අපි එජාපය අල්ලනවා කසියා බන්ඩාර කියයි – මැස්සෙක් ගිය උඩ

ඉදිරි මහ මැතිවරණයේදී සමගි ජනබලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බව අපේක්ෂක නලින් බණ්ඩාර සඳහන් කරයි. එම විශිෂ්ඨ ජයග‍්‍රහණයෙන් පසු තම කණ්ඩායම එජාප බලය අල්ලා ගන්නා බවද ඔහු කියයි. නියම ජන මූල පක්ෂය සජබ වන නිසා සිරිකොතට පවා ඇතුළු වන බව ඔහු කියයි. මාධ්‍ය හමුවක් අමතමින් මේ බව සඳහන් කළේය.

මේ සම්බන්දව එක්සත් ජාතික පක්‍ෂය පවසන්නේ සජිත් පේ‍්‍රමදාස ඇතුළු පිරිස දැන් එජාපයේ නොවන නිසා ඔවුනට එජාපයේ කිසිම අයිතියක් නැති බවය. තවද කෘත්‍යාධිකාරි මණ්ඩලය ‍රැස් කොට අලුත් දේශපාලන පක්ෂයක් අටවා ගෙන පක්ෂය කඩා ගෙන ගිය උන් එලවා දැමිමට එජාපය කටයුතු කරමින් සිටින බව පැවසීය.