රනිල් – මංගල- මාරපන ඇමෙරිකන් කොන්ත්‍රාත්තුව ඉ‍ටු කරයිද ?

ශ්‍රී ලංකාවේ සුවිශේෂ භූ පිහිටීම නිසා එය ඉන්දියන් සාගරයේ මර්මස්ථානයකි .මේ වන විට ඇමෙරිකාව චීනය ඉන්දීයාව ඇතුළු ලෝක බලවතුන් මෙහි විවිධ ආකාරයේ බල ව්‍යපෘතීන්හි නියලෙන බව නොරහසකි. ” එක් මාවතක් – එක් තීරයක්”  චීන ව්‍යාපෘතියේ තීරනාත්මක මං සංධියක් වන්නේ ශ්‍රී ලංකාවය .කරුණු කෙසේ වුවද අදූරදර්ශි විදෙස් ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකාව විදෙස් බලවතුන්ගේ පොර පිටියක්ව ඇත්තේය

ඉන්දියන් සාගරයේ බල අරගලය

දකුනු ආසියාවේ ජනගහනය සහ ඒ බැදුනු වෙළද පොල සුළුප‍ටු නොවේ . අපේ කලාපයේ සිදුවන ආර්ථික වර්ධනය හමුවේ බටහිර රටවලට ඇත්තේ චකිතයකි. ” එක් මාවතක් – එක් තීරයක්”  චීන ව්‍යාපෘතිය ඔස්සේ ආසියානු රටවල් අතර මිත්‍රත්වය වෙළදාම, යටිතල පහසුකම්, තාක්ෂණය  ආදී කටයුතු වැඩිදියුණු වන්නේය. එහෙයින් ඇමෙරිකාව ජපානය සහ ඉන්දියාව චීන ව්‍යපෘතියට විකල්ප සැලසුමක් ඉදිරිපත් කොට ඇත .ආසියානු -අප්‍රිකා විශේෂ ආර්ථික කලාපය ලෙස එය නම් කර ඇත .ඊට සමගාමීව කලාපයේ බලය තහවුරු කරගැනීමට  ත්‍රි මලේ NATO කදවුරක් පිහිටුවීම  බටහිරයන්ගේ තවත් සැලසුමකි.

පාස්කු ප්‍රහාරය  අරාබි  වසන්තයේ දිගුවක්ද

එක්සත් ජනපදය බොහෝමයක් රටවල් සිය අනසකට යටත් කර ගැනීමට යොදාගන්නා උපක්‍රමය වන්නේ  රටක් අනාරක්ෂිත තත්ත්වයට පත් කර එම රටේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීමය. ආරක්ෂාවට සහය වීම යැයි පවසමින් තම කඳවුරු බැඳ ගැනීමය. පාස්කු ප්‍රහාරය හුදකලා සිදුවීමක් නොව ඒ පි‍ටුපස බිහිසුනු විදේශ කුමන්ත්‍රනයක් වූ බව දැන් හෙලිදරව් වී ඇත. පාස්කු ප්‍රහාරයෙන් පසුව ඇමෙරිකානු තානාපති ඇලයිනා ටෙප්ලීට්ස් රටේ අභ්‍යන්තර කටයුතු වලට කරන බලපෑම අනුව පෙනී යන්නේ ප්‍රහාරය පි‍ටුපස ඔවුන්ගේ කුමක් හෝ සම්බන්ධයක් ඇති බව නොවේද ?

ඇමෙරිකන් තානාපති මහනායක හිමිවරුන් හමු වූයෙ ඇයි?

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතනිය ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය 2019 මැයි මස 23 දින  මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක හිමියන් මුන ගැසුණාය . මෙහිදී ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය හා මල්වතු මහ නා හිමියන් අතර ඇතිවු සංවාදය මෙසේය.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය – එක්සත් ජනපදය ඉන්දු – පැසිෆික් කලාපයේ ගිවිසුම් ගණනාවකට එළැඹ තිබෙනවා. ඒ තුළින් සහයෝගිතාව ගොඩනැංවිම ඇතුළු කරුණු ගණනාවක් ඉලක්ක කොට තියෙනව. නමුත් මේ ගිවිසුම් තුළින් රටවල සෛවරීත්වය කිසිදු බලපෑමක් එල්ලවන්නේ නැහැ.

මල්වතු මහ නා හිමි – “දැන් ඒ ගිවිසුම අස්සන් කරලද තියෙන්නේ?

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය – “අපි දැන් සලකා බලන්නේ හමුදා පැමිණිමේ ගිවිසුම සම්බන්ධව. ඒ සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කරමින් පවතිනවා.හමුදා පැමිණිමේ ගිවිසුම පරිපාලන සහ කාර්ය සම්පාදනයන් පිළිබදවු ගිවිසුමක් තවමත් ඒ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ නැහැ. මේ ගිවිසුම තුළින් දෙරට අතර හමුදා පුහුණුව සහ සහයෝගිතා කරුණු ඇතුලත් වනව.

මල්වතු මහ නා හිමි – “අපේ හමුදාව ඕකට කැමති නෑ නේද ?

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය – “හමුදාවන් පැමිණිමේ ගිවිසුම ගැන ශ්‍රී ලංකාවේ හමුදාව සහ රජය සමග සාකච්ඡා කර තිබෙනවා. අදට පවතින්නේ 1995 දී අස්සන් කළ ගිවිසුමක්. එය පැරණි ගිවිසුමක් යාවත්කාලීන කළ යුතුයි.ඒ නිසයි අපි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකරන්නේ. මම හිතන්නේ ගැටලු සහගත තත්ත්වයන් පිළිබදව සාකච්ඡා කළ යුතුයි එවිට දෙපාර්ශවයට නිසි අවබෝධයකින් කටයුතු කළ හැකිවනවා. මම දන්නවා මාධ්‍ය තුළින් ගිවිසුම පිලිබදව ආන්දෝලනයක් ඇති කලා. අපේ පරමාර්ථය විනිවිද භාවයෙන් දෙරට අතර කටයුතු කිරිම.

මල්වතු මහ නා හිමි – “සාමාන්‍ය ජනතාව මේවා ගැන දැනගන්න එපැයි? මාධය කළේ ඒ දෙයයි!

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය – “අපි තවම මෙය අවසන් කර නැහැ. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වනවා. එය අවසන් වු පසු අපි ප්‍රසිද්ධ කරනවා.අනෙක් රටවල් සමගද එක්සත් ජනපදය මෙවැනි ගිවිසුම් රැසකට එළඹ තිබෙනවා. ඒ සියල්ලම අපි ප්‍රසිද්ධ කර තිබෙන්නේ.

ඇමෙරිකානු තානාපතිනිය සාකච්ඡා කල කරුණු එසේ වුවද ඇයගේ ‍ටුවිටර් ගිනුම හරහා ඇය කියුවේ වෙනත් කථාවකි. එහි කියා ඇත්තේ සංහිදියාව ගැන කථා කිරීමට මහ නායක හිමිවරු බැහැදු‍ටු බවය

By- තුෂාරා වන්නිආරච්චි