අපි යාළුයි ! ඉරාජ්, ඔයත් එන්න අපේ සමගිය බලන්න

කාවිංගගේ ප්‍රතිරූපය විනාශ කිරීමට සමලිංගික වීඩියෝව බෙදා හැරියේ හරීන් යයි, ට්විටර් පනිවිඩයක් තබමින් ඉරාජ් චෝදනා කරයි.හරීන් ප්‍රනාන්දුද ට්විටර් පනිවිඩයකින් ඉරාජ්ට පිලිතුරු දී ඇත.

ඇරිස්ටෝටලියානු තර්ක ශාස්ත්‍රය අනුව හරීන්ගේ ට්විටර් පනිවිඩයෙන් ගම්‍ය වන කරුණු පහත පරිදිය

  1. සමලිංගික වීඩියෝව බෙදා හැරිය බවට ඉරාජ් එල්ල කරන චෝදනාව හරීන් ප්‍රතිෂේප කොට නැත.(ඒ වෙනුවට ඔහු කියන්නේ අපි දෙන්නා දැන් යාළුයි කියාය)
  2. එක පක්ෂයේ සිටින අයට කැත වැඩ කළා කියන දෙවන චෝදනාවද ප්‍රතික්ෂේප කොට නැත.
  3. එකට සිට බෙල්ල කපන අයෙකු යයි ඉරාජ් එල්ල කරන තුන්වන චෝදනාවද හරීන් ප්‍රතික්ෂේප කොට නැත.

හරීන්ට හෙට ප්‍රෙස් එකේදී ඔහුට එල්ල වන චෝදනා සිය අභිමතය පරිදි ප්‍රතික්ෂේප කළ නොහැක . මක්නිසාදයත් හරීන් කියන කථාවට කාවිංග එකග විය යුතුය.පොලීසියේ මතයද ඊට අවශ්‍ය වෙයි . ඒ නිසා දැන් අපි යාළුයි කියා ලිස්සා යා නොහැක.

” ලිංගික වීඩියෝවක් ගැන අපි දන් නෑ, අපිට අමතකයි, වැනි කතාවක්ද කිව නොහැක. කාවිංග එවැනි කථාවක් කිව හොත් බොරු ප්‍රකාශ දීම සම්බන්ධයෙන් වරද කරු වනු ඇත. (දණ්ඩනීති සංග්‍රහයේ False documents and false declaration ).

තවද , අපි දැන් යාලුයි කියා ලිස්සා යාම කාවිංගගේ මානසික වාර්තාවක් කැඳවීමෙන් කෙලවර විය හැක . අවසානයේ ඔහුට පිස්සන් කො‍ටුවේ ලැගීමට සිදු විය හැක.මක්නිසාදයත් කවිංග සමරිසි වීඩියෝව පිළිබදව ජනපතිට පවා පැමිනිළි කොට ඇත

හරින් සහ කාවිංග හෙට ( 21) පවත්වන ප්‍රෙස් එකට ඉරාජ් යනු ඇතැයි දෙකොටියක් ජනයා දෑස් දල්වාගෙන බලා සිටියි. එහිදී ඉරාජ්, හරීන්ගේ ලංකට් එකත් ගැලවෙන ආකාරයේ ප්‍රශ්න අසනු ඇතැයි ජනයා බලා සිටියි. මාධ්‍යවේදීන්ද ප්‍රශ්න වැලක් ඉදිරි පත් කරනු ඇතැයි ජනයා අපේක්ෂා වෙන් සිටියි

වීරයන් මෙන් ට්විටර් පනිවිඩ දැමුවද කාවිංග සහ හරීන් දැන් සිටින්නේ ගෙදර හියොත් අඹු නසී මග සිටියොත් තා නසී වැනි තත්වයකය.මේ සම්බන්ධව සජිත් පක්ෂයේ ප්‍රබලයෙකු අප සමග කීවේ , හරීන් කාවිංගගේ පපුවට පිහෙන් ඇන අතින් වැසීමට උත්සාහ දරන බවත් , ඔවුන් නිහඬ ප්‍රේක්ෂකයන් ලෙස සිටිනවා විනා කල හැක්කක් නැති බවය.