දිලිත් ජයවීරට සමාව, එයාට ඇයි වෙන නීතියක් ?

ඊයේ දෙරණ ප‍්‍රවෘත්ති විකාශනයේදී මෙරට කොරෝනා ආසාදිතයන් සම්බන්ධයෙන් පෙන්වූ ප්‍රස්ථාරය පිළිබදව දිලිත් ජයවීර සමාව ඉල්ලා ඇති බව බැසිල්ගේ ලංකා සී නිවුස් වාර්තා කොට ඇත. ඔවුන් නිර්මානය කළ ප්‍රස්ථාරයේ Y අක්ෂයේ දැක්වෙනුයේ මාර්තු සිට අප්‍රියෙල් දක්වා කොරෝනා රෝගීන් සංඛ්‍යාවයි. එය මාර්තු 11-17, 18 -24, 25-31, 01-07. 09-17 ලෙස අනු කාන්ඩ කොට ඉන්පසු මාර්තු 15, 16, 17 දින සඳහා වෙනම අගයන් පෙන්වා ඇත.

දිලිත්ගේ ඊනියා ප්‍රස්ථාරය අනුව කොරෝනා රෝගීන් ලෑල්ලට අඩු වී ඇත.නමුත් X අක්ෂය සමාන රාශි වලින් නිවරදි ස්ථම්භ පෙන්වුව හොත් උසම කුළුන අවසන් දවස් කිහිපයේ දිස්වනු ඇත . දිලිත්ගේ ගෝනි සෙල්ලම් වලින් කොරෝනා වෛරසය ‍රැවටෙන්නේ නැත , ‍රැවටෙන්නේ මහ ජනතාවය. මේ පෙන්වන්නේ ඔවුන්ගේ නොදන්නාකම නොවේ. ජනයා ගොනාට අන්දවා හෝ රාජපක්ෂලා ‍ආරක්ෂා කොට ගෙන තමන්ගේ බඩ වියතද ‍රැක ගත යුතු යයි සිතන වහල් මුග්ධ චේතනාවයි.

පාලකයන් සහ ජනතාව අතර නිරන්තර කතිකාව පැවැත්වෙන්නේ ජනමාධ්‍ය නමැති වේදිකාව උඩය. රට තොට ඇත්ත ඇති සැටියෙන් වාර්තා කිරීමේ වගකීම පැවරෙන්නේ මාධ්‍යකරුවන්ටය. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට අමතරව ජනමාධය පරමාධිපත්‍යයේ හතරවන බල කනුව ලෙස ගැනෙන්නේ එහෙයිනි. වාර්තාකරණය වෘත්තිය ප‍්‍රමිති මත ප‍්‍රශස්තව ඉටු කිරීමට නම් මාධ්‍ය ස්වාධීන වීම සහ මාධ්‍යකරුවන්ගේ විනය අත්‍යවශ්‍ය කොන්දේසියකි. එකී කොන්දේසිය සපුරාලීමට ලංකාවේ ජනමාධ්‍ය පොදුවේ අසමත්ය.

ජනාධිපතිවරණයට පෙර නාග ලෝකයෙන් ධාතු පැමිණියා යයි අමු කෙබරයක් ඇදබා ජනයා ‍රැවටීමට කටයුතු කලේ දිලිත් ජයවීරය. මීට පෙර කංසා (ගංජා) වල ආශ්වාදය ගැන ප්‍රසිද්ධ කථාවක් කළේද මොහුමය. පුද්ගලයෙකු රාජ්‍ය බලයෙන් සහ ධනයෙන් මත් වූ පමනින් ඔහුට රටේ නිතිය , සභ්‍යත්වය සහ සාරධර්ම කෙලසීමට ඉඩ නොදිය යුතුය.

එවැන්නක් ඉදිරියේ පාලකයන් නිහඬ පිලිවෙතක් අනුගමනය කරන්නේ නම් ජනයා නිහඬ ප්‍රේක්ෂකයන් ලෙස නොසිටිය යුතුය. ලංකාවේ සිරස , හිරු සහ දෙරණ යන නාලිකා තුනම ඉතා සාහසික ලෙස ජනයා රවටමින් පෞද්ගලික න්‍යය පත්‍ර වලට වැඩ කිරීම අවාසනාවන්ත තත්වයකි.මහජනයා සතු සංඛ්‍යාත අවබාවිතා කිරීම සම්බන්ධයෙන් හඬක් නැගීමට කාලය එලඹ ඇත