”තව්වන්ට” එරෙහි සටනේ පිටපත කාගේද ?

සිරෙන් නිදහස්වූ ඥානසාර හිමි දුන් පලමු ”වොයිස් කට්”  එක අවිහිංසාවාදී එකක් විය

” දැන් ඇඟට හරි මහන්සියි, පන්සලට වෙලා බනක් භාවනාවක් කරගෙන ඉන්නවා” උන්වහන්සේ කීවේය

ඊට පසු දින ඥානසාර හිමි මවත් සමග ගොස් ජනපති සිරිසේන හමු විය. ජනපති හමුවීමෙන් පසු උන්වහන්සේ දුන් ‘වොයිස්කට්’ එක පලමු එකට වඩා වෙනස්ය. ”  සතියක් ඇතුලත අබ්දුල් රාසික් අත්අඩංගුවට ගත යුතුයි, මේ රටේ ආරක්ෂක අංශ මොනවද කරන්නේ පොල් ගානවද” ඉතා දැඩි ස්වරයෙන් උන් වහන්සේ විමසුවේය.

ඥානසාර හිමි ගෝටාගේ බුද්ධි අංශය පාවා දෙයිද ?

අබ්දුල් රාසික් යනු විශාලතම අනුගාමික  පිරිසක් සහිත තවුහිද් ජමාත් ව්‍යාපාරයේ නායකයාය. සහරාන්ද ඇතුලුව මරාගෙන මැරුණු බෝම්බ කරුවන්  අන්තවාදයේ අකුරු කලේ  අබ්දුල් රාසික් ගෙනි. බුදුන් මිනීමස් කෑවා කීවේ අබ්දුල් රාසික්ය. මොහොමඩ් හස්තූන් (ක‍ටුවාපිටිය බෝම්බකරු) සමග  පුලස්තිනී නැමති බාලවයස්කාර හින්දු දැරිය පැහැර ගත්තේ අබ්දුල් රාසික්ය. මරාගෙන මැරුණ 4 දෙනෙකුට ගෝටාගේ බුද්ධි අංශයෙන් පඩි ගෙවා ඇත. ඔවුන්ට පඩි ගෙවා ඇත්තේ අබ්දුල් රාසික්ගේ නිර්දේශ මතය. ඥානසාර හිමි කියූ කථාවේ වරදක් නැත. ඔහුව අත් අංගුවට ගෙන පරීක්ෂණ කිරීම සාධාරණය.

”තව්වෙකු”  සාම්ප්‍රදායික මුස්ලිම් පවුලක සිටීම ඔවුන්ට හිසරදකි

තව්හිද් ජාමාත් යනු සෞදි අන්තවාදයේ දේශීය බළල් අතකි. වහාබ්වාදයෙන් උමතු තව්හීද් ජාමාත් ව්‍යාපාරය  සාම්ප්‍රදායික ඉස්ලාම් ආගමට සහ අන්‍ය ආගමිකයන්ට එරෙහිය. සාම්ප්‍රදායික මුස්ලිම්වරු  මොවුන් හදුන්වන්නේ  ” තව්වන්” ලෙසිනි.  ”තව්වෙකු”  සාම්ප්‍රදායික මුස්ලිම් පවුලක සිටීම ඔවුන්ට පුදුමාකාර හිසරදකි. මක්නිසාදයත් වෘත්තියක් ලෙස ඔවුන් කරන්නේ සාම්ප්‍රදායික ඉස්ලාම් ධර්මය සහ අන්‍ය ආගම් හෙලාදැකීමය. ”තව්වන්ගේ ” දර්ශනය ශ්‍රී ලංකාව වැනි බහු ආගමික රටකට දැරිය නොහැක.තව්හිද් ජමාත් ව්‍යාපාරයට එරෙහිව අසාත් සාලි වැනි දේශපාලකයන් හඩ නගන්නේ  90 දශකයේ සිටය.

අධිකරණය සමග කරන දේශපාලන සූදුව 

ලබන මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ආබෲ විශ්‍රාම ගැනීමට නියමිතය. වර්තමාන අගවිනිසුරු ධූරය හොබවන්නේ ඔක්තෝබර්  කුමන්ත්‍රනය නීත්‍යානුකූලයයි කියු ජයන්ත ජයසූරියයි. දැන් මුළු  ශ්‍රේෂ්ඨාධිකරණයම පාහේ සිරිසේන පත් කල එකකි. ධූර කාලය ආරම්භ වන්නේ කවදාද  යන්නට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපනයක් ලබා ගැනීම සිරිසේනගේ මීළග තුරුම්පුව වන්නේය. බෝහෝ විට එය සිරිසේනට වාදිදායක තීන්දුවකි. ඒ අනුව ඔහුට 2020 ජූනි දක්වා ‍රැදී සිරීමට හැකි වනු ඇත. ඒ අනුව  මුලින් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් නොව පාර්ලීමෙන්තු මැතිවරණයකි.

මරා- සිරා රහස් සැලසුම

ඥානසාර හිමි වැඩට බැසීමත්  සමග  මහින්දගේ ඔඩොක්කුවේ වූ සිංහළ බෞද්ධ බලවේගය දෙකට බෙදීම නොවැලක්විය හැක. අනෙක් අතින් මෙවර ඥානසාර හිමි සටන් කරන්නේ උලමා සභාවට  එරෙහිව නොවේ, ගෝටා කිරි පෙවූ තව්හිද් ජමාත් ව්‍යාපාරයට එරෙහිවය . අසාත් සාලි වැනි මුස්ලිම් දේශපාලකයන් සිටින්නේ ඥානසාර සමගය.  සිරිසේනගේ සැලසුම පාර්ලීමේන්තු මැතිවරණය පලමුව කැදවා තම බලය පෙන්වා මහින්ද සමග  ගනුදෙණුවකට යාමය. අනතුරුව  මහින්ද සහ සිරිසේන යන දෙදෙනාටම තනතුරු හිමිවන ලෙස  ආන්ඩු ක්‍රමව්‍යවස්ථාව වෙනස් කල හැක. කාල්ටන් නිවසට  අභියෝගයක්ව ඇති ගෝටා නිෂ්ක්‍රීය කොට දැමිය හැක.

By- තුෂාරා වන්නිආරච්චි