අපේක්ෂකයින් සඳහා අංක ලබාදිම හෙට

මැතිවරණය සඳහා නාමයෝජනා භාර දී ඇති දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් අද(02) මේ වන විට පැවැත්වෙයි. පෙ.ව. 11.15ට මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සාකච්ඡාව ආරම්භ වීඇත

මැතිවරණය පැවැත්විම ජුනි 20 වන දින දක්වා කල් දැමිමෙන් අනතුරුව කොමිසමේ නියෝජිතයින් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් හමුවන දෙවන අවස්ථාව මෙය වෙයි.

මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සඳහා අංක ලබාදිමේ කටයුතු හෙට(03) දිනයේ දී සිදුකිරීමට නියමිතව තිබේ. මෙලෙස අංක ලබාදීම මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කිරීමක් ලෙස සැලකෙන බවයි පැවසෙන්නේ.

වෛරස ව්‍යාප්තිය හමුවේ රැස්වීම් ජනහමු පැවැත්වීම පිළිබඳ ඉදිරියේ දී මැතිවරණ කොමිෂන් සභාව විසින් මාර්ගෝපදේශන මාලාවක්ද ඉදිරිපත් කිරීමට නියමිත තිබේ.