බලන්ඩ මුරලි කොච්චර දෙයක් රටට කරනවද ? ඔයා මොනවද මේ කරන පිස්සු වැඩ ?

මුත්තයියා මුරලිදරන්ට ශශීදරන් නම් සහෝදරයෙක් විය. ශශීදරන් නීලකාස වංචාවක චූදිතයෙකු විය . කෝටි 1200 ක පමන හොර එතනෝල් සමග සශීදරන් ගස් යාමට නියමිත විය. නමුත් ඔහු අද්භූත ලෙස නිදොස් වී  නිදහස් විය. මේ වනවිට මුරලිදරන් පවුල සහ රාජපක්ෂ පවුල ඉතා කිට්‍ටු මිතුරන්ය. රාජපක්ෂ පවුල සහ මුරලිදරන් පවුල එක් කළේ එතනෝල් බව නොදන්නා අයෙක් නැත. මුරලිදරන් පවුල දිවි ඇති කෙත් රාජපක්ෂලාට ණය ගැතිය . මුරලිදරන්  2019  ජනාධිපතිවරණයේදී ගෝඨා වෙනුවෙන් ප්‍රධාන භූමිකාවක් ඉ‍ටු කළේය. වර්තමානයේද තත්වය එසේය.

මේ පරන කථාව පසුගියදා ගෝඨා සජිත්ට සිහි කැඳවූ බව ගෝඨාගේ සමීපතයෙකු අපට කීවේය . මුරලිදරන්ගේ පවුලට ලැබුනු අනුග්‍රහයට වඩා වැඩි අනුග්‍රහයක්  ලැබුණු පවුලක් වෙත්නම් ඒ සජිත්ගේ පවුලය . දුලංජලී  හොර සල්ලි බෑගයක් සමග මාට්‍ටු වුවද  එක දිනක් හෝ රක්ෂිත බන්ධනාගාර  ගත නොවී බේරුනේ රාජපක්ෂලාගේ අනුග්‍රහය නිසාය. හොර සල්ලි සිද්ධියෙන් දුලංජලීව බේරාදීම ගැන හේමා සහ  සජිත්  අනේක වාරයක් රාජපක්ෂලාට පින් දුන්හ. පවුල බේරා දෙමින් කළ උදව්ව දිවි ඇති තෙක් අමතක නොකරන බව හේමා කීවාය.

නමුත් ප්‍රේමදාස පවුල ,උඩින් එකක් පෙන්වා යටින් ගේම් ගැසූහ. පසුගිය  ජනාධිපතිවරණයේදී සජිත් සිය ශ්‍රී මුඛයෙන්  ගෝඨාට විරුද්ධව වචනයක් කීවේ නැත. ඔහු ගෝඨා ඇමතුවේ ‘මාගේ ප්‍රතිවාදියා’ ලෙසිනි. නමුත් යටින් ගෝඨා නැති කිරීමට හැකි සෑම දෙයක්ම කළේය. පාස්කු ප්‍රහාරය ගෝඨාගේ වැඩක් යැයි හැඟවෙන වීඩියෝ පවා නිෂ්පාදනය කළේය. සජිත්ට ලැබුණු මුදල් වලින් 70% පමන වියදම් කොට ඇත්තේ ගෝඨාභයට මඩ ගැසීම වෙනුවෙන් යයි කීවොත් ඔබ විශ්වාස නොකරනු ඇත. නමුත් කථාව ඇත්තය.රාජපක්ෂලා යනු සතා නොහඳුනන වර්ගයක් නොවේ . ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් දෙන ජාතියකි

ගෝඨාබය ජනපති වූ පසු, මධ්‍යම සංස්කෘතීක අරමුදලේ වංචාවට සජිත් අත්අඩංගුවට ගත හැකි යයි නාමල් කිවේය. කලබල වූ හේමා සරණ පතා යලි රාජපක්ෂලා සොයා ගියාය.එජාපය ඇතුලින් සජිත්ට එරෙහිව විශාල කුමන්ත්‍රණයක් දියත්ව ඇති බවත් , මේ මොහොතේ  සංස්කෘතික අරමුදලේ  සිද්ධිය උඩට ආ හොත් එය සජිත්ගේ අවසානය බව ඇඬූ කඳුලින් පැවසුවාය. එජාපය දෙකඩ කිරීම චම්පිකගේ හෝ කිලීගේ  වැඩක් යයි කීම අර්ධ සත්‍යකි.  ෆයිල් පෙන්නා ‘බ්ලැක්  මේල්’  කිරීම අනාදිමත් රාජපක්ෂ ක්‍රමයකි.සජිත්, කිලී , චම්පික එජාපය කඩාගෙන ගියා නොව රාජපක්ෂලා විසින් ඔවුන් එම තැනට පත් කළහ.

