පාසැලේ බෝම්බ තැබූ සිංහල ත්‍රස්තවාදියා මේ ගැන සිතුවාද ?

බදුරලිය ප‍්‍රදේශයේ පාසලක තිබී අත්බෝම්බ 13ක් ජීව උන්ඩ සහ වයර් කිහිපයක්   ඊයේ 23 දින සොයාගෙන ඇත.පාසැලේ මුර කරුවා සහ දෙමාපියන් දෙදෙනෙකු එම අවස්ථාවේ පාසැලේ සිට ඇත . කිසියම් පුද්ගලයෙක් පාසල් වත්තේ සිට පැන දුවනු දුටු ගම්වැසියෙක් ඒ බව මුරකරුට පවසා තිබේ. ඒ අනුව සෝදිසි කිරිමේදි අත්බෝම්බ සහිත බෑගය හමුව ඇති අතර පසුව ඔවුන් ඒ බව පොලිසියට දැනුම් දී ඇත.

දේශපාලන වාසි තකා පාසැල් අධ්‍යාපනය කඩාකප්පල් කිරීම

ඒ පිළිබද පරීක්ෂණ පැවැත්වූ පොලීසිය ප්‍රකාෂ කලේ පාසල් පවත්වාගෙන යාම අඩාල කොට දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණ ඇතිව කිසියම් පිරිසක් විසින් බෝම්බ පාර්සලය තබා ඇති බවය. එම බෑගයේ තිබී ඇත්තේ හමුදාව විසින් මුනට මුහුනලා කරන සටනකදී  පාවිච්චි කරන අත්බෝම්බ ( හෑන්ඩ් ග්‍රේනේඩ්) කිහිපයකි. ඒවා වයර් වලින් හෝ රිමෝට් කොන්ට්‍රෝල් වලින් පිපිරවිය නොහැක. එය පුපුරා යාමට නම් එහි ඇති පින් එක ගලවා විසිකල යුතුය. එහෙයින් ඉස්ලාම් ත්‍රස්තවාදියෙකු බෝම්බ ඇටවීමට පැමිණියේනම්  ඊට ජීව උන්ඩ හෝ වයර් ‍රැගෙන එන්නේ නැත

මහින්දලාගේ අවස්ථාවාදී දේශපාලනය

පාස්කු ප්‍රහාරය එල්ල වූයේ අප්‍රියෙල් මස 21 දිනය. දෙවන වාරය සදහා පාසැල් ආරම්භ කිරීමට නියමිතවතිබුනේ අප්‍රියෙල් මස 22 දිනය. පාස්කු ප්‍රහාරයෙන් පසු  ජාතියේ එකම ගැලවුම් කාරයා විමට මහින්ද උත්සාහ කළේය. රටේ අරාජික බවක් ඇති කොට එය සමනය කල හැක්කේ තමන්ට පමනක් බව පෙන්වීම මහින්දගේ සැලසුම විය. මහින්දලාගේ පලමු ගොදුර වූයේ පාසැල් ළමුන්ය.පොහොට්‍ටුවේ උඩ සිට පහලට එකා මෙන් පාසැල් අධ්‍යාපනය අඩාල කිරීමට කටයුතු කළෝය .පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව පාසැල් විවෘත කිරීමට සිටියේ මැයි මස 13 දිනය. අයි එස් ප්‍රහාරයක් එල්ල විය හැකි යයි මැයි 11 වෙනිදා මහින්ද පාර්ලීමෙන්තුවේ ප්‍රකාෂ කලේය 

පාසැල් වල බෝම්බ තැබීම් දක්වා වර්ධනය වූ  බිම්මට්ටමේ පොහොට්‍ටු දේශපාලනය

හමුදාපති ප්‍රකාශ කලේද   ආරක්ෂාවක් නොමැති ටියුෂන් පංති වල ලමුන්ගේ කිසිදු අඩුවක් නොමැතිව වුවද පුළුල් ආරක්ෂාවක් සැපයු පාසැල් වෙත ළමුන් නොයන බවය. පාසැල් අධ්‍යාපනය අඩාල කිරීමේ කුමන්ත්‍රනයක් ඇතිබව යුධ හමුදාපති කෙලින්ම කීවේය. විශේෂයෙන් පොදු ජනපෙරමුනේ ප්‍රාදේශීය නියෝජිතයන් ආරක්ෂාව පිලිබදව දැනුවත් කරන මුවාවෙන් කළේ පාසැල් ගුරුවරුන් හා දෙමාපියන් බිය කිරීමය. රාජකාරි දුරකථනය යොදා ගනිමින් දවසේ වැඩි මනක් මොවුන් කළේ  මේ කටයුත්තය. දැන් පාසැල් වල බෝම්බ තියන තත්වයට එය වර්ධනය වී ඇත.මැයි 21 යලි පාසැල් විවෘත කරන විට මහින්ද ඇතුලු පොහො‍ටුවන් පාසැල් ගියේ ලමුන්ට ඇති ආදරයට නොවන බව දැන් පැහැදිලිය

කුඩා දරුවෙකු නොදැනුවත්කමින් රින් එක ඉවත් කලේනම් සිදු වන විනාශය!

අත්බෝම්බ යේ උඩ කොළ පැහැති  පියනක් ඇති අතර එය ඉවත් කල විට රිදී පැහැති රින් එකක් දිස් වන්නේය .එම රින් එක ගලවා තත්පර 5ක් ඇතුලත බෝමබය පුපුරා යන්නේය. රින් එක ගැලවුවහොත් පුපුරායාම නියතය . යම් හෙයකින් කුඩා දරුවෙකු නොදැනුවත් කමට බෝම්බයේ රින් එකක් ඉවත් කලේනම් සිදු වන්නේ මහත් විනාෂයකි.  බෝම්බ තැබීමට උපදෙස් දුන් සිංහල ත්‍රස්ත දේශපාලුවා ඒ පිලිබදව නොසිතුවා  විය හැක . ඒ කෙසේ වුවද බෝම්බ තැබූ සිංහල ත්‍රස්තවාදියා සහ උපදෙස් දුන් දේශපාලකයා කර ඇත්තේ හෙන ගහන අපරාධයකි . මෙම සිදුවීම කිසිවිටෙකත් සුලුවෙන් නොතැකිය යුතුය

By- තුෂාරා වන්නිආරච්චි