රාජිත ගැන නොකී කථා !

රාජිත රක්ෂිත බන්ධනාගාර ගත කළ නඩු තීන්දුව දුන්නේ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්නය. 2012 ඔක්තෝම්බර් මස 7 වන දින මංජුල තිලකරත්න අධිකරණ සේවා කොමිසන් සභාවේ ලේකම්ව සිටියදී ජනාධිපති ආරක්‍ෂ අංශයේ මැරයන් පිරිසකගේ පහර කෑමට ලක් විය . පිස්‌තෝලයකින් පහරදී රුපියල් 19,000 ක්‌ වටිනා දුරකථනයක්‌ හා රුපියල් 20 000ක්‌ වටිනා අව් කණ්‌නාඩියක්‌ පැහැර ගැනීම යන ශීර්ෂය යටතේ මොහු මේ පිළිබදව ගල්කිස්ස පොලීසියේ පැමිනිල්ලක්ද කළේය.

අධිකරන සේවා කොමිෂන් සභාවේ ලේකම් පත් කරන්නේ අගවිණිසුරු විසිනි. ශිරානි බණ්ඩාරනායකට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගයේ මංජුල තිලකරත්න අධිකරන සේවා කොමිෂන් සභාවේ ලේකම් ලෙස පත්කිරීම අභියෝගයට ලක්කොට තිබුනි. අධිකරණවල ජ්‍යෙෂ්ඨ නිලධරයන් අතුරෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා පත්කළ යුතු බවට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 111ඌ මගින් ප‍්‍රතිපාදන සලසා තිබියදී ශිරානි නිල බලයෙන් මංජුල තිලකරත්න පත්කළ බවත් එමගින් නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨත්වය නොසලකා හැරි බවත් එමගින් 111 ඌ උල්ලංඝනය කල බවට චෝදනාවක් විය.

රාජපක්ෂ ආන්ඩු සමයේ එම චෝදනාවද ඇතුලුව චෝදනා 14 ක් ශිරානි බන්ඩාරනායකට එරෙහිව ගොණු විය.එම චෝදනා විභාග කිරීමට පාර්ලීමේන්තු තේරීම් කමි‍ටුවක් පත් කළ අතර එහිදි ඇය වරදකාරිය බවට තීන්දු විය.ශිරානී බණ්ඩාරනායකට එරෙහි චෝදනා විභාග කළ කමි‍ටුවේ රාජිත සේනාරත්නද විය. ශිරානි අගවිණිසුරු ධූරයෙන් පහ කිරීමේ තීන්දුව නිකුත් කිරීමත් සමග මහින්ද වාදී පිරිස් අගවිනිසුරු නිල නිවස ඉදිරිපිට කිරිබත් කෑහ. දෝෂාභියෝග විමර්ශන කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ අනුර ප්‍රියදර්ශන ඇතුළු අනෙක් සාමාජිකයන්ද එතනට පැමිණ සතුටු සාමිචීයේ යෙදුනහ. රාජිත සේනාරත්නද ඒ අතර විය.

එදා මංජුල තිලකරත්න කොනක සිටි ශිරානී බන්ඩාරනායකගේ නඩුව විභාග කළේ රාජිතය.ශීරානිට එරෙහිව තීන්දුව දුන් පසු කැවුම් කිරිබත් කෑ පිරිස අතර රාජිතද විය. කරුණු එසේ වූ හෙයින් රාජිතගේ නඩුව මංජුල තිලකරත්න විසින් විභාග කිරීම බැඳියාවන් අතර ගැ‍ටුමක ප්‍රස්තුතයක් යයි මත පල වී ඇත. මංජුල තිලකරත්නට මෙම නඩුව විභාග කිරීමෙන් වැලකී සිටියා නම් වඩා හොද යයි ප්‍රභල මතයක් මේ වන විට නැගී ඇත.

රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු අධිකරණ සංකීරනය අසල සිට මාධ්‍ය වෙත අදහස් පල කළ පාඨලී “රාජිතට ලබා දුන් තීන්දුව දේශපාලන මර්ධනයක්” බව කීවේය. පවතින නීතිය අනුව නඩු තීන්දුවක් කෙරේ පාදක වූ කරුණු විවේචනය කළ හැකි වුවද අධිකරණය විවෙචනය කිරීම උසාවියට අපහාස කිරීමක් ලෙස ගැනෙයි. නඩු තීන්දුවට පාදක වූ කරුනු විවේචනය කරනවා වෙනුවට චම්පික ස්වාධීන අධිකරනයකින් ලබා දුන් තීන්දුවක් අභියෝගයට ලක් කළ බවට නීති තර්කයක් වෙයි. ඊට එරෙහිව තවත් නඩුවක් ගොණු වෙමින් පවතින බව අප වෙත වාර්තා වී ඇත

Lankanewapp.com