිටියදී මිය ගියාය.ඉහත දැක්වූයේ පසුගිය දින වල මධ්‍ය හරහා වාර්තා වූ සැක කටයුතු මරණ කිහිපයකි.

මාධ්‍ය හරහා වාර්තා නොවූ සැක කටයුතු මරණ ගනනාවක් රට පුරා සිදුව ඇත. පෞද්ගලික රෝහල් වල  කොරෝනා රෝග ලක්ෂණ සහිතව පුද්ගලයන් කිහිප දෙනෙකු මිය ගොස් ඇත. ඒවා මාධ්‍යට නිරාවරණය නොවිනි. හුස්ම ගැනීමේ අපහසුතාවය සහ නිව්මෝනියා තත්වය නිසා රට පුරා මියයන පුද්ගලයන් ගැන නිසි පරීක්ෂණ කිරීමට රජය වග බලා ගත යුතුය. ඒවායේ ඇත්ත නැත්ත හෙලි කළ යුත්තේ ලොන්ඩරි මාධ්‍ය විසින් නොව රජයේ වෛද්‍යවරු විසිනි. රජය සද්භාවයෙන් පුරවැසියන්ට වගවිය යුතුය .මරණ අනුපාතය තවත් ඉහල යනවා කියා සත්‍ය වසන් නොකළ යුතුය.