රා බීවේ නෑ,බූරු ගැහුවේ නෑ,කාඩ් සෙල්ලම් කරා විතරයි,අපි හරි පව්

බූරු ගැසීමේ චෝදනාව මත  අත්අඩංගුවට ගත් සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක සසංක සම්පත් සංජිව ( නාවලපිටිය නගර සභාවේ සභාපති )  ඇතුළු අට දෙනෙකු රු ලක්ෂයක ශරිර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් වරයා අද නියෝග කළේය

සජබ අපෙක්ෂක සසංක වෙනුවෙන් පෙනි සිටි නිතිඥයින් සේවාදායකයා  නිරෝධාන පනත උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් වරද ගත්තේය. නමුත් මුදල් ඔට්‍ටුවට බූරු ගැසුවේ නැති බවත් කාඩ් සෙල්ලම් කරන අවස්තාවේ  පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව කීවේය. එම නිසා සානුකම්පිතව බලා ඕනැම ඇප කොන්දේසියක් මත සැකකරුවන් මුදා හරින ලෙස ඉල්ලා සිටියේය

අධිකරණයේ පිටතට පැමිණි වහාම සජබ අපේක්ෂකයා වීරයෙකු සේ කථා පවත්වනු දැකිය හැකි විය. රා බෝතල් සහ ඔට්‍ටු මුදල් ඔහුගේ දේශපාලන එදිරිවාදීන් විසින් තැබූ එවා බව කිවේය. තමන් අත්අඩංගුවට ගැනිම දේශපාලන අවශ්‍යයතාවයක් මත සිදු වුවක් යැයි කීවේය

සජිත්ගේ ගෝලයා කෙසේ කීවද ඔට්‍ටු තැබූ මුදල් සහ පානය කරමින් තිබූ රා බෝතල් එම ස්ථානයෙදීම පොලිස් භාරයට ගෙන තිබූ අතර , වාහනයේද රා බෝතල් තිබූ නිසා වාහනයද පොලිස් භාරයට ගෙන තිබිනි. වැටලිම සිදු කරන අවස්තාවේ බූරු ගසමින් සිටි තවත් දස දෙනෙකු පමන පලා ගොස් තිබුනි.මේ සියල්ල සිදු වූයේ නාවලපිටිය ලොක් ඩවුන් කොට ඇඳිරි නීතිය පනවා තිබියදීය