මැකො ගස්, බැඳියාවන් අතර ගැ‍ටුම අපරාධ වරදක්

විදෙස්ගතව සිටි සිය පුත්‍රයා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා සිය තනතුරේ බලය අවභාවිතා කරමින් ජනාධිපති ලේකම්වරයා ඇතුළු ඉහළ රජයේ නිලධාරීන් සමඟ සහ නෙදර්ලන්ත තානාපතිවරයා සමඟ ගනුදෙනු කළ බවට එල්ල වී ඇති තදබල චෝදනාව හමුවේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට යන බව  ආරංචි මාර්ග  සඳහන් කරයි. 

මහින්ද දේශප්‍රියගේ දරුවා කුඩා දරුවෙකු නොව ශ්‍රී ලංකා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කරන ඉංජිනේරුවෙකි. මහින්ද දේශප්‍රියගේ පුතා සමග තවත් සිය ගණනක පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි අතර ජනාධිපති ලේකම්වරයා සෘජුව මැදිහත්වීමක් කර තිබුනේ මහින්ද දේශප්‍රියගේ පුතා ගැන පමනි. එසේ නම් එය නිසැකවම තනතුර අවභාවිතා කිරීමකි . එපමනක් නොව ඉතා පැහැදිළිවම බැඳියාවන් අතර ගැ‍ටුමකි.( Conflict of interest ). බැදියාවන් අතර ගැ‍ටුම  සිවිල් නීතියේ හා අපරාධ නීතියේ එන සිද්ධාන්තයකි. එනම් මැකෝ කර ඇත්තේ අපරාධ වරදකි.

කල් දමන ලද මහමැතිවරණය මැයි මාසයේදීම පැවැත්වීමට උත්සාහ කිරීම, ව්‍යවස්ථාවට අනනුකූල ලෙස ජුනි 20 වනදා මැතිවරණයට දින නියම කිරීම වැනි චෝදනා ඇත.(ජුනි 20 ජනාධිපති ගෝඨාගේ උපන් දිනය වෙයි  ) .තවද 2010  ජනාධිපතිවරණයේ  සිදුවූවා යයි කියන ජිල්මාට්,  ඇමෙරිකන් පුරවැසියෙකු ජනපති අපේක්ෂකයෙකු ලෙස පිළිගැනීම ඇතුළු කරුණු කාරනා බොහොමයක් නිසා මහින්ද දේශප්‍රියගේ අවංකභාවය  දැඩි ප්‍රශ්නාර්ථයක් බව පක්ෂ විපක්ෂ දේශපාලකයන්ගේ මතය වී ඇත.

සුදු පිරුවට ඇඳ කථා කියන මහින්ද දේශප්‍රියට එරෙහිව තවත් බරපතල චෝදනා ඇත. මහින්ද දේශප්‍රියට එල්.බී. මානෙල් නිෂාන්ති නම් ඥාති සොහොයුරියක් විය. (ලොකු අම්මාගේ දුව) කුඩා කල මහින්ද දේශප්‍රියගේ දරුවන් බලා ගත්තේ ඇයයි.  මහින්ද දේශප්‍රිය  බැසිල්ට කනපින්දම් කියා එකී ඥාතිවරියට  සමෘද්ධි  පත්වීමක් ලබා ගෙන ඇත. ප්‍රදේශය වතුගෙදර, බලපිටිය ලෙසින් පත්වීම ලැබුණි. අවාසනාවට මහින්ද දේශප්‍රියගේ ඥාති සොයුරිය  සමෘද්ධි සහායකයෙකු සමග හාද වී පැන ගියාය. ඔවුන් දෙදෙනා පැන ගියේ යම් සමුද්ධි මුදල් ප්‍රමාණයක් ද සමගිනි. නමුත් මහින්ද දේශප්‍රිය කංකෙඳිරි ගා එම නඩුවත් ගොඩ දා ගැනීමට සමත් විය. එපමනක් නොව කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව යලි ‍රැකියාව ලබා ගැනීමට ද සමත් විය. කරුණු එසේ  නම්  මැකෝ ඩීල් දාන්නේ නැතැයි කිව හැක්කේ කාටද?