සජිත් චම්පිකට එරෙහිව කඩු සටනක

 සජිත්ගේ පුංචි මොළ කෑල්ලට අනුව චම්පික අභිබවා යා හැකි ” ස්කිල් ” එකක් ලෙස ඔහුට ඇත්තේ ඉංග්‍රීසි දැනුම පමනි. එමනිසා එම ”ස්කිල්” එක භාවිතා කොට චම්පික පරාජය කොට රේස් එක දිනීමට සජිත් උත්සාහ කරයි. අද දින ඉංග්‍රීසි භාෂාවෙන් දැමූ විටර් පනිවිඩයක් මේ වන විට සමාජ ජාලා වල උසුළු විසිළු වලට ලක් වෙමින් ඇත

සජිත් මෑතක සිට ඉංග්‍රීසි දැනුමින් ශිල්ප දැක්වීමට ප්‍රමුඛතාවය දෙන බව මීට පෙර ලිපියකින් අප පෙන්වා දුන්නෙමු. අපගේ අනාවැකිය දැන් සත්‍ය වී ඇත. ඔහු පසුගිය සතියේ *TheNews21* නම් වූ ඉන්දීය නාලිකාවකට ඉන්ටර්විවි එකක් දුන්නේය. එම නාලිකාවට ෆෙස් බුක් ලයික් ඇත්තේ 316 පමනි. එහි යූ ටියුබ් නාලිකාවට සබ්ස්ක්‍රයිබ් ඇත්තේ 320 ක් පමනි. එම වීඩියො පටය උජාරුවට සජිත්ගේ මුහුණු පොතේද පල කොට ඇත .

ඔ‍ටුන්න හිමි වුවද සසර පුරුද්දට සොරකම් කළ රජුන් මෙසිරි ලංකාවේ සිටියහ. ගණිකා වෘත්තියේ යෙදුනු රාජිණියන් සිටියහ. සජිත් කර්ම ප්‍රවාහයට අවනත වී විකටයෙකු ලෙස හැසිරීමෙහි අරුමයක් නැත. නමුත් විකට ස්වරූපයේ විපක්ෂ නායකයෙකු රටට මහත් අපකීර්තියකි, අභාග්‍යකි. අප සජිත් පිලිබදව විවේචනාත්මක ලිපි පළ කරන්නේ ද්වේශ සහගතව නොව අප ලියන ලිපි කියවා සජිත් හොද පුතෙකු වනු ඇතැයි බලාපොරොත්තුවෙනි