කොරෝනා වෛරසයෙන් ආන්ඩුව අසරණ වෙත්ම යලි සතා එළියට ආවේය. කොරෝනාව සජිත්ට ආනන්දයක් විය. සජිත්ගේ ඩබල් ගේම් යලි කරළියට ආවේය. සජිත් සිය පරන  පාර්ලීමේන්තු කථා එකතු කොට ආන්ඩුවට කිසිවක් නොකලේ යයි බරපතල චෝදනාවක්  කළේය. සජිත් කොරෝනා ගැන  පාර්ලීමේන්තුවේ කළ  කථා  හුදෙක්  සිරස  ප්‍රවෘත්ති ප්‍රකාශයේ කාබන් කොපි විය.  විපක්ෂ නායකයා ලෙස ඔහු කළ යුත්තේ ප්‍රවෘත්ති කීම නොව කොරෝනා මැඩීමට යම් කිසි වැඩ සටහනක් සභා ගත කිරීමය, සජිත් නොකළේ එයයි.

සජිත්ගේ වෛරස් ආනන්දය ” මං පොර” වීඩියෝ වලින් අවසන් වූයේ නැත. සජිත් මහා ප්‍රාඥායෙකු ලෙසින් ගෝඨාභයට උපදෙස් දීමට ගියේය. සජිත් අප්‍රියෙල් 8 උදෑසන සුපුරුදු ලෙස  ගෝඨාභයට කථා කළේය. සජිත්ගේ කථාවට මදක් සවන් දුන් ගෝඨා , ” ඔයා මට කියන්නේ එකක්, නුමුත් කරන්නේ තව එකක් ” කියා බදා කළේය . ‘‘බලන්ඩ මුරලිටයි ඔයාටයි  උදව් කලේ එකම දවස් වල, මම එහෙම කළේ කවද  හරි ඔය දෙන්න රටට වැඩක් කරයි කියලා . අද බලන්ඩ මුරලි කොච්චර දෙයක් රටට කරනවද , නමුත් ඔයා මොනවද මේ කරන පිස්සු වැඩ ?” ගෝඨා හීන් නූලේන් සජිත්ට බේත දුන්නේය

සජිත් ගෝඨාබයගෙන් දොස් මුරයක් අසා කිසිවක් නොවූ පරිදෙන් සිටින්නේ ඇයි කියා විමසා බැලිය යුතුය. අතෙකින්  සජිත් රාජපක්ෂ පවුලේ දාසයෙකි , තවත් අතෙකින් හේමා සමග එක්ව යටින් ගේම්ක් දෙන හැටි සැලසුම් කරයි. සජිත් නීච, කුහක, ගුණ මකු මිනිසෙකි. සජිත් යනු කිසි දිනක ලංකා පොළොවේ පැල කළ හැකි බීජයක් නොවේ . කිසිවෙකුගේ ඉත්තෙක් වනවා විනා ඉන් එහා ගමනක් සජිත්ට නැත.

රනිල්- සජිත් බල අරගලය, චම්පික – රනිල් මත ගැ‍ටුම, රවි-සජිත් ආරෝව මේ සියල්ල එජාපය දෙකඩ කිරීමට රාජපක්ෂලා ඇටවූ යටි උගුල්ය. මදක් නවතින්න ! දුෂ්කර අවස්ථාවේ දේශපාලකයන්ගේ හැසිරීම දෙස බලන්න . වෛරසය ගැන  හර බර දත්ත ප්‍රකාශ කිරීම අතින් ඉදිරියෙන්ම සිටියේ චම්පිකය. සෞඛ්‍ය සහ ආර්ථික කටයුතු සමබරව පවත්වාගෙන හැකි අයුරු පෙන්වා දුන්නේ රවීය. මහ පොළොවේ දිවිය හැකි යාත්‍රණයක් ගැන රනිල් කථා කළේය. සජිත් කවරෙක්ද ? විපක්ෂය  නිෂ්ක්‍රීය කරන බලල් අත  ඔහු නොවේද ?