සජිත් අනාථයි , පක්ෂය තුනට කැඩේ

එජාපයේ  සිටි තරුණ මන්ත්‍රීන්  සැලකිව යුතු පිරිසක්  සජිත් ගේ නව පක්ෂය  සමග එක් වූ බව නොරහසකි . එසේ ගිය උන් බොහොමයකට එජාපය තුල  දීප්තිමත් අනාගතයක් තිබුණි. නමුත් නරක කලට සතහට පැමිනෙන විපත නොවැලැක්විය හැක. කෙසේ වුවද එජාපය කඩාගෙන ගිය පිරිස යලි එක් වීමට  කරන සාකච්ඡා තවමත් පැවැත්වෙයි.

සජිත් සමග ගිය එජාප පිරිසට මෙවන් විපතක් අත්වූයේ නොසිතූ ලෙස රට කොරෝනා උවදුරට ලක් වීම නිසාය. කිලි මහරාජා සහ සිරස ආයතනය  හැදූ ”සජිත් ‍රැල්ල” මේ වන විට බින්දුවට හිඳි ඇත. සජිත්ගේ නව පක්ෂය කොරෝනා වෛරසයෙන් මිය ගිය පලමු රෝගියා විය.

පවතින තත්වය ගැන සජිත් සමග ගිය පසුපෙල මන්ත්‍රීකෙනෙක් අප සමග අපූරු කථාවක් කීවේය. ඔහු කියන පරිදි පොළේ ගිය නයාට අත්වූ ඉරණම සජිත්ට අත් වි ඇත. නයාට නයි නටවන්නා සෙවනක්  වූයේ යම් සේද සජිත්ට  එජාපය සෙවනක් විය. නයි නටවන්නාගෙන් මිදී තනියම නටන්න ගිය නයාට ලැබුනේ ගල් මුගුරුය. එජාපයෙන් ඉවත්ව ඉක්මනින් රජ වීමට ගිය සජිත්ට අත්වූයේ එම  ඉරණමය.

එජාපයට පි‍ටු පැමත් සමග ලක්ෂ ගණනක් ජන හදවත් තුල ”එජාපයේ ප්‍රේමදාස පුතා ” අවලංගු කාසියක් බවට පත් විය. සුවසහක් එජාප පක්ෂිකයන් තුල වූ ප්‍රතිරූපය එක් ‍රැයකින් සුණු විසුණු විය . සමාජයේ සජිත්ට හිමිව තිබූ සදාචාර බලය යම් ප්‍රමාණයකට අඩු විය.

සජිත් එජාපයෙන්  අයින් වීමත් සමග මුහුණු පොතේ වූ ලයික් 75000 කින් පමන අඩු විය. දැන් සජිත්ගේ ජනප්‍රියත්වය ‍රැදී ඇත්තේ ” ලයික් ෆැක්ටරි” මගින් පුරවන කෘතීම ලයික් වලිනි. නමුත් එම කාලයේදී චම්පිකගේ මුහුණු පොතේ ලයික් 15000 කින් පමන  වැඩි විය. චම්පික කොරෝනා උවදුර  ගැන පල කළ සටහන්, වීඩියො ජනයා අතර ජනප්‍රිය විය. චම්පික කෙටි කාලයක් තුල  සජබ පක්ෂයේ  සලකුණ බවට පත් විය.

චම්පික සජබ පක්ෂය තුල ජනප්‍රිය වීමත් සමග  සජිත්ගේ ගෝල බාල පිරිසෙන් කොටසක් චම්පික වටා රොක් වූ අතර තවත් කොටසක් එජාපය සමග එක් වීමට සාකච්ඡා පටන් ගත්තේය. සජිත්ගේ පුංචි මොළ කෑල්ලට අනුව චම්පික අභිබවා යා හැකි ” ස්කිල් ” එකක් ලෙස ඔහුට ඇත්තේ ඉංග්‍රීසි දැනුම පමනි.

කරුණු එසේ වූ නිසාදෝ සජිත් මෑතක සිට ඉංග්‍රීසි දැනුමින් ශිල්ප දැක්වීමට ප්‍රමුඛතාවය දුන්නේය. ඔහු මෑතකදී මාධ්‍ය ආයතනයක් යැයි කියා ගන්නා *TheNews21* නම් වූ ඉන්දීය නාලිකාවකට ඉන්ටර්විවි එකක් දුන්නේය. එම නාලිකාවට ෆෙස් බුක් ලයික් ඇත්තේ 316 පමනි. එහි යූ ටියුබ් නාලිකාවට සබ්ස්ක්‍රයිබ් ඇත්තේ 320 ක් පමනි. එම වීඩියො පටය උජාරුවට සජිත්ගේ මුහුණු පොතේද පල කොට ඇත .

සජිත් වැටී ඇති වල ගැන ලිවීමට මීට වඩා කාලය මිඩංගු කළ යුතු නැත. නමුත් තුට්‍ටු දෙකේ වැඩ කරන , විකට ස්වරූපයේ විපක්ෂ නායකයෙකු රටට මහත් අපකීර්තියකි, අභාග්‍යකි.