ජවිපෙ අනුන්ගේ දරුවන්ට උප්පැන්න ලියයි

එළවළු  ප්‍රවාහනය කිරීම සදහා දුම්රිය යොදා ගැනීමට රජය තීරණය කොට ඇත. තීන්දුව ක්‍රියාත්මක වීමත් සමගම එය ජවිපෙ යෝජනාවක් යයි නාමල් කරුණාරත්න නම් ගොබිලයා වීඩියෝවක් නිකුත් කොට ඇත. නමුත් ජවිපෙ කියන්නේ අමූලික කෙබරයකි .ගුවන් නියමුවෙකු වන හර්ෂ ගෝවින්ද කෝරලේආරච්චි  මීට වසර කිහිපයට පෙර  ආහාර සුරක්ෂිතතාවය  ගැන පර්යේෂණ වාර්තාවක්  සකස් කළ අතර කොරෝනා ව්‍යවසනය පැමිණිම සමග  එම වාර්තාව ආරක්ෂක ලේකම් ඇතුලු කිහිප දෙනෙකුට යවා තිබුනි. එම වාර්තාව මාධ්‍යටද නිකුත් කොට තිබුනි. ඔහුගේ වාර්තාව ගොසිප් ලංකා වෙබ් අඩවියද පල කොට තිබුනි.

කැප්ටන් හර්ෂගේ වාර්තාව අප වෙතද ලැබුනු අතර , අප විසින් එය පිටපත් කොට සරත් වීරසේකර සහ රවි කරුණානායක වෙත යැවූයෙමු. එළවළු ප්‍රවාහනය සදහා දුම්රිය යොදාගැනීමට පක්ෂව ඔවුන්ද ජනපතිවරයා හමුවේ කරුනු දක්වා ඇත . මෙය ජෙප්පන්ගේ යෝජනාවක් නොවන බවට කමල්, සරත් සහ රවී සාක්ෂිකරුවන්ය,. ‘රට උඩු යටිකුරු කරවන තීන්දුවක් අත ලග’ යන ශීර්ෂයෙන් හර්ෂගේ පර්යේෂණ වාර්තාව එය අප වෙබ් අඩවියේද පල කොට ඇත. කරුනු  එසේ හෙයින් අනුන්ගේ  දරුවන්ට උප්පැන්න නොලියන ලෙසින්  ජවිපෙ වෙතින් කාරුනිකව ඉල්ල සිටිමු.

ආදී රාජකියෙකු වන හර්ෂ ගුවන් හමුදාවේ ඉතා කීර්තිමත් ඉතිහාසයක් ඇති අයෙකි. රාවන ඒවියේෂන් ( ගුවන් නියමු ඇකඩමිය ) අධිපති ඔහුය.  ඓතිහාසික ගුවන් යානා තාක්ෂණය පිළිබද පුරාවිද්‍යා මධ්‍යාස්ථානයේ නිර්මාතෘ වරයාද  ඔහුය. හර්ෂ කොරෝනා මැඩලීමට ආයුර්වේද ප්‍රතිකාර යොදා ගැනීම පිළිබදව  පර්යේෂණ වාර්තාවක් සකස් කොට ඇත.   අද්මිරාල් සරත් වීරසේකර සහ අරුණ අමරසේකර (වියත් මග) විසින් එකී වාර්තාවද  ජනාධිපතිගේ අවධානයට යොමු කොට ඇත . ආයුර්වේද රෝහල් වල විශේෂ යැපුම් ඒකක ( ICU වලට සමාන ) පිහි‍ටුවා ප්‍රතිකාර කිරීමේ ක්‍රම වේදයක් ඔහු යෝජනා කොට ඇත

https://www.gossiplankanews.com/2020/04/food-safety-method.html?m=1

One thought on “ජවිපෙ අනුන්ගේ දරුවන්ට උප්පැන්න ලියයි

  1. Udith Jayawardena

    - Edit

    The original idea of this is mine. I went to all parts of Sri Lanka in train doing this research in 2009 – 2010. I was threatened by lorry transporters at Kandy because they thought I was going to cut their business. I went to estates and spent days with estate workers to identify how their vegetable crops are grown and how they are sent to the market. I have more details about train transportation with me. The research was done as a joint research by me and my Royal College classmate Harsha. We handed over this to department of commerce in 2010 and nothing was done. At the time marketing manager of the Railway was very helpful.

    Now again Harsha has given this to the government. I am a professional in logistics.
    I currently live in Adelaide – Australia and a logistics professional. I have lot of good and new ideas to assure food sustainability in Sri Lanka and how they can reduce over 35 percent wastage that is happening. Saving the waste will leave SRI LANKA a surplus that can be exported.

    I am happy to come and give my knowledge and experience for my motherland. I spoke to Harsha 2 weeks back and told the same. Former minister Ravi Karunanayake can give insight about my logistical capabilities and experiences as I was the former operations manager at Global Park before I migrated to Australia. Also Minister Dilum Amunugama, my good friend will be another who can tell about me.

    If My motherland need my services please contact me. I am happy to come and give the strategic direction and more insights as how we can manage this project.

    I will be very excited to hear that I can do this for Sri Lanka. Awaiting for the opportunity. Thank You.

Comments are closed.