විදේශ ශ්‍රමිකයන්ට රක්ෂණ හිමිකම් ඇතුළු සහන දහයක් !

රවි කරුණානායක  අද දින  පුවත්පත් සාකච්ඡාවකට එක් වෙමින් දුක් විදින ජනයා වෙනුවෙන් වැදගත් යෝජනා 10 ක් ඉදිරිපත් කළේය.

1. COVID-19 මර්දනය සදහා ඇප කැප වී සේවය කරන සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ වෙත ප්‍රණාමය පුද කරමින් ඔහු සාකච්ඡාව ආරම්භ කළේය.

2. රජය ලබා දෙන රු 5000ට අදාල කොන්දේසි  ප්‍රසිද්ධ කිරීම

3. රු 5000 ලබා දිම නිර්දේශපාලනය කිරීම

4. රු 5000 ලබා දීමේ වැඩපිළිවෙල  ග්‍රාම නිළධාරීන් හරහා ක්‍රියාත්මක කිරීම, රු 5000 ලබා දීමේ යාන්ත්‍රණය රාජ්‍ය නිළධාරීන්ගෙන් වියුක්ත නොකල යුතු බව අවධාරණය කළේය

5. යාන්ත්‍රණයේ විනිවිධභාවය සහතික කිරීමට රු 5000 ලබා දුන් පුද්ගලයන්ගේ විස්තර වෙබ් අඩවියක් හෝ මුද්‍රිත ප්‍රකාශනයක් ලෙස ප්‍රසිද්ධ කිරීම

6. රක්ෂණය ඇතුළු මූලික කටයුතු සදහා ශ්‍රමිකයෙකු විදේශ ගත වන විට  රජය රු 25000 ක පමන මුදලක් අය කරයි,  දෙවසරකට වරක් රු 3200 බැගින් අය කරයි . මෙම දුෂ්කර අවස්ථාවේදී විදේශ ශ්‍රමිකයන්ගේ රක්ෂණය භාවිතා කොට දීමනාවක් ගෙවීමට රවි යෝජනා කළේය

7. ගොවියන් ඇතුළු නිෂ්පාදකයන්ට සිය නිෂ්පාදනය අලෙවි කර ගැනීමටත්, පාරිබෝගිකයන්ට අවැසි දේ මිලදී ගැනීමට ගැකි යාන්ත්‍රණයක්  වහා නිර්මානය කළ යුතු බව අවධාරණය කළේය

8. සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ වලට අනුකූලව  ”ලොක් ඩවුන් ” නීති රීති කලින් කලට ප්‍රදේශයෙන් ප්‍රදේශයට  සමාලෝචනය කිරීම

9. මහරගම පමුණුව ප්‍රදේශයේ ඇගළුම් ක්ෂේත්‍රයෙන් යැපෙන ජනතාවට ස්වශක්තියෙන් නැගී සිටීමට අත දීම

10 ජාතියක් ලෙස කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන් කිරීමේ සටනට අවැසි සහයෝගය ලබා දීම අත්හල නොහැකි වගකීමක් බව මතක් කළේය

11. චිරාත් කාලයක සිට සිංහළ දෙමළ මුස්ලිම් සියළු දෙනාට එක හඬින් තමන්ගේ පක්ෂය යයි කිව හැකි වූයේ එජාපයට පමනි.  පසුගිය කාළයේදී එජාපය අන්තවාදී පිරිසකගේ ග්‍රහණයට නතු විය, නමුත් දැන් එම අන්තවාදීන් එජාපයෙන් ඉවත්ව  ඇති නිසා යලි සියළු ජාතීන්ට අභිමානයෙන් යුතුව එජාපය සෙවනේ ඒකරාශී විය හැකි බව රවි මතක් කළේය