මැදපෙරදිග ශ්‍රී ලංකිකයන් 5000 කට කොරෝනා,රට විරුවන් හිඟමනේ !

කටාර් රාජ්‍යයේ සිටින ශ‍්‍රී ලාංකිකයන් 1051 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව, කටාර් සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කරයි.ශ‍්‍රී ලංකා විදේශ සේවා කාර්ය්‍යංශ දත්ත අනුව, ශ‍්‍රී ලාංකිකයන් 140,000 ක් පමණ කටාර් රාජ්‍යයේ සේවය කරයි. ඔවුන්ගෙන් අති බහුතරය කම්කරුවන් හා ගෘහ සේවිකාවන් ය.

සෞදි අරාබිය පුරවැසි වර්ගය අනුව අනුව රෝගීන් වාර්තා කිරීම නවතා දමා ඇත. නිළ නොවන වාර්තා අනුව සෞදි අරාබිය තුල කොරෝනා වැළදුන ශ්‍රී ලංකිකයන් 2000 කට ආසන්න ගණනක් සිටියි. සෞදි ආරබියේ කොරෝනා රෝගීන් ගෙන් 75% විදේශ ශ්‍රමිකයන්ය

මැදපෙරදිග ලක්ෂ 7 ක ශ්‍රමිකයන් නීතියානුකූලව ‍‍රැකියා කරන අතර නීත්‍යානු කූල නොවන අයුරින් ලක්ෂයක් පමන ‍රැකියා කරයි. මැදපෙරදිග ශ්‍රී ලංකිකයන් සමාජ ජාල හරහා පිහි‍ටුවා ගෙන ඇති සංවිධාන වාර්තා කරන පරිදි මැදපෙරදිග පන්දහසකට වැඩි ශ්‍රී ලංකිකයන් පිරිසකට කොරෝනා වැලදී ඇත.

මේ වන විට මැදපෙරදිග බොහොමයක් ආයතන වල වැ‍ටුප් ගෙවීම අත් හි‍ටුවා ඇත.ඔවුන් කුස ගින්න නිවා ගන්නේ ඇති හැකි අයෙකුගෙන් ඉල්ලා ගනිමිනි. ( හිඟා නොකා හිඟා කමිනි).තානාපති කාර්යාල වලින් ඔවුන්ට අබ ඇටයක තරම් පිහිටක් නැත. රට විරුවන් පාරවල් වල සිඟමන් යදින තත්වයට පත්ව ඇත

විදේශ කටයුතු අමාත්‍යංශයන් සහ විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන්ද මැදපෙරදිග ශ්‍රමිකයන්ට අබ ඇටක තරම් පිහිටක් නැත.ශ්‍රමිකයෙකු විදේශ ගතවන විට රු 25000 පමන් අය කරයි.ශ්‍රමිකයන්ගේ මුදලින් රක්ෂණාවරණයකට යටත් කරයි. ශ්‍රමිකයකු යලි විදේශ ගත වීමෙදී රු 3400 ක් අයකරයි. නමුත් මැදපෙරදිග ශ්‍රී ලාංකිකයන්ට කිසිවෙකුගේ සරණක් නැත.

ශ්‍රමිකයන් විදේශ ගත වීමේදී අයකරන මුදලින් කරන්නේ , දේශපාලුවන්ට ප්‍රාඩෝ, බී.එම් ගැනීම සහ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන්ට පඩි ගෙවීම පමනක්ද කියා ඔවුන් ජනපති ගෝඨාභයගෙන් විමසා සිටියි.

මැදපෙරදිග ශ්‍රී ලංකිකයන්ගේ දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමට පහත ෆේස් බුක් පි‍ටුව හරහා සමබන්ද වන්න ( Copy paste this link )

https://www.facebook.com/ezmmedia/