ගෝනි සෙල්ලම් කලාවක් නම් ‘ස’ පිකාසෝ-තවත් ගේමක් අතේ කෝට්

පසු ගිය දිනක, ISIS ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාවේ ආර්ථික මර්මස්ථානයකට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බව කියවෙන ලිපියක් අප වෙත ලැබුනි. එම ලිපියට පොලීසියේ හෝ හමුදාවේ කිසිදු සම්බන්ධයක් නොවීය. දැන් අප මේ කීමට යන්නේ එම ලිපියේ සැඟවුනු කථාවය.

ලිපිය නිකුත් කළේ රක්ෂණ සමාගමේ සිකුරුට්ටෙක්

පොලීසිය හෝ හමුදාව අයි.එස් ප්‍රහාරයක් ගැන හාංකවිසියක් දන්නේ නැත. එවැනි ලියුම් ගසාද නැත. අයි.එස් ප්‍රහාරයක් ගැන ලිපිය නිකුත් කර තිබුනේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සිකුරුට්ටෙක් විසිනි.නමුත් අයි.එස්  ප්‍රහාරය ගැන තමන් දැන ගත්තේ ”ආරක්ෂාව භාර ඉහලම නිලධාරියෙකුගෙන්” යයි සිකුරුට්ටා ප්‍රකාශ කර තිබුනි. අන්තංපුරයටත් ආරක්ෂකයන් සිටින නිසා සික්කා කියන්නේ එවැනි ප්‍රධානියෙක් ගැන විය හැක

සිකුරුට්ටා එවැනි ලිපියක් නිකුත් කළේ ඇයි?

සිකුරුට්ටා මෙම ලිපිය නිකුත් කරන්නේ කූට යටි අරමුණකිනි. මැතිවරණයක් ලග එන විට ” කොටි නැගිටිනවො” , අයි. එස් නැගිටිනවො ” නාටක පෙන්විම රාජපක්ෂලා අනිවාර්යෙන් කරන දෙයකි. මෙම   ලිපිය නිකුත් කළේ අයි.එස් නැගිටිනවො නාටකය කූට ලෙස සමාජ ගත කිරීමටය

ස’ ගේ ගෝලයන්ට ජාතික ආරක්ෂාව වුවද නැවිය හැක

මේ වන විට සෑම රාජ්‍ය ආයතනයකම ආරක්ෂක අංශය භාරව සිටින්නේ ගෝඨා වාදී පැන්ෂන් ගිය ආමි  නිලධාරීන්ය. ඒ නිසා ජාතික ආරක්ෂාව වුවද ඔවුන්ට ඔනෑ පරිදි නැවිය හැක. නඩුත් හාමුදුරුවන්ගේය, බඩුත් හාමුදුරුවන්ගේය. මෙම ලිපියට අත්සන් කළ සිකුරුට්ටා විශ්‍රාමික  ලුතිනන් කර්නල් කෙනෙකි. නමුත් විශ්‍රාමික යන වචනය භාවිත කොට නැත.මෙවැනි හතර බීරි කතාවක් කීවා කියා ඔහුට ගැටලුවක්ද නැත

මා‍ෆියා වෙබ් අඩවියෙන් ප්‍රවේසම් වන්න

රක්ෂණ සංස්ථාවේ සිකුරුට්ටා නිකුත් කළ හතර බීරි ලියුම ලංකාවේ ප්‍රධාන පෙලේ වෙබ් අඩවියක් ප්‍රමුඛ පුවත ලෙස පල කොට තිබුනි. බැසිල්ගේ කැම්පේන් එක බාරව කටයුතු කරන්නේද  මෙම වෙබ් අඩවියය. පසුගියදා අජිත් රෝහන ගැන අසත්‍ය පුවත් පල කොට බෙලරූස් වල අනාථ වී ඇති සිසුන් 850 කගේ කඳුලු කථාව යට ගැසුවේද මෙම වෙබ් අඩවියයි.

වෙබ් ගෝඩ් ෆාදර් නීචයා ස’ ගෙන් වැ‍ටුප් ලබයි

මෙහි ප්‍රධාන කතෘ ලෙස අයෙක් පෙනී සිටියද ඔහු රූපයක් පමනි. වෙබ් අඩවිය මෙහෙය වන්නේ වෙබ් ගෝඩ් ෆාදර් ( නීචයා) ලෙස විරුදාවලිය ලත් පුද්ගලයෙකි.ඔහු සමරිසි හිටපු ඇමතිකෙනෙකුගේ රහස්‍ය ලේකම් කෙනෙකි . පුදුමයකි , නමුත් සත්‍යකි , මොහු දැන්  රජතුමාගේ භාන්ඩාගරයෙන්ද වැ‍ටුප් ලබයි .දැන් රජතුමාගේ කව් බෝයි වැඩ වලට නිවුස් ගහන්නේ ඔහුය

ගෝනි සෙල්ලම් කලාවක් නම් අපේ රජතුමා එහි පිකාසෝය

මෙවැනි ව්‍යාජ පුවත් වලට කියන්නේ  spin propaganda යනුවෙනි. විකිපීඩියාවේ මෙම වචනය ටයිප් කොට වැඩි විස්තර සොයා බලන්න . ව්‍යාජ පුවත් මවා ජනතාවගේ ඇස් නිලංකාර කොට තමාට අවශ්‍ය  ඉලක්කය ගැනීම මෙහි ස්වරූපය වෙයි. ගෝනි සෙල්ලම් කලාවක් නම් අපේ රජතුමා එහි පිකාසෝය.මෙම රජතුමාගේ මුළු ජීවිතයම පිරී ඇත්තේ ගෝනි සෙල්ලම් වලිනි