අයියෝ! අපි ගුණමකුවෙක් පිම්බුවා, අපිට සමාවෙන්න..

වෙසක් සතියේ සජිත් ප්‍රේමදාස කර ඇති අමානුෂික මහා පාප කර්මයක් පිළිබඳ සිද්දියකින් සමාජ ජාලා ගිණි ගෙන ඇත. එම සිද්ධිය මෙසේය

සජිත්ගේ  හිටපු මාධ්‍ය ලේකම් ප්‍රවීණ මාධ්‍යවේදී මහිලාල් එම් සෙනෙවිරත්න වකුගඩු ආබාදයක් හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව ඇත. ඒ අවස්ථාවේදී ඔහුගේ පවුලේ හිතවතුන් ඒ සම්බන්ධයෙන් සජිත් දැනුවත් කොට ඇත. අනතුරුව සජිත්ගේ  උපදෙස් මත මහිලාල් සෙනෙවිරත්න ශ්‍රී ජයවර්ධන පුර රෝහලට ඇතුළත් කොට  ඇත. එසේ ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබෙන්නේ සියලු වියදම් තමා දරන බවට සජිත් දුන් පොරොන්දුව නිසාය.

නමුත් අවසානයේ දී පොරොන්දු වූ පරිදි රෝහල් ගාස්තුව ගෙවීම සජිත් ප්‍රේමදාස මඟ හැර ඇත . රෝහල් ගාස්තුව වෙනුවෙන් පමණක් රුපියල් 1,75,000ක බිල් පතක් මහිලාල් සෙනෙවිරත්නගේ අතට රෝහල් බලධාරීන් ලබා දී ඇති අතර එම බිල් පත අතේ තබා ගෙන ඔහු සජිත් ප්‍රේමදාස මහතාගේ 0777775527 යන ජංගම දුරකථනයට දිගින් දිගටම කතා කර ඇතත් ඔහු ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

රුපියල් 1,75,000ක් තබා ඒ වන විට අතේ සත පහක්වත් තිබී නොමැති මහිලාල් සෙනෙවිරත්න මේ හේතුවෙන් ලැජ්ජාවට සේම අන්ත අසරණ භාවයට පත්ව ඇති අතර කවුරුන් හෝ පිහිටට ඇවිත් බිල ගෙවන තුරු ඔහුට රෝහලේ වැඩිපුර දවස් දෙකක් සිටීමට සිදුව ඇත. රෝහලේ බිල නොගෙවීම නිසා එම වැඩිපුර දවස් දෙකම මේ අසාධ්‍ය රෝගියාට රැය පහන් කිරීමට සිදුව ඇත්තේ වාට්ටුවේ ඇඳක් මත නොව රෝහලේ කොරිඩෝවේ තිබෙන බංකුවක් මතය.

සජිත්ගේ ගුණමකු කල කිරියාව ගැන ඔහුගේ අධාර කරුවන් බොහෝදෙනෙකු කම්පාවට පත් වීඇති අතර සමාජ ජාලා හරහා සජිත්ට විරෝධය පල කරමින් සිටියි