ඉන්දියාවේ මරණ ස්පාඤ්ඥය අභිබවයි,දකුණු ආසියාව අමු සොහොනක් වෙයිද

යුරෝපයේ වසංගත තත්වය පහව යද්දී දකුණු ආසියාවේ තත්වය දරුණු වෙමින් පවතින බව ජාත්‍යන්තර විශ්ලේෂකයන් ප්‍රකාශ කරයි.ඊයේ ඉතාලිය , ස්පාඤ්ඥය වැනි රට වල මරණ සංඛ්‍යාව 200ට අඩු අගයක් ගෙන තිබුනි. නමුත් ඉන්දියාව ස්පාඤ්ඥය අභිබවා ගොස් මරණ 175 වාර්තා කර තිබුනි, රෝගීන් 4000 ක් පමන වාර්තා විය.

මෙතෙක් ඉන්දියාව තුළ දිනකට වාර්තා වූ වැඩිම ආසාදිතයින් ප්‍රමාණය එය විය.  රට පුරා කොරෝනා වෛරසය ආසාදනය වූවන් 50000 ඉක්මවා ඇත. බංගලාදේශයේ , පකිස්ථානයේ සහ අෆ්ගනිස්ථානයේ තත්වයද පාලනයෙන් ගිලිහී ඈති බව වාර්තා වෙයි

පැල්පත් නිවාස කලාප දැඩි අවධානමකට ලක්ව තිබෙන අතර ආසියාවේ විශාලතම පැල්පත් නිවාස කලාපය ලෙස දැක්වෙන ඉන්දියාවේ ධාරවී ප්‍රදේශයේ ආසාදිතයින් 632ක් වාර්තා වී තිබෙන අතර ඊයේ (04) දිනය වන විට මරණ 20ක් සිදුව ඇත.