සජිත්ගේ පක්ෂය විකුනයි, මිල කෝටි 20

පසුගිය මාර්තු මාසයේ පිටකෝට්ටේ අභිනවයෙන් විවෘත්ත කල සජබ කාර්යාලය විකිනීමට ඇඩ් කොට ඇත. මිල කෝටි 20 කි.සජිත් එජාපය කඩාගෙන යාමට හේමා ප්‍රේමදාස දැඩිව විරුද්ධ විය.සජිත් පක්ෂ කාර්යාලය විවෘත්ත කිරීමේ පලමු ඇරයුම පත දුන්නේ හේමාටය . එහිදී ඇති වූ කලබගෑනිය අප මිට පෙර වාර්තා කළෙමු.

” උඹ දැන ගනින් මම හේමා ප්‍රේමදාස , උඹට ඔතැනට ගෙනියන්ඩ වෙන්නේ හේමගේ මිනිය” කෝපාවිෂ්ඨ වූ හේමා ප්‍රතිචාර දැක්වූයේ එලෙසිනි.සිය මෑනියන්ගේ ආශිර්වාදය නොලැබීම , මෙතරම් ඉක්මනින් නව පක්ෂ කාර්යාලය වසා දැමිමට හේතු විය.

සජිත් දැන් සිය කැම්පෙන් ඔ‍ෆිස් එක ලෙස භාවිතා කරන්නේ විපක්ෂ නායක නිල කාර්යාලයය.සජබ කාර්යාලය වසා දමා පක්ෂ කැම්පේන් ඔ‍ෆිස් එක ලෙස විපක්ෂ නායක කාර්යාලය භාවිත කිරීම නීති විරෝධී කටයුත්තකි.

මහජන මුදලින් බැකප් රථ 4ක් , අළුත්ම බෙන්ස් එකක් , කොළඹ 7න් AC කරපු බිල්ඩින් එකක් මැතිවරණ කටයුතු වලට භාවිතා කිරීම හෙනගහන අපරාධයකි.වැරදි පූර්වාදර්ශයකි .මහජන දේපල අවභාවිතා කිරීමට රජයේ පාර්ශවයට දුන් බල පත්‍රයකි.

විශේෂ කැබිනට අනුමැතියකින් සජිත්ට ඒවා ලබා දුන්නද මේවට වැය කරන්නෙ රාජපක්ෂ බූදලයෙන් නොවේ.අහිංසක මිනිස්සු කිරි පැකට් එකේ සිට මිනී පෙට්ටියෙ ඇණය දක්වා ගෙවන බදු මුදල්ය.