සජිත් පිල දෙදරයි – අතිපූජ්‍ය,වන්දනීය කථා විතරයි – චම්පික

මංගල සමරවීර විසින් සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් බෞද්ධ භික්ෂූන් කිහිප නමක් සජබ පිලේ ප්‍රධාන ක්‍රියාකාරිකයකු වන ( ඡායා අගමැති) චම්පිකට කථා කොට මංගලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා ඇත.මේවන විට චම්පිකගේ මෙහෙයවීමෙන් මංගල එලවා දැමිමට විශාල මෙහෙයුමක් ආරම්භ කොට ඇත

මේ අතර ඊයේ එම පක්‍ෂයේ හිටපු මන්ත්‍රීවරුන් වන පී. හැරිසන් හා විජේපාල හෙට්ටිආරච්චි මාධ්‍ය හමු පවත්වමින් ප්‍රසිද්ධියේ මංගල සමරවීරගේ ප්‍රකාශය දැඩිව හෙළා දැක්කේය.

සජිත් මේ දක්වා, මංගලට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.ඒ පිළිබදව චම්පික කිහිප වතාවක් සජිත්ට කරුණු දක්වා තිබුනද පලක් වීනැත.කරුණු එසේ හෙයින්, මහා සංඝ රත්නය සම්බන්ධව සජිත්ගේ අති පූජනනීය වන්දනීය නන්දනීය වාග්ලංකාර, හුදු කථා පමනක් බව චම්පික ප්‍රකාශ කොට ඇත

සජබ පිලේ නායකත්වයට සජිත්ට වඩා චම්පික සුදුසුය යන මතවාදය දිනෙන් දින පක්ෂය තුල ශක්තිමත් වෙමින් පවතින බවද අප වෙත තොරතුරු දුන් හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් හෙළිදරව් කළේය.

සජිත්, මංගලට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නේ පක්ෂ තුල දියත්ව ඇති කුමන්ත්‍රණය පිළිබදව ඉව වැටී ඇති නිසා බව සජිත්ට හිතවත් හිටපු මන්ත්‍රීවරයා අප සමග කීවේය.

කෙසේ නමුදු, යලි එජාපයට එක්වීමට මංගල පින්සිරි සමරවීර පනිවිඩයක් යවා ඇති අතර රනිල් ඊට එගක වී නොමැත