ගෝඨා ඇමෙරිකන්, ජනපති ධූරය මට ඕනෑ – සිගිති කුමන්ත්‍රණය මෙන්න

ජනාධිපති ගෝඨාගේ ඇමරිකානු පුරවැසිභාවය පිළිබදව නඩු පැවරීමට සජිත් ප්‍රේමදාස නිති උපදෙස් ගෙන ඇති බව අප වෙත වාර්තා වී ඇත. ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දෙන විට  ගෝඨා  ඇමරිකා පුරවැසියෙකු බවත්  එම නිසා ඔහුගේ ජයග‍්‍රහණය බල රහිත කරවා  ඊලගට වැඩිම ඡන්ද ගත් තමා ජනපති ධූරයේ පිහි‍ටුවන ඉල්ලා පෙත්සම ගොණු කිරීමට නියමිතය.

මැතිවරණ කොමසාරිස් මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂි කරුවෙකි. මේවන විට  මැතිවරණ කොමසාරිස්   ” බැඳියාවන් අතර ගැ‍ටුම  ” යටතේ අපරාධ චෝදනා වලට ලක්ව ඇත.මැකෝට හොදම රාජ්‍ය සේවකයා ලෙස දුන්  සම්මානය ආපසු කැදවන ලෙස පෙත්සමක් අත්සන් කෙරෙමින් පවතියි. (මීට පෙර මහරගම පිළිකා රෝහල්  අධ්‍යක්ෂක වසන්ත දිසානායකට දුන් සම්මානය ආපසු කැඳවා තිබුනි).

මෙවන් පසුබිමක් තුල සජිත් දෙපිටිකාට්‍ටු මැතිවරණ කොමා වෙනුවෙන් පෙනී සිටින්නේ  තම නඩුවට තල්ලුවක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. ගෝඨා  ඇමෙරිකන් පුරවැසිභාවය ඉවත් කරගත් ලිපිලේඛන නාම යෝජනා සමග  ඉදිරි පත් නොකල බවට ලිඛිත ප්‍රකාශයක් ලබා දෙන ලෙස සජිත් මැකෝ ගෙන් ඉල්ලා ඇත. මැකෝ මේවන විට රෙද්ද බේරා ගැනීමේ උභ‍තෝකෝටිකයයට ලක්ව ඇත. සජිත් සහ මංගල දිය බොර කරමින් බාළු බායි

සිද්ධිය පිළිබදව සජිත්ගේ හිතවතෙකු කීවේ මෙවැන්නකි. කිලී මහරාජා කෘතීමව ඇති කළ සජිත් ‍රැල්ල බින්දුවට හිඳී  ඇත.  පසුගිය මාස 2ක තුල සජිත්ගේ මුහුනු පොතේ ලයික් ලක්ෂයට වඩා අඩුවිය. සජබ පිල සජිත් මාකට් කිරීම පසෙක තබා   ” මූ අපිව කෑවා” කියමින් දෙස් දෙවොල් තබමින් සිටියි.  කොටසක් චම්පික  හා එක් වී ඇත.තවත් පිරිසක් එජාපයට යලි එක්වීමට සාකච්ඡා කරමින් සිටියි. හොදම කථාව , උදේට චම්පික සහ එජාපය සමග කථා කරන පිරිස හැන්දැවට බැසිල්  සරණ යාමය.

කෙසේ වුවද  සජිත්ගේ ‘ඇනලයිසිස්’ වලට අනුව තත්වය එය නොවේ. හිතවතුන් යථා තත්වය තේරූම් කිරීමට උත්සාහ කළද සජිත්ගේ මොළ කෑල්ල එය තේරුම් නොගනියි.මේවනවිට සජිත්ගේ කලකිරියාව  මිතුරන්ට තිත්ත වී ඇත. මිතුරන්ට පමනක් නොව සජිත්ගේ කැපකරු පියා වන කීලිටද සහ කැපකරු බිරිද වන ජලනීටද සජිත් එපා වී ඇත. ජනපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමට පෙර සිටම සජිත් හැසිරුනේ 7 වන විධායක ජනපති ඔහු ලෙසිනි. ඔහු විධායක ජනපතිට සූට් මැසුවේය . විධායක ජනපති ලෙස ජාතිය ඇමතුවේය.

ගෝඨාභය රාජපක්ෂ  69 ලක්ෂයක වාර්තා ගත ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කළද සජිත්ට අනුව මේ රටේ නියම ජනපති  ගෝඨා නොවේ. සජිත් සිතන්නේ මේ රටේ නියම ජනපති ඔහු ලෙසිනි . සිය මුහුණු පොතේ සහ ට්විටර් පි‍ටුවේ බැක් ග්‍රවුන්ඩ් පොටෝ එක බැලීමෙන් ඕනෑම අයෙකුට එය තේරුම් ගත හැක. කරුණු එසේ හෙයින් ගෝඨා ඇමෙරිකන් , ජනපති ධූරය මට ඕනෑ කියා සජිත්  නඩු මගට යාමෙහි  අරුමයක් නැත

ඔ‍ටුන්න හිමි වුවද සසර පුරුද්දට සොරකම් කළ රජුන් මෙසිරි ලංකාවේ සිටියහ. ගණිකා වෘත්තියේ යෙදුනු රාජිණියන් සිටියහ. සජිත් කර්ම ප්‍රවාහයට අවනත වී විකටයෙකු ලෙස හැසිරීමෙහි අරුමයක් නැත. නමුත් විකට ස්වරූපයේ විපක්ෂ නායකයෙකු රටට මහත් අපකීර්තියකි, අභාග්‍යකි. අප සජිත් පිලිබදව විවේචනාත්මක ලිපි පළ කරන්නේ ද්වේශ සහගතව නොව අප ලියන ලිපි කියවා සජිත් හොද පුතෙකු වනු ඇතැයි බලාපොරොත්තුවෙනි