නව කොරෝනා වෛරසයේ ප්‍රභේද 33 ක්

නව කොරෝනා වෛරසයේ ප්‍රභේද 33 ක් පවතින බව චීන විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් මෑතක දී කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත. විකෘතියක් බවත් එවැන්නකින් වන හානියට ඵලදායී පිළියමක් සොයා ගැනීම අපහසු බව විශේෂඥයන්ගේ මතය වෙයි

චීන විද්‍යාඥයින් විසින් සොයා ගන්නා ලද කොරෝනා වෛරසයේ ප්‍රභේද අතර, ඉතා විෂ සහිත ප්‍රභේද පවතින බවත් ඇතැම් ප්‍රභේද එකක් අනෙකට වඩා 270 ගුණයකින් හානිකර බව අනාවරණය වී ඇත. රොගීන් එකීනෙකාට වෙනස් රෝග ලක්ෂණ මතුවීමට මෙයද එක් හේතුවකි.

දරුණුම වයිරසය 

යුරෝපයේ හා නිව්යොර්ක් හී පැතිර පවැතෙමින් ඇත්තේ වඩාත් විෂ සහිත වූ කොරෝනා වෛරස් ප්‍රභේදය බවට විශ්වාසයක් පවතිනවා. ඔවුන්ගේ වාර්තාවට අනුව කොරෝනා ආසාදනය වූ සමහර රෝගීන් තුළ රුධිර කැටි ගැසීම් ඇති කර ඇති බවට හෙළි කර තිබෙනවා.ධමනි අවහිර වීම නිසා අවසානයේදී පෙණහලුවල ක්‍රියාකාරිත්වය ඇනහිටින බවද ඔවුන් සඳහන් කරනවා(Chloroquine).කොරෝනා සුව වුවද ඇතැම් ප්‍රභේද මාස 3 සිට ජීවිත කාලය දක්වා අතුරු ආභාද ඇති කරන බව සොයාගෙන ඇත.

ප්‍රභේද 33ක් ඇති හෙයින් එන්නතක් සොයා ගැනීම දුෂ්කරයි

මේ අතර කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් සොයා ගැනීමේ පර්යේෂණයක නියැලෙන බවට ප්‍රකට වූ ප්‍රංශ මාහාචාර්‍ය වරයෙකු ආන්දෝලනාත්මක මතයක් ඉදිරිපත් කර ඇත. වසංගත රෝග වලට උච්ච හා අඩුවීම යන කාරනා දෙකම පවතින බවත් රෝග ව්‍යාපතියේ රේඛාව සීණුවක හැඩයක් ගන්නා බව ඔහු ප්‍රකාශ කර ඇත. ප්‍රභේද 33ක් ඇති හෙයින් එන්නතක් සොයා ගැනීම දුෂ්කර බවත් ප්‍රතිශක්තීකරණය එකම විසදුම බව පෙන්වා දීඇත.

ඇඳිරි නීතිය හෝ ලොක් ඩවුන් කිරිම විසදුම නොවේ

වෛරසයේ ඇතැම් ප්‍රභේද සාමන්‍ය උණ තත්වයකට පමනක් සීමා වන අතර එවැනි එවැනි ප්‍රභේදයක පැතිර යාම රටකට ඉතා යහපත් ප්‍රතිඵල ගෙන දෙන බව ප්‍රකාෂ කර ඈත. ඒ වගේම භයානක වෛරස් ප්‍රභේදයක් පැතිර යාම රටකට භයානක ප්‍රතිඵල ගෙන දෙයි. කරුණු එසේ හෙයින් කොරෝනා මැඩලීම ඇඳිරි නීතිය යොදා කරන මිලිටරි මෙහෙයුමකට වඩා සැලසුම් සහගත ක්‍රියාවලියක් බව ඔවුන් අවධාරණය කරයි.

දෙවැනි රැල්ල විද්‍යා ප්‍රබන්දයක්

බොහෝ විශිෂ්ටයන් කොරෝනා වෛරසයේ දෙවන රැල්ල ගැන කනස්සල්ලට පත්වී සිටින අතර තුර මහාචාර්‍යවරයා ඊට වෙනස්ම මතයක් බෙදා හරිමින් සිටිනවා. ඔහු පවසන්නේ දෙවැනි රැල්ල යනු විද්‍යා ප්‍රබන්දයක් බවයි. එසේම එය මනඃකල්පිතයක් බවත් පවසනවා.

ASP සහ ඇමෙරිකාවේ වෛද්‍ය පර්යෙෂණ වාර්තා ඇසුරිණි ඇසුරිනි