සජිත් කුවේට් තානපතිට උපදෙස් දීමට යයි, අසරණයන් කබලින් ලිපට !

කුවේට් වල අනවසරයෙන් ‍රැදී සිටින අයට රටින් පිටවී යාම සදහා ලබා දී තිබූ පොදු සමා කාලය මැයි 23 දිනෙන් අවසන් විය . ලංකාවේ විපක්ෂ නායකයේ නින්දෙන් අවදි වූයේ මැයි 27 ය. අද දින සජිත් තකහනියේ කුවේට් තානාපති හමුවීමට ගොස් ඇත. ඒ පිළිබදව සජිත් සිය මුහුණු පොතේද සටහනක් යොද ඇත.

Facebook සටහන පහත පරිදිය.

”සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් අද (27) සිදුවිය.මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් කුවේටයේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විශාල පිරිසක් අසරණව සිටින අතර ඔවුන් වෙනුවෙන් අවශ්‍ය සහන සැලසීම සහ ඔවුන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා කුවේට් තානාපතිවරයාගේ අවධානය යොමු කරනු ලැබීය.”

කළ යුතුව තිබුනේ කුවේට් තානාපතිවරයාට උපදෙස් දීම නොව ඔහුට ස්තූති කිරීමය

සජිත් මේ කියන්නේ හතර බීරි කථාවකි. නීති විරෝධීව ‍රැදි සිටි සියලුම ශ්‍රී ලාංකිකයන්ට පොදු සමාවක් දුන්නේ කුවේට් රජ්‍යයයි. මව්බිම බලා යාමට ගුවන්යානා දුන්නේ කුවේට් රාජ්‍යයයි. මෙවන් තත්වයක් තුල සජිත් ප්‍රේමදාස කොළඹ සිටින කුවේට් තානාපතිවරයා හමුවීමට ගොස් ඔහුට උපදේස් දිම ‘කැටස්ට්‍රොපියකි’. තවත් අතෙකින් අසරණ වී ඇති කුවේට් ශ්‍රමිකයන් කබලෙන් ලිපට දැමීමකි. සජිත් කළ යුතුව තිබුනේ කුවේට් තානාපතිවරයාට උපදෙස් දීම නොව ඔහුට ස්තූති කිරීමය

ශ්‍රමිකයන්ට කොරෝනා බෝ කළ තානාපති රස්තියාදුව

ශ්‍රමිකයන් වෙනුවෙන් ලක් රජයට ලොකු දෙයක් කල යුතුව තිබුනේ නැත. රජය මුල සිටම මැදපෙරදිග ගැටලුව කර ඇරියේය.මෙරට රජය කළ යුතුව තිබුනේ passport අස්ථාන ගතවූ ශ්‍රමිකයන්ට කඩදාසියක් ( වන් වේ පාස් පොර්ට් එකක් ) නිකුත් කිරීම පමනි. රජය එම කඩදාසිය නිකුත් කරනවා වෙනුවට ශ්‍රමිකයන් මාස ගනන් රස්තියාදු කරවූයේය. ඔවුන්ට කොරෝනා වැලදුනේ එම රස්තියාදුව අතර තුරය. ශ්‍රමිකයන් සිය ගනනකට කොරෝනා වැලදී ඇත්නම් එහි සම්පූර්ණ වගකීම මෙරට රජය බාර ගත යුතුය.

සජිත් ගෝඨා හමුවීමට ඇපොයින්ට්මන්ට් එකක් ගැනීමට දිවා රෑ වෙහෙසෙයි

කුවේට් ශ්‍රමිකයන්ගේ කඳුලු කථාවට වගකිව යුත්තේ කුවේට් රජය නොව ලංකාවේ රජයයි. සජිත් සැබැවින්ම යා යුත්තේ කුවේට් තානාපති හමුවීමට නොව මෙරට ජනපති, අගමැති හෝ විදේශ ඇමති හමුවීමටය. පසුගිය දිනවල සජිත් ගෝඨා හමුවීමට ඇපොයින්ට්මන්ට් එකක් ගැනීමට දිවා රෑ වෙහෙසී ඇත. මෙරට ජනපති සහ අගමැති , සජිත් පඩයක් තරම් ගනන් නොගනියි. කෙසේ වුවද සජිත් ගෝඨා හමුවීමට දගලන්නේ කුවේට් අසරණයන් ගැන හඬ නැගීමට නොව කඩා වැටී ඇති තම ප්‍රතිරූපය ගොඩදා ගැනීමටය.

සජිත් වැඩ කරන්නේ කළුවා මාරපන් ගියා වගේය

කුවේට් පොදු සමාකාලයේ අවසන් දින කිහිපය ගත වන විට නින්දෙන් අවධිවූවෙකු ලෙස වැඩ කිරීම හරසුන්ය , අවස්තාවාදී වැඩකි.සජිත්ට කුවේට් ශ්‍රමිකයන් ගැන අවංක කැක්කුමක් ඇත්නම් කල යුතු බොහෝ දේ ඇත.

  1. කුවේට් රටේ අසරණ වි ඇති ශ්‍රමිකයන් පිළිබද නිවරදි දත්ත එකතු කළ හැක.
  2. එම දත්ත ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය බලධාරීන්ට ඉදිරිපත් කොට ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට සැලසුම් සකස් කළ හැක
  3. කුවේට් රටේ ශ්‍රමිකයන්ගේ කඳුලු කථාව ගනන් ඉලක්කම් සමග ජනමාධ්‍ය මගින් හෙළිදරව් කළ හැක
  4. ශ්‍රමිකයන්ට කොරෝනා වැලදීම පිලිබදව තානාපතිවරයාට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළ හැක (Disobeying to Establishment code )
  5. අනෙක් රටවල ශ්‍රමිකයන් ඉවත් කරගෙන ඇති ආකාරය සහ ඒ පිළිබද දත්ත

ලෝකල් විහිළු සැපයූ සජිත් රාජතාන්ත්‍රික විහිලු සපයයි

වත්මන් රජයේ ජනපති, අගමැති තියා රජ්‍ය ඇමති කෙනෙකුවත් සජිත්ට ඇපොන්ට්මන්ට් දී කාලය කා දැමීමට අකමැතිය. සජිත් කුවේට් තානාපති වරයා හමුවට ගොස් ඇත්තේ එනිසා විය යුතුය. කුවේට් තානාපතිවරයාද සජිත් නියපොත්තෙන් උඩට ගත් බවක් දැක්නට නොලැබුනි. ඔහු සජිත් සමග චායා රූප වලට පවා පෙනී සිටියේ ටී ෂර්ට් එකකිනි. එදා මෙදා තුර ලෝකල් විහිළු සැපයූ සජිත් දැන් ජාත්‍යන්තරයට ගොස් ඇති සෙයකි.