දඹුල්ලේ සෙබලාට මොකද වුනේ ? කෙස් කෙලින් කරන ඇත්ත මෙන්න

ඊයේ දඹුල්ලෙ මහ මග මිය ගිය සෙබලාගේ කථාව මේ වන විට රට උඩු යටි කුරු ඇත . ඔහුගේ මරණය පිළිබදව රජය කියන දේ පිලිගන්නා ස්වභාවයක් ජනයා තුලින් විද්‍යාමාන නොවෙයි.

ආධුනිකයන් හමුදාවට බඳවා ගැනීමට පෙර වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරන අතර මීමැස්මොර රෝගීන් කිසිවෙකු හමුදාවට බඳවා නොගනියි. එපමනක් නොව පපු ප්‍රදේශය පූර්ණ Xරේ පරීක්ෂණයකට ලක් කරයි. හෘද රෝග හෝ ස්වසන ආබාද ඇති අය හමුදාවට ඇතුල් කර නොගනියි

කොරෝනා වෛද්‍ය පරීක්ෂණ ගැන ලංකාවේ පුද්ගලයන්ගේ දැනුම අවම මට්ටමක පවතියි. එහෙයින් මේ ඒ පිලිබද කෙටි විස්තරයකි. කොරෝනා හදුනා ගැනිම තුන් ආකාරයකට සිදුවෙයි . එනම් වෛද්‍ය පරීක්ෂණ වර්ග 3කි.

  1. ස්වැබ් ටෙස්ට් ( නාසයෙන් හෝ කටින් ලබා ගන්නා සෙම පරීක්ෂණයට ලක් කිරීම )
  2. ලේ සාම්පල් පරීක්ෂාව ( වෛරසයට එරෙහි ප්‍රතිදේශ තිබේද යන්න සොයා බලයි)
  3. පටක පරීක්ෂාව ( මිය ගිය පුද්ගලයෙකු කොරෝනා ආසාදනයට ලක්වූයේද යන්න සොයා ගන්නේ මෙම පරීක්ෂණය මගිනි, ඒ සදහා මිය ගිය පුද්ගලයාගේ පෙනහැල්ලෙන් පටක ලබා ගත යුතුය)

මෙරට හදිසියේ මිය යන පුද්ගලයන් කොරෝනා ආසාදිතයන් නොවේ යයි ප්‍රකාශ කරන්නේ පටක පරීක්ෂාවෙන් තොරව යයි , මේ වන විට දැඩි කතා බහක් ඇති වී ඇත.