සජිත් වස බොන ගැට්ටේ, එජාපයට යලි එක්වන වැල ඕපන් !

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සදහා, සමගි ජන බලවේගයෙන් නාමයෝජනා ලබා දී තිබුණද, නැවත එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට සූදානම් අයවළුන් සම්බන්ධයෙන් නීතිමය කි‍්‍රයාමාර්ග නොගන්න ලෙස, එජාප නායක රනිල් වික‍්‍රමසිංහ , එජාප නීති අංශයට උපදෙස් ලබා දී ඇත.

දේශපාලනයේ නිරත කිසිවෙකුගේ අනාගත ජීවිතය අඳුරු කිරීම යහපත් පුරවැසියෙකු විසින් නොකළ යුතු බව රනිල් පවසා ඇත .රනිල්ගේ ප්‍රකාශයට ඉහල ප්‍රතිචාරයක් දක්වා ඇති සජබ පිලේ සාමාජිකයන් වෙනත් පක්ෂයකින් නාම යෝජනා දුන්නද තමන් එජාපය හැර නොයන බව සහතික වී ඇත.

දැනට තුනට කැඩී ඇති සජබ පිලේ මත්‍රීන් විශාල පිරිසක් එජාපයට එක් වීමට කැමැත්ත ප්‍රකාශ කොට ඇත.නමුත් අභ්‍යන්තර අර්බුදය මාධ්‍යට හෙලිදරව් වුවහොත් ඔවුන්ට සිදුවන හානිය සලකා අර්බුදය මාධ්‍යයට වසන් කොට ඇත.. මැතිවරණය අවසන් වූ පලමු හෝරාවේදීම සජබ පිල සුන්බුන් ගොඩක් විමට නියමිතය.