එජාප සාමාජිකයන්ගෙන් 99% ඉන්නෙ අපි සමග- රංජිත්

එක්සත් ජාතික පක්ෂය අද බෝඩ් ලෑල්ලකට සීමා වී ඇතැයිද , එජාප පාක්ෂිකයන්ගෙන් 99% ක් සමගි ජන බලවේගය වටා රොක් වීඇතැයිද කියා රන්ජිත් මද්දුම බණ්ඩාර නිවේදනයක් නිකුත් කර ඇත. තවද එජාපය නියෝජනය කරන මන්ත්‍රීන් 80 ක් පමන සමගි බලවේගය සමග එක් වීමට නියමිත් බව එම නිවේදනයේ දක්වා ඇත.

89 මැතිවරණයේදී මෙවැනි කථාවක් අසන්නට ලැබුනි. අත්තිවාරමේ සිට රට ගොඩ නැගීම සිරිමාවෝගේ සටන් පාඨය විය. ඇය යන සෑම වේදිකාවකම මෙය කීවාය. මේ අතර කා‍ටුන් ශිල්පී යූනුස් අපූරු කා‍ටුන් එකක් ඇන්දේය. ”මම අත්තිවාරමේ සිට රට ගොඩනගනවා” කියා සිරිමාවො එකතරා වේදිකාවක බෙරිහන් දෙයි. වේදිකාව අසල සිටින මිනිසෙක් ” හිටගෙනද” කියා ප්‍රශ්න කරයි.

පාක්ෂිකයන් 99% සමගි ජන බලවේගය සමග යයි රංජිත් මන්දුම බන්ඩා කියන කථාවට , පෙරලා අපට ඇසීමට ඇත්තේද ” හිටගෙනද ” කියා පමනි.

තවද, එජාපය ආණ්ඩුව සමග ඩීල් දමන බව රංජිත් මද්දුම බන්ඩා කියා ඇත. එය අමූලික බොරුවකි. අතේ රෝලකි.සිය බංකොලොත් භාවය වසා ගැනිමට කළ ලන්සි පැපොල් ප්‍රකාශයකි. රංජිත් බන්ඩාගේ ප්‍රකාශය ඔප්පු කිරීමට සාක්ෂි ඉදිරිපත් කරන ලෙස අප අභියෝග කරමු.

නමුත් සජිත් ආණ්ඩුව සමග ඩීල් දමන බව පැහැදිලි සාක්ෂි අප සතුව ඇත.සජිත් පිට කෝට්ටේ විවෘත කළ පක්ෂ කාර්යාලය මේ වන විට වසා දමා ඇත. එය රු කෝටි 20 කට විකිනීමට ඉක්මන් ඩොට්.lk වෙබ් අඩවියේ දැන්වීමක් පවා පල කොට ඇත.

පක්ෂ කාර්යාලය වසා දැමූ සජිත් සිය කැම්පේන් එක සදහා විපක්ෂ නායක කාර්යාලය භාවිතා කරයි.බෙන්ස් රථයක් ඇතුලු සුපිරි වාහන 2ක්, බැකප් රථ 4ක් , ආරක්ෂක සේනාවක්, ඉන්ධන , කොලඹ හතෙන් ඒ.සී කල ගොඩනැගිල්ලක් පාර්ලීමේන්තුව විසිරවූ පසුත් සජිත් සිය පෞද්ගලික කටයුතු සදහා සදහා භාවිතා කරයි.

මෙය පාර්ලීමේන්තු ස්ථාවර නියෝග උල්ලඝනය කිරීමකි. මහජන දේපල අවභාවිත කිරීමකි. නරක පූර්වාදර්ශයකි. ඩීල් කියන්නේ මේවාටය.