ජනපති ගෝඨා සහ රවී සාකච්ඡාවට බිය වූයේ කවුද ?

කොරෝනා වෛරසයෙන් රට අකර්මන්‍ය වීමත් සමග ජනපති වැඩිමනක් කාලය ගත කළේ සෞඛ්‍ය බලධාරීන් සහ ආරක්ෂක අංශ සමගය. සෞඛ්‍ය සහ ආරක්ෂාවට අදාල ක්‍රමවේද සකස් කර අවසන් වූ විගස රටේ ආර්ථිකය ගැන වැදගත් සමාලෝචනයක් කළේය. ඔහු ඒ සදහා ආරාධනා කළේ රවි කරුණානායක ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් පිරිසකටය. රට ගොඩ ගැනීමට රවි ඉදිරිපත් කළ යෝජනා වලට ජනපති ගෝඨාගෙන් ඉහල ප්‍රතිචාරයක් ලැබී තිබුණි.

එජාප නියෝජිත පිරිස සහ ජනපති ගෝඨා අතර පැවැත්වූ සාකච්ඡාව සාධනීය එකක් විය . ගෝඨා සමග පැවැත්වූ සංවාදය දේශපාලන කරළියේ කථා බහට ලක් විය .රවි ඉදිරිපත් කළ යෝජනා මාධ්‍යට නිරාවරණය වීමත් සමග තත්වය තවත් උණුසුම් විය. රවි ඉලක්ක කරගනිමින් මඩ ප්‍රහාරයක් දියත් විය

රවි, දිල්කා සමග කරණ සාකච්ඡාවක කුඩා කොටසක් වැරදි ලෙස හුවා දක්වමින් ප්‍රහාරය ආරම්භ විය. එම තත්පර කිහිපය තුල රවි පැහැදිලි කරන්නේ එජාප රජයේ ප්‍රතිපත්තිය නොව ධනවාදී අර්ථ ක්‍රමයක් තුල ” ඉල්ලුම සැපයුම” මූලධර්මය ක්‍රියාත්මක වන අයුරුය.

හැංගි හැංහි වෙස් බැන්දාට නටන්නේ එළිපිට යයි කථාවක් ඇත.රවීට එරෙහි මඩ ප්‍රහාරය ආරම්භ වී ඊලග පැයේ සජිත් ජනපති ගෝඨා සමග සාකච්ඡාවකට ගියේය. නමුත් සිදුවූයේ අනෙකකි. සජිත් ගෝඨා සාකච්ඡාව හුදු කාලය කා දැමීමක් විය. සජබ පිල සෙල්ලම් ගෙදරක් වැනි යයිද , විකටයන් වෙනුවෙන් කාලය වෙන් කරන්නේ මන්ද කියා ඇතමෙක් විමසා තිබුණි

රවී ඇතුළු එජාප පිරිසට මඩ ගැහුවේ අන් කිසිවෙකු නොව සජබ සෙල්ලම් හවුලේ ලදරුවන්ය.කෙසේ වුවද රට ගොඩ නැහීමට රවී දීර්ඝ යෝජනාවලියක් ඉදිරිපත් කර තිබූ අතර එහි සාරාශය පහත පරිදිය.

  1. කොරෝනා ආසාදිතයන් වැඩි පිරිසකට ප්‍රතිකාර කළ හැකි පරිදි රෝහල් පද්දතියේ ධාරිතාව වැඩි කිරීම.
  2. සෞඛ්‍ය නිර්නායක වලට ප්‍රමුඛ තාවය දෙන අතරතුර නිෂ්පාදන සහ අපනයන ක්‍රියාවලිය පවත්වාගෙන යා හැකි යාත්‍රණයක් සකස් කිරීම. කෙමෙන් කෙමෙන් ආර්ථිකය පන ගැන්වීම
  3. නිෂ්පාදකයන්ට සිය නිෂ්පාදනය විකුණා ගත හැකි සහ පාරිබෝගිකයට මිලදී ගත හැකි යාත්‍රණයක් සකස් කිරීම. කෘෂි නිෂ්පාදන සහතික මිලකට ගන්නා බවට රජය තහවුරු කිරීම
  4. ශ්‍රී ලංකාවේ මුළු සේවා නියුක්තියේ ප්‍රතිශතයක් ලෙස අවිධිමත් අංශයේ රැකියාවන්හි නිරත 60%ක් (මිලියන 4.7ක්) පමණ වන සිටිති. එහෙයින් සහණාධාර අවැසි පවුල් වලට කඩිනම් සහන සැලසීම
  5. බැංකු ක්‍රමය හා ගණුදෙනු කරන සියළු පාර්ශවයන්ගේ දුක්ගැනවිලි සැලකිල්ලට ගැනීම
  6. . ග්‍රාමීය දිළිඳු ජනයාගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් තෝරා ගත් කඩ සහ ඖෂධ සැල් විවෘත්ත කර තැබීම
  7. විදුලිය, ජලය සහ දුරකථන සේවාවන් කිසිදු කපා හැරිමකින් තොරව මහජනයාට ලබා දීම.
  8. රුපියල ස්ථාවරව පවත්වා ගැනීම, අපනයන ඉහළ නංවා ආනයන සීමා කිරීම, විශේෂ ගැනුමි හිමිකම් (S.D.R) වැඩි කරගැනීම කෙරේ අවධානය යොමු කිරීම
  9. හදිසි ආපදා තත්වයන්හිදී IMF මැදි සහ පහළ ආදායම් ලබන රටවල් සඳහා ලබා දෙන සහන ලබා ගැනීම. IMF, China EXIM Bank වැනි ආයතන වලින් ලබාගෙන ඇති ණය වලට අදාල කොන්දේසි ලිහිල් කර ගැනීමට සාකච්ඡා ආරම්භ කිරීම
  10. බදු ක්‍රමය , රාජ්‍ය මූල්‍ය හදිසි තත්වයට ඔබින අයූරින් සමාලෝචනය කිරීම. ආයතන මුහුන දෙන ද්‍රවශිලතා ගැටලු විසදීමට රජය සක්‍රීය ලෙස මැදිහත් වීම