ඌ වලව්වේ මුර බල්ලා, සතා උසි ගැන්වුවේ හාම් පුතා!

ලංකාවේ දළ වශයෙන් ඩොලර් බිලියන 12 වෙළද හියක් ඇත. එය පියවා ගැනීමට බිලියන 8 ක් සොයා දුන්නේ විදේශ ශ්‍රමිකයන්ය.

වසරකට ලංකාවේ උසස් පෙල හමාර කළ  ලක්ෂ 3ක් ‍රැකියා වෙළද පොලට එක් වෙයි. රජය සහ පෞද්ගලික අංශ වසරකට ‍රැකියා සපයන්නේ විසි දහසකට පමනි.

දෙලක්ෂ හැට දහසක් පමන සෑම වර්ශයකම ‍රැකියා සදහා විදේශ ගත වෙයි. ඔවුන්ගෙන් අති බහුතරයක් යන්නේ මැදපෙරදිගටය.මෙසිරි ලංකාවේ බහුතරය ‍රැකියා සොයා ගන්නේ අරාබි රටවල පිහිටිනි.රජය කරන බිජ්ජක් නැත

අසරණයන් විදේශ ‍රැකියාවකට යාමට ගෙවල් දොරවල් පවා උගස් කරයි. රජය කරන්නේ එසේ විදේශ ගත වන ශ්‍රමිකයන්ගෙන් රු 25000 ක කප්පමක් ගැනීමය. විදේශ ශ්‍රමිකයන්ගේ  සුභ සාදනයට අබමල් රේනුවක  දෙයක් නොකරන රජය ඔවුන් සූරා කෑමට දහසක් දේ කරයි

ලංකා රජය මෙම අසරණයන් වෙනුවෙන් කල යුතුව තිබුනේ කඩදාසියක් ( one way පාස් පොර්ට් එකක්) දීම පමනි. කුවේට් වලින් බෝම්බයක් එව්වා කියා මහින්දානන්ද කී කථාව විදේශ ශ්‍රමිකයන්ට රජය කරන කෙනෙහිලි වලට හොද උදාහරණයන්ය.මහින්දානන්ද යනු ගෝඨා රෙජීමයේ  මුර බල්ලෙකි. ඌ උසි ගැන්වූයේ හාම්පුතා මිස අනෙකෙකු නොවේ.

කුවේට් වලින් සිය ගනනක් කොරෝන රෝගීන් පැමිනි බව රජය කීවද කුවෙට් වල සිට පැමිනි ග්‍රමිකයන් කියන්නේ එය බොරුවක් බවය. මැදපෙරදිග ශ්‍රමිකයන්  මව්බිමට පැමිනීමට බලාපොරොත්තු වන්නේ කොරෝනා වැලදීම නිසා නොව ‍රැකියා අහිමි වීම නිසාය. රජය මේ කරන්නේ ගුණමකු, තුච්ඡ ,නින්දිත, තිරිසන් වැඩකි

අතීතයේ හරකා මෙරට ජීවනාලිය විය. ප්‍රවාහනය , කෘෂිකර්මය , කිරි ලැබුනේ උගෙනි. ගෙහිමියාගේ අතමිට හිඟ වුනා කියා කිසි දිනක හරකා මස් කඩයට විකුනුවේ නැත. දුවගේ මගුල ගැනීමට හරකා  මස් කළේ නැත. දශක 3ක්  පුරා  ලංකාවේ ජීවනාලිය මැදපෙරදිග ශ්‍රමිකයන්ය. ගෝඨා  මැතිවරණ නම්  මගුල කෑමට විදේශ ශ්‍රමිකයන් මස් කරමින් සිටියි