පාර්ලීමේන්තුව යලි කැඳවයි, ජාතික ආණ්ඩුවකට කොළ එළියක්


ජනපතිවරණයට පසු එලඹෙන පාර්ලීමේන්තු මැතිවරණයේදී තුනෙන් දෙකේ බලය ගෙන විධායකය යලි ස්ථාපිත කිරීම ගෝඨාගේ අරමුන  විය. ඒ අරභයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පුළුවන්කම ලැබුණු පළමු දිනයේදීම එය විසුරුවා හැරියේය. නමුත් කොරෝනා නිසා මැතිවරණය පැවැත්වීමට නොහැකි විය.

පාර්ලීමේන්තුව යලි ස්ථාපිත කිරීම


පාර්ලීමේන්තුව විසිර වීමෙන් පසුව මුදල් වැය කිරීමේ බලය ජනාධිපතිට ලැබුණද, එහි සීමාව මාස 3කි. එම නිසා මැතිවරණය කල් තැබීම ගෝඨා විෂයේ ගැටලුවක් විය. මැතිවරණය කල් යන්නේ නම් පැරණි පාර්ලීමේන්තුව කැදවීම විකල්පයකි.නමුත් එහි බහුතර බලයක් නැති නිසා ගෝඨා ඊට අකමැතිය. මැතිවරණය කල් යාමද රාජපක්ෂලාට අවාසිය. දිනෙන් දින රට වැටෙන නිසා ජනතා ප්‍රසාදය අඩු වීම ඊට හේතුවය

ව්‍යවස්ථා අර්බුධය

මැතිවරණ කොමිසම චන්ද පැවැත්වෙන දිනය ලෙස ජූනි 20 නම් කළේය. නමුත් එම දිනය ව්‍යවස්ථාවේ නියමයන්ට පටහැනිය. පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ මාර්තු 2 ය. එතැන් සිට මාස තුනක් ගත වීමට පෙර නව පාර්ලීමේන්තුව ‍රැස් විය යුතුය. එනම් ජූනි 2වනදා හෝ ඊට පෙරය. නමුත් කොමිසම ඡන්දයට දින නියම කළේ ජුනි 20 ය. ජූනි 20 කතාවද ෂුවර් නැත. ඒ අනුව ව්‍යවස්ථා අර්බුධයක් පැන නැගී ඇත.

වහළුන්


ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවීම වළකා ගතහැකි පහසුම මග අධිකරණ මතය ලබාගැනීමය. නමුත් ඊට මැකෝ සහ ගෝඨා යන දෙදෙනාම අකමැතිය. දැන් කෝච්චිය තිබෙන්නේ රේල්පාරේ නොව පිටය. යන්න හදන්නේ රේල් පාරේ නොව මහපාරේය. රියදුරා පමණක් නොව දුම්රියේ සිටින මිනිසුන්ද රේල් පාරේ යන ගමනට වඩා මහපාරේ යන ගමනට කැමති සෙයක් දිස් වෙයි. එම ගමන කෝච්චියට මෙන්ම ජනයාට විනාශය ගෙන දෙන බව වටහා නොගැනීම අවාසනාවකි

පාර්ලීමේන්තුව  නොසලකා හැරීම බූමරංගයකි

මේ වන විට ජනපතිට මුදල් බලතල හිමි මාස 3 ගත වී අවසානය ,නමුත් රජය මුදල් වියදම් කරයි. මහජන නියෝජිතයන්ගේ අනුදැනුමකින් තොරව මුදල් වියදම් කිරීම සහ  ගිවිසුම් අත්සන් කිරීම භයානක ප්‍රතිවිපාක ගෙන දිය හැක. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හුදු කඩදාසියක් නොවේ  . පාර්ලීමේන්තුව නොසලකා කටයුතු කිරීම  බෑලූ බැල්මට සරල වුවද තීරනාත්මක හෝරාවේදී  එය රාජපක්ෂලාට විනාශයක් වනු ඇත

ජාතික ආණ්ඩුව


අද ලංකාව සිටින්නේ කොරෝනා ආධාරවලින් රට දුවන තත්ත්වයකය. රජයට ආදායම් ලැබෙන මාර්ග බිඳ වැටී ඇත. පුද්ගලික අංශය කඩා වැටී ඇත. රක්ෂා අහිමි වී ඇත. නමුත් ලබා ගත් ණය සතයක් වත් අඩු වී නැත. ඒවා එලෙසම ගෙවිය යුතුය. කොරෝනා සමග ලංකාවේ සමාජ-දේශපාලන හා ආර්ථිකය ක්‍රියාවලිය කඩා වැටීමේ වේගය දෙගුණ තෙගුණ වී ඇත.රට කඩා වැටෙන තුරු නිහඬ ප්‍රේක්ෂකයන් ලෙස සිටිය හැකිද?

කොළ එළිය

පක්ෂ-විපක්ෂ සාම්ප්‍රදායික දේශපාලනය වෙනුවට රට නගන ජාතික දේශපාලනයක් ගැන සිතිය යුතුව ඇත. එසේ නොවුව හොත් දැන හෝ නොදැන ඔබත් මමත් රට විනාශ කිරීමේ පාපයට හවුල් වනු ඇත.ජාතික ආණ්ඩුවක් යනු මහින්ද ගෝඨා- රනිල් සජිත් එකමුතුවකට එහා ගිය සංකල්පයකි.පක්ෂ දේශපාලනය වෙනුවට රට නැගීම වෙනුවෙන් ගොඩනගන එකමුතුවකි. එවැනි ප්‍රතිපත්තීමය එකමුතුවකට අවැසි කොළ එළිය පොහොට්‍ටුවෙන් සහ එජාපයෙන්  දැල්වී ඇත

One thought on “පාර්ලීමේන්තුව යලි කැඳවයි, ජාතික ආණ්ඩුවකට කොළ එළියක්

  1. සුකුමාර් අයිනපිල්ලි.

    - Edit

    තත්ත්වය බැරැරුම් වුවත් ලංකාවේ
    ප්‍රජාව බහුතරයක් නොමග යවපු වසර
    ගණන ඉතා විශාලය ජාතික ආණ්ඩුව කරන්න
    සත් බාවයෙන් කීදෙනෙකු ඉදිරිපත් වෙයිද
    වෙයිද? සංහිඳියාව යුද්ධය හමාරවි වසර
    ගණන් පල්වෙයි තවම එයද ජාතික ආණ්ඩුවට බාධාවක් ඇති කරයි
    ලංකව අපේ කිව්වාට සමහර කෙටස් දියුණු
    වෙනු දකින්නට අකමැති අය නැත
    කියන්න අපට සක්තිය නැත.
    ජාතික ආආණ්ඩුවක් නමින් වැඩක් නැත
    පළමව නීතිය
    සියලු පුරවැසියන්ට සමාන විය යුතුයි
    දෙවනුව ලංකාවේ වර්තමාන තත්ත්වයට
    ගැලපෙන නීති සංසොදන විය යුතුයි ..

Comments are closed.