චම්පික පි‍ටුපස බුද්ධි අංශ! සජිත් චම්පික පාවා දීලා

මේ වන විට සමගි ජන බලවේගය 3 කැඩී ඇත. සජිත්ගේ පක්ෂය පවතින්නේ යලි එක්සත් කළ හැකි තත්වයක නොව ඉදිරියේදී තව තවත් කල්ලි කන්ඩායම් වලට කැඩී යන තත්වයකය.

මේවන සජිත්ගේ පක්ෂය පැහැදිලිවම කෑලි 3කට කැඩී ගොස් ඇත

  1. සජිත්ගේ කල්ලිය
  2. තිස්ස අත්තනාය්කගේ කල්ලිය
  3. චම්පිකගේ කල්ලිය

මේ වන විට සජිත්ගේ දුක සැප විමසමින් ඔහු සමග සිටිනේ අතේ ඇඟිලි ගනනටත් අඩු සාමාජිකයන් පිරිසකි. සජිත්ට ගෝඨාගෙන් ලැබෙන සහාය නොවන්නට මේවන විට ඔහුගේ පාංශුකූලයද දී හමාරය.

තිස්ස අත්තනායක ක්‍රියාත්මක වන්නේ යටිබිම්ගත ස්වරූපයෙනි. තිස්ස කිසිවෙකුගේ කොන්ත්‍රාතුවක් ඉ‍ටුකරන බවට සැකයක් ඇති නිසා කිසිවෙකු ඔහු සමග එලිපිට ගණුදෙනු කිරීමෙන් වැලකී සිටියි.

සජබ පිලේ ප්‍රභලතම කන්ඩායම චම්පික විසින් මෙහෙයවයි.චම්පික වැඩ කරන්නේ දිගුකාලීන සැලසුමක් අතැතිවය. චම්පික එන්නේ මොකාටද යන්න බෑලූ බැල්මට හඳුනාගත නොහැක.ශිරාල්, මෛත්‍රී ගුණරත්න, නිෂාන්ත ශ්‍රී වර්ණසිංහ වැනි පුද්ගලයන් 2025 පොදු අපේකකයා ලෙස චම්පික ගෙන ඒමට සැලසුම් සකස් කරමින් සිටියි. එය ක්‍රියාත්මක වන්නේ ඇල් වතුරත් නිවා බොන ස්වරූපයෙනි

චම්පික පක්ෂයේ බලය ඇල්ලු බව වාර්තා වීමත් සමග ගෝඨාගේ තින්ක් ටෑන්ක් එක ඒ පිලිබදව විමසිල්ලෙන් පසුවෙයි. චම්පික පසුපස ලුහුබැඳීමට උපාය දූතයන් පවා පත් කොට ඇත. ගෝඨාභයට වඩා දේශපාලනයේ තෙම්පරාදු වී ඇති චම්පික එන ඕනෑම තත්වයකට මුහුණ දීමට බල ඇණි යොදවමින් සිටියි.

තලතා, සුජීව , නලීන් බන්ඩාර, රංජිත් මද්දුම බන්ඩාර ,අශෝක් වැනි අයවළුන් යන එන මං නැතිව අතර මං වී සිටියි. ඔවුන්ගෙන් කිහිප දෙනෙකු බැසිල් සරණ ගියද නෙළුම මාවතෙන් නිසි වටිනාකමක් නොලැබිම නිසා බලාපොරොත්තු සුන් වී ඇත.රන්ජන් , හරින් වැනි එදා වේල ගොබිලයන් නැව ගිලුනත් බෑන් චූන් මෙන් දන්නා ක්‍රීඩාව කරමින් දවස ගෙවමින් සිටියි.

සජිත් සමග එක් වූ සුළු ජාතික පක්ෂද ඇටි කෙහෙල් කෑ උගුඩුවන් බවට පත්ව ඇත. සජිත්ගේ පක්ෂය සමග එක් වූ රිෂාඩ් මේ වන විට අන්ත අසරන තත්වයට පත්ව ඇත. මේ වන විට සිය සහොදරයා අත් අඩංගුවේ පසුවන අතර කොතරම් ඇවිටිලි කළද සජිත් ඔහු ගැන වචනයක් කථා කොට නැත.

ගෝඨා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් වතු කම්කරුවන්ගේ වැ‍ටුප් වැඩි කිරීම ඇතුලු දහසක් පොරොන්දු ලබා දුනි. මේ දක්වා ඔවුන්ගේ සුභසාදනයට කිසිවක් ඉ‍ටු වී නැත. සජිත් ඒ පිළිබදවද මුනිවත රකිමින් සිටියි. මුස්ලිම් ජාතිකයන් ආදාහනය කිරීම ගැන සජිත් මුනිවත ‍රැකීම නිසා මුස්ලිම් පාර්ශව නොසතුටින් පසුවෙයි.

කොළඹ නගර සීමාවෙන් ෆොන්සේකාට ලබා දුන් ඉඩම යලි පවරා ගැනීමට කටයුතු යොදා ඇත. එම තීන්දුව ගත්තේ විජයග්‍රහණයේ සැමරුම පැවැත්වෙන දිනය. සජිත් ඒ පිළිබදව කෙල බිදක් නොහෙලීම ගැන ෆෝන්සේකා දැඩි කෝපයෙන් පසු වෙයි.

මැතිවරණය පැවැත්විය හැකි බව පසුගිය දා සෞඛය අධ්‍යක්ෂක ජෙනරාල් ප්‍රකාශ කළේය. මැතිවරණය නුදුරේම පවත්වන බව අද ( 25 ) මැකෝද නිවේදනය කොට ඇත.නමුත් ඒ ගැන අවසන් තීන්දුව ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් වල තීන්දුවෙන් පසු කරන බව මැකෝ කියා ඇත.

පක්ෂ අභ්‍යන්තර අර්බුධ නිසා සජිත් මුල සිටම මැතිවරණයට බිය විය. නමුත් දැන් මැතිවරණය පැවැත්වීමට සූදානම් බව මැකො කියා ඇත. බැසිල්ගේ වෙබ් අඩවිය ( ලංකා සී නිවුස් ) ඡන්දයට බියේ සිටින සජිත්ගේ තත්වය වාර්තා කොට ඇත්තේ ” ඇද ගෙන ගොස් බල්ලන් නෑවීම් අරඹයි” යන ශීර්ෂයෙනි.