සජිත්ගේ සහ මෛත්‍රී ගුණේගේ මූලික අයිතිවාසිකම් කඩ වෙලා – අධිකරණයට පෙත්සමක්

පාර්ලීමේන්තුව යලි කැඳවන ලෙස ඉල්ලා සජිත්ගේ පාර්ශවය නොහොත් මෛත්‍රී ගුනරත්න විසින් ගොණු කල පෙත්සමක් අද දින අධිකරණයට ඉදිරිපත්ව ඇත.පැරණි පාර්ලීමේන්තුව යලි නොකැඳවීම නිසා පුරවැසියෙකු ලෙස මෛත්‍රී ගුණරත්නගේ ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව පෙත්සමින් කියා ඇත.

කෙසේ වුවද මේ සම්බන්ධව නීති ව්‍යවස්ථා විශාරදයෙකුගෙන් අප කළ විමසීමකදී ඔහු සදහන් කළේ මෙවැන්නකි. කොරෝනා උවදුර නිසා ඇතිව තිබෙන තත්වය හමුවේ ලෝකයේ සෑම පුද්ගලයෙකුගේම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ඔහු කීවේය. තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කථා කරන බටහිර රට වල පුරවැසියෙන්ගේ පවා මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇත.

පැරණි පාර්ලීමේන්තුව නොකැඳ වීමෙන් සජිත්ගේ, මෛත්‍රී ගුණේගේ මූලික අයිතිවාසිකම් උල්ලඝණය වී ඇතැයි කියන්නේ නම් ඇඳිරි නීතිය නිසා ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවේද යන තර්කය පැන නගින බව ඔහු ප්‍රශ්න කළේය. නොවැලැක්විය හැකි හේතූන් නිසා ජන ජීවිතය අසාමාන්‍ය වී ඇති පසුබිමක සාමාන්‍ය නීතිය ගැන කථා කිරීම විහිලුවක් බව ඔහු කීවේය.

සජිත්ගේ ඔල මොට්ටල වැඩ නිසා Rule of necessity (වයාතිරේඛයේ නීතිය) අනුව වැඩ කිරීමට ජනාධිපතිවරයා පෙලඹිය හැකි බව බොහෝදෙනෙකුගේ මතය වෙයි. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සාමාජිකයන්, ජනාධිපති ලේකම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සහ නීතිපතිවරයාව නම්කර ඇත.