අලිබෙත්ත ගමේ ඇබිත්ත මානෙල්ගේ කථාව

අලිබෙත්ත ගමේ පන්සලේ හිටියා මානෙල් කියලා ඇබිත්තයෙක් . පන්සලේ සංවර්ධන වැඩට  මූ හරි උනන්දුයි. ඒ වගේම තමා මූ පොඩි වැඩ වලට කැමති නෑ. වතුර ටැප් එකක් දාන, බල්බ් එකක් දාන වගේ වැඩ මුට පෙන්නන්ඩ බෑ . මූ කැමති චෛත්‍ය හදන වගේ ලොකු ඒවට . මූ නීලකාස හොරා, සංවර්ධනය මුවාවෙන් කලේ ඌ සංවර්ධනය වෙන එක.

ඇබිත්තයගේ කථාව අනුව පන්සල දවසින් දවස දියුනු වෙනව. පන්සල කොච්චර  සංවර්ධනය කළාද කියන්ව නම්  චෛත්‍ය 5 ක් තියෙනව.  මූ සංවර්ධන වැඩ වලට අරමුදල් හොයන විදිය හරිම සරලයි. මුලින්ම පින් කැටේ කඩනවා . ඊලගට දායකයන්ගේ සාක්කුව හිස් කරනව, මදි ටිකට ණය වෙනව. අනේ ඉතින් සිංහල බෞද්ධ ගමනෙ, උපාසක උපාසිකාවො  දානෙත් දෙනවා, පින් කැටෙත් පුරවනවා , ණයත්  ගෙවනවා.

ඔහොම යනකොට ගමට හෙන වසංගතයක් ආවා. ගොවිතැන් ඔක්කොම පාලු වෙලා ගියා . ගමේ උන්ට  කන්ඩත් නෑ. බොන්ඩත් නෑ. මේ නස්පැත්තිය අස්සේ  ඇබිත්ත මානෙලා  6 වැනි චෛත්‍යකුත් හදන්ඩ ප්ලෑන් එකක් ගහලා. අළුත පත් වුන පන්සලේ ලොකු හාමුදුරුවො මුගෙ වැඩ වලට කැමති නෑ. දෙපාරක් හිතුවෙ නෑ වැඩේට බකට් එක දැම්මා. ගමේ උනුත් වැඩේට එච්චර කැමති වුනේ නෑ. මෙච්චර චෛත්‍ය මොකටද වගේ කතා කඩ පිල් ගානේ කිය කියා ගියා.

ඇබිත්තයත්  ඇරියෙ නෑ,   මූ ගමේ  වැඩිහිටියෝ එක්ක  මීටින් එකක්  තිබ්බා . කඩපිල් ගානේ බැන බැන යන බැන බැන යන උන්ට ඕපන් ෆෝරම් එකේ කතා කරන්ඩ චාන්ස් එකක් දුන්න.  ”පන්සල අතු ගාන්ඩ ඉදලක් නෑ, වතුර නෑ, ටොයිලට් නෑ වගේ අඩු පාඩු ගොඩක් මිනිස්සු කීවා. ”රයිට්, එහෙනම් අපි 6 වැනි චෛත්‍ය අත්හි‍ටුවමු .  මූලික වැඩ ටික ඉස්සර වෙලා කරලා ඉමු” මෙන්න ඒ පාර මූ ධර්මයෙන්  ලොරි ටෝක් දෙනව .

මේ ගමේ හිටියේ පට්ට සාඩින් බයියෝ සෙට් එකක් . පන්සලේ පින් කැටේ තියෙන්නේ මූලික වැඩ කරන්ඩ තමා , තොට ඕනෙ ඕනේ විදියට චෛත්‍ය හදලා හොරා කන්ඩ නෙවේ” කියන කථාව කියන්ඩ එකෙන් නෑ. 6 වැනි චෛත්‍ය හදන එක කැන්සල් කරාද කියන ප්‍රශ්නය අහන්ඩ එකෙකුට පන නෑ .ඒ මදිවට බයියෝ කියනව, ”බලන්ඩ, අපෙ ඇබිත්ත මානෙල් පුතා කොච්චර හොදට ප්‍රශ්නය විසදුවවද , ගමට වාසනාවයි, කියලා

ඉතින් ඔය ආකාරයට ගමේ මිනිස්සු ඇබිත්තයාගෙ ලොරි ටෝක් අහලා උගේ හොඳ කිය කියා සතුටින් විසිර ගියා. ඇබිත්ත කොළුවා තමන්ගේ  කථා අහන බයියො ඔක්කොටම චීනයෙන් ගෙනාපු ගැජට් එකක් තෑගි විදියට දුන්න. මිනිස්සු දන් නැති වුනාට එකට වියදම් කලේත් පින් කැටේ සල්ලිම තමා.

ඇබිත්ත කොළුව දුන්න ගැජට් එකේ ෆොටෝ එකක් නම් හොයා ගන්ඩ බැරි වුනා. හැබැයි ඒක මේ ලගදී  හම්බන්තොට චන්ද දායකයන්ට බෙදන්ඩ නාමල් රාජපක්ෂ චීනයෙන්  ගෙනාපු ගැජමැටික්ස් වගේමයි. ඒ නිසා නාමල් බෙදපු ගැජමැටික් වල ෆොටෝ එකක් දැම්ම.

ඒ ෆොටො එක ගත්තේ කැළුම් ප්‍රියංකර ලියනගේ මහත්තයගේ මුහුණු පොතෙන්. ෆොටෝ දෙක අතර සමානකම මිසක් අපේ නාමල් මන්ත්‍රී තුමායි ඇබිත්ත කොළුවයි අතර වෙන කිසිම සම්බන්දයක් නෑ.