සජිත් අනාථයි – ගිය උන් යලි එජාපයට එන්න පෝලිමේ

සමගි ජන බලවේගයේ ටෙලිෆෝනය ලකුණෙන් නාමයෝජනා ලබා දුන් හිටපු එජාප මැති ඇමතිවරුන් සමගි ජන බලවේගයේ කඩා වැටීම හමුවේ නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වීමට ඉල්ලීම් කර තිබෙන සිරිකොත දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. එයට අදාල මුලික වටයේ සාකච්ජා පැවැත්වීම සඳහා හිටපු ඇමතිවරුන් වන අර්ජුන රණතුංග, රවී කරුණානායක, නවින් දිසානායක, වජිර අබේවර්ධන සහ දයා ගමගේ මහත්වරුන් වෙත පක්ෂ නායකත්වය විසින් පවරනු ලැබ තිබේ.

ටෙලිෆෝනය ලකුණෙන් නාමයෝජනා භාර දී යලි එක්සත් ජාතික පක්ෂයට එක් වීමට සාකච්ජා පවත්වන හිටපු ඇමතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව පසුගිය (22) වන විට 15ක් වු අතර ඊයේ තවත් හිටපු මන්ත්‍රීවරයෙක් යලි පක්ෂයට එක් වීම සඳහා සාකච්ජා ඇරඹු බව එකසත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දුන් බව ජනරළට වාර්තා විය.

වෙනත් පක්ෂයකින් නාමයෝජනා දී යලිත් එක්සත් ජාතික පක්ෂයට එක් වීමේදී ඇති විය හැකි නීතිමය බාධා සම්බන්ධයෙන් ලබන සඳුදා වන විට වාර්තාවක් ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හිටපු අමාත්‍යවරයකු වන තිලක් මාරපන මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්‍ෂ නීති විශාරදයින්ට ඊයේ දැනුම් දෙනු ලැබීය.

යලි පක්ෂයට එක් කරගන්නා ටෙලිෆෝනය ලකුණින් නාමයෝජනා දුන් හිටපු අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ජා වට දෙකක් පැවැත්වීමෙන් පසු ඔවුන් කෙලින්ම පක්‍ෂ නායකත්වය වෙත යොමු කිරීමට නියමිතය. පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම හිටපු අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් කොල්ලුපිටියේ පිහිටි නිවසේදී වෙන වෙනම හමුවී සාකච්ජා කිරීමට තීරණය කර ඇතැයි හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය.

එජාපයට එකතු වෙන මෙම පිරිස වෙනුවෙන් ගතයුතු නීතිමය ආවරණය එක්සත් ජාතික පක්‍ෂ නීති විශාරදයින් විසින් පක්‍ෂ නායකත්වයට දන්නුම් දීමෙන් පසුව කණ්ඩායම් වශයෙන් ඉහත පිරිස යලිත් පක්ෂයට ගන්නා බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මුලස්ථානයට පැමිණෙන සහ පිටව යන කිසිඳු දේශපාලඥයකු ගැන කුමන ආකාරයේ හෝ තොරතුරක් බාහිර පුද්ගලයන්ට නොදෙන ලෙස පක්‍ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සිරිකොත කාර්ය මණ්ඩලයට පසුගිය (23) දින දැනුම් දී ඇත.

එක්සත් ජාතික පක්‍ෂ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මෙම නියෝගය නිකුත් කලේ පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මතය.

හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගයේ දුරකතනය ලකුණ යටතේ නාමයෝජනා දුන් ඇතැම් මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් පක්‍ෂ මුලස්ථානයට පැමිණෙන සහ පිටව යන තොරතුරු වෙනත් පාර්ශවයන් වෙත අනාවරණය වීම පදනම් කරගෙන ඉහත නියෝගය නිකුත් කළ බව සිරිකොත පක්‍ෂ මුලස්ථානයේ ජේෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

කෙසේ නමුත් සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් ජනරළ කල විමසීමකදී ඔහු සදහන් කලේ ලංකාදීප පුවත්පතේ සදහන් වූ මෙම පුවත සම්පුර්ණ අසත්‍ය බවය. මේ පිළිබද නිවේදනයක් මාධ්‍ය වෙත නිකුත් කල බවත්ය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඇතුලත උණුසුම් තත්වයක් ඇතිව බවත් හිටපු මන්ත්‍රීවරුන් මේ සාකච්වඡන්ට යන්නේ කවුරුන්දැයි සෙවීමට සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ශිරාල් ලක්තිලක, පාඨලි චම්පික රණවක, අජිත් පී. පෙරේරා ඇතුළු සජිත් ප්‍රේමදාස මහතාට ලගින්ම හිතවත් ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක ප්‍රධානියෙකුගේ කණ්ඩායමකට භාර දී ඇති එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